තත්වයන් වෙනස් වේවි.. තවත් සීමා පනවාවි..- නාමල් වැලිකඩට යන ගමන්..


 බන්ධනාගාරයේ සිට අද දිනයේ පැමිණි පාර්ලිමේන්තුව ඇමතු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ආපසු බන්ධනාගාරයට යාමට පෙරාතුව තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත. 

----

අද මම නැවතත් පාර්ලිමේන්තුවට පැමිණ, වසර දෙකක් පුරා වත්මන් ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු සහ සැබෑවටම ජනතාවට සිදු වී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වුවෙමි.

වසර දෙකක් පුරා ආර්ථික සහන, සංවර්ධනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ ජනතාවට ලබාදෙන සහයෝගය පිළිබඳව විවිධ ප්‍රකාශ අප අසා ඇත.

නමුත් එම කතා සහ මාධ්‍ය සිරස්තලවලින් ඔබ්බට, සැබෑවටම ජනතාව අතර සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

ගොවියා තවමත් ඉහළ යන නිෂ්පාදන වියදම් සහ අඩු ආදායම් හමුවේ අසරණ වී සිටී.පවුල් රැසක් තවමත් ජීවන වියදම දරාගැනීමට අරගල කරමින් සිටින අතර තවමත් ජල හිඟයට මුහුණ දෙමින් සිටී.රෝගීන් තවමත් අත්‍යවශ්‍ය ඖෂධ සොයාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටී.

පොරොන්දුවක් යනු  වචන පමණක් නොවේ. නිවේදනයක් යනු හුදෙක් ක්‍රියාවක්  නොවේ. මුල් ගලක් තැබීම යනු සංවර්ධනයක් නොවේ.

ජනතාව පොරොන්දු වූ වෙනස එනතුරු බලා සිටින අතරතුර, සැලසුම් ජයග්‍රහණ ලෙස ඉදිරිපත් කිරීම තවදුරටත් රජයට සිදු කළ නොහැක.

මා මෙම කරුණු පාර්ලිමේන්තුවේදී මතු කළේ ජනතාවට තවත් කතාවක් නොව, පිළිතුරු අවශ්‍ය නිසාය. ඒ වෙනුවෙන් මම ඉදිරියටත් හඬ නඟමි.

පවතින තත්ත්වයන් වෙනස් විය හැකිය. සීමා පැනවිය හැකිය. නමුත් මා තෝරා පත්කළ ජනතාව වෙනුවෙන් මා සතු වගකීම කිසිදා වෙනස් නොවේ.

මම ඉදිරියටත් කතා කරමි.  ඉදිරියටත් ප්‍රශ්න කරමි.  ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිමි.

මන්ද, දේශපාලනික පීඩනයට රටේ සැබෑ තත්ත්වය වෙනස් කළ නොහැකි බැවිනි. එසේම, ජනතාව වෙනුවෙන් මා තුළ ඇති කැපවීමද කිසිඳු පීඩනයකට වෙනස් කළ නොහැක.

මාගේ කතා කාලය ඔවුනට සීමා කළ හැක.

නමුත් මා පෙනී සිටින සත්‍ය තීරණය කිරීමට ඔවුන්ට කිසිදා නොහැක.





MP Namal Rajapaksa Addresses Current Issues in Parliament After Two-Year Absence

MP Namal Rajapaksa made a significant return to Parliament today, following a two-year hiatus marked by political turbulence. In a candid social media post prior to his arrival, he shared his insights on the promises made by the current government and the stark realities faced by the public.

Rajapaksa articulated the ongoing challenges posed by the government's economic relief measures, development initiatives, agriculture policies, healthcare services, and support extended to the populace over the past two years.

However, he questioned the efficacy of these narratives presented in political discourse and media, urging a deeper examination of what is genuinely taking place among the citizens.

Many farmers continue to struggle against rising production costs amidst dwindling revenues. Numerous families are still grappling with the burdens of high living expenses and water shortages. Additionally, patients face ongoing difficulties in accessing essential medications.

"A promise is not merely a string of words; a statement is not just an act. Laying the foundation does not equate to actual development," he emphasized.

While the public waits for the promised transformation, Rajapaksa cautioned that presenting plans as successes is misleading and can no longer be accepted by the government.

His remarks in Parliament were driven by a genuine need for answers, rather than mere rhetoric. He committed to continuing his advocacy and raising pertinent questions on behalf of the people.

Rajapaksa asserted that while the prevailing conditions may change and limits may be imposed, his responsibility to the constituents who elected him remains unwavering.

"I will continue to speak out, to question, and to stand firm for the people," he declared, underscoring that political pressure cannot alter the country’s harsh realities. Furthermore, his dedication to serving the public will not waver under any duress.

Though there may be attempts to stifle his voice, the truth he seeks to uphold remains beyond their control.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. පතිරණ ගලප්පත්තිSeptember 8, 2026 at 8:10 PM

    පදනමක් නොමැතිව නිර්මාණය කරණ ලද චෝදනා මත, අත් අඩංගුවට ගැනීම අපි කිසි සේත් අනුමත නොකරන්නෙමු. වේදිකාවල කිවූ ගල් කෙප්ප එකක් වත් වෙනුවට නිමල් පෙරේරේක් ගේ වෙනත් කෙප්පයක් මත පදනම්ව නාමල් ව සිරගත කිරීම උන්මන්තක වැඩක් බව වගකීමෙන් ප්‍රසිද්ධියේ පවසන්නෙමු.

    ReplyDelete
    Replies
    1. නාමල්ට ලකුණු දාගන්න දීපු අවස්ථාවක් ?

      Delete
    2. ranilge anduwen dapu naduwak

      Delete
    3. පතිරණ ගලප්පත්තිSeptember 8, 2026 at 8:44 PM

      නාමල්ට එරෙහිව නඩුව දැම්මේ මේ අණ්ඩුවෙන්, ඊයෙ පෙරේදා. කපිල චන්ද්‍රසේනව අත් අඩංගුවට ගත්තේ ගෝඨා, 2020 පෙබරවාරි 6 තමයි ඔහුව මුලින්ම අත් අඩංගුවට ගත්තේ. නමුත් 2015 සිට පරීක්ෂණ කෙරුණා, එම පරීක්ෂණ ආරම්භ කලේ රනිල් ගේ ආණ්ඩුවෙන්.

      මෙමඟින් නාමල්ගේ ඡන්ද කඩන්ඩ බෑ. ඕනෑ ගොනෙකුට තේරෙනවා මේක මේ මහ දවල් ගල් කෙප්පයක් කියලා. පාස්කු ප්‍රහාරයේ අනික.

      Delete
    4. පතිරණ ගලප්පත්ති කියන නූගත් ගොනා 2029 ජනපතිගෙන් සමාව ගැනීමේ ප්‍රයත්නයක්. කුමාර හරක් කොටාට කඩේ ගොහින් දැන් නාමල්ට කඩේ යනව

      Delete
    5. මට පේන්නේ පතිරණ ගලප්පත්තිලා දෙතුන් දෙනෙක් ඉන්නවා, එකෙක් ජනාධිපතියට කඩේ, අනිකා නාමල්ට කඩේ, තව එකෙක් ඉන්නවා රනිල්ට කඩේ.

      Delete
    6. පතිරණ ගලප්පත්තිSeptember 8, 2026 at 10:44 PM

      කවුද බූරුවෝ කිව්වේ 2029 නාමල් ජනාධිපති කරන්ඩ ඕනෑ කියලා..? නාමල් ව අල්ලලා හිරේට දාපු එක වැරදියි පදනමක් නැති චෝදනාවලට කියලා විතරයි කිව්වේ. නාමලයා නියෝජ්‍ය ඇමති කමකටවත් සුදුසු නෑ, ඔය යකා හොරට එල්.එල්.බී. ලියලා නීතීඥයෙක් වුණ හාදයෙක්, අන්න ඒකටවත් හිරේට දැම්ම නම් තව කමක් නෑ, මේ කොහෙවත් යන බොරු වලට හිරේ දාන එක වැරදියි කියලා විතරයි කිව්වේ, වැරැද්ද වැරැද්දමයි, කවුරු කලත්, අපි තොපි වගේ වහල්ලු නෙවේ නේ, ඒ නිසා හරි වැරැද්ද තේරෙනවා. ඒකයි නාමල් හිරේට දැම්මට විරුද්ධ වුණේ. හැබැයි එහෙමයි කියලා නාමල් ජනාධිපති කරන්ඩ හිතන්ඩ එපා, ඔය යකා හොඳයි මගේ ලඟ පියන් කමක් දෙන්ඩ.

      Delete
  2. අනුර කරමින් ඉන්නේ සජිතට ලැබීමට නියමිත අවස්තාව අහිමි කිරීමයි. නාමල්ගේ හඬ සජිත්ගේ හඬට වඩා පොඩ්ඩක් උඩට ගන්න අවස්තාව දෙන එක .. එතකොට මේ ගොන්නු දෙන්නම ඇන ගන්නවා .. හෙමින් සැරේ එක එකා පවා දෙනවා. එතකොට ඊළඟ ජනාධිපතිවරණය අනුරට දිනා ගන්න ඕන අවස්තාව එනවා... මෙතන තියෙන්නේ යුක්තිය භාක්තිය නෙමෙයි බොලව් .. විපක්ෂේ තක්කඩි ටිකට තව තව ඇන කොටා ගන්න ග්‍රවුන්ඩ් එක හදන එක. අනුර දන්නවා ඒ වෙද්දී සිදු ජාතීන්ගේ චන්ද ශක්තිමත් වෙලා තියෙඅන්න ඕන කියන එක , මොකෝ මෝඩ සිංහලයා සංවේදී තක්කඩි රංචුවක් ... මුන්බෙදෙනකොට අනුරට චන්ද හැදෙන්නේ අනෙක් පැත්තෙන්. අනුරගේ ගේම ඕක .. පුලුවන්නම් ෆයිට් එක දීපල්ලා ... නිකන් ලොරි ටෝක් දෙනන් එපා බොලව් .. මොකෝ රාජපක්සලා බබාලාද .. උන් හොරකම් කරලම නැද්ද ?

    ReplyDelete
  3. අනුර කරමින් ඉන්නේ සජිතට ලැබීමට නියමිත අවස්තාව අහිමි කිරීමයි. නාමල්ගේ හඬ සජිත්ගේ හඬට වඩා පොඩ්ඩක් උඩට ගන්න අවස්තාව දෙන එක .. එතකොට මේ ගොන්නු දෙන්නම ඇන ගන්නවා .. හෙමින් සැරේ එක එකා පවා දෙනවා. එතකොට ඊළඟ ජනාධිපතිවරණය අනුරට දිනා ගන්න ඕන අවස්තාව එනවා... මෙතන තියෙන්නේ යුක්තිය භක්තිය නෙමෙයි බොලව් .. විපක්ෂේ තක්කඩි ටිකට තව තව ඇන කොටා ගන්න ග්‍රවුන්ඩ් එක හදන එක. අනුර දන්නවා ඒ වෙද්දී සුළු ජාතීන්ගේ චන්ද ශක්තිමත් වෙලා තියෙන්න ඕන කියන එක , මොකද මෝඩ සිංහලයා සංවේදී තක්කඩි රංචුවක් ... උන් දන්නේ හොරා කන්නයි .. ලංගම එක්කාගෙ බෙල්ල කපන්නයි විතරයි. මුන්බෙදෙනකොට අනුරට චන්ද හැදෙන්නේ අනෙක් පැත්තෙන්. අනුරගේ ගේම ඕක .. පුලුවන්නම් ෆයිට් එක දීපල්ලා ... නිකන් ලොරි ටෝක් දෙනන් එපා බොලව් .. මොකෝ රාජපක්සලා බබාලාද .. උන් හොරකම් කරලම නැද්ද ? දැන් ආපහු එන්න හදන්නේ රට හදන්නද ? පුක තමයි

    ReplyDelete
    Replies
    1. මීහරක් dobiyek තප්පුලයි

      Delete
  4. පතිරණ ගලප්පත්තිSeptember 8, 2026 at 9:56 PM

    මම හිතන් හිටියාට වඩා ඔබ දක්ෂයි, අවන්කයි, එඩිතරයි. 🙏

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ වෙන පතිරණ ගලප්පත්තියෙක්.

      Delete
    2. නෑ ඒ තමා නියම පතිරණ ගලප්පත්ති

      Delete
  5. Bayyanta deyyange pihitai

    ReplyDelete
  6. ලංකාවේ බිහිවෙච්ච් ජරාම පවුල. මුන් සහ මුන්ගේ කල්ලිය කරපු වංචා නිසා මුලු ශ්‍රී ලාංකික ජනතාවම තව වසර ගානක් ඒ ණය ගෙවන්න වෙනවා. මහින්ද රට බේරගත්තා කිය කිය වැලලෙන බයියන්ට කියන්නේ, ඇස් ඇරලා බලාපල්ලා මුන් කරලා තියෙන වංචාවල්. මුන්ගේ හොරකං අල්ලන්න අනුරයගේ ගොං ආණ්ඩුවටයි ඒකේ බබා හුකුං අධිකරණ ඇමතිටයි පුලුවන් උනොත් එදාට බස්නාහිරෙන් ඉර පායනවා.

    ReplyDelete
  7. හොරා කාල, හිරේ ගිහිල්ල, බන්දනාගාර බස් එකේ පාර්ලිමේන්තුවට ඇවිල්ල, රට හදන්න උපදෙස් දෙනවා..

    ReplyDelete
Previous Post Next Post