සැප්තැම්බර් 22 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල න්‍යාය පත්‍රයේ සංශෝධන කිහිපයක් සිදු කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කළාය.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, සැප්තැම්බර් 22 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබූ ‘අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත’ (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 වැනි බදාදා එම වේලාවේදීම විවාදයට ගැනීමට තීරණය කර ඇත. තවද, සැප්තැම්බර් 23 වැනිදා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත’ එදින සභාවට ඉදිරිපත් නොකිරීමට ද තීරණය වී තිබේ.
මේ අතර, ජනතාවට විදුලි බිල්පත් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, 23 වැනිදා අනුමත කර ගැනීමට නියමිතය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රේඛීය අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති, වසර අවසානය දක්වා වැය නොවන බවට හඳුනාගත් මුදල් මඟින් පියවා ගැනීමට නියමිතව ඇත. ඒ හේතුවෙන්, මෙම ප්‍රතිපාදන මාරු කිරීම මඟින් විසර්ජන පනතින් අනුමත කර ඇති රජයේ සමස්ත වියදම් සීමාවට හෝ උපරිම ණය ගැනීමේ සීමාවන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බව ද මහලේකම්වරිය සඳහන් කළාය.
කෙසේ වෙතත්, සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පාර්ලිමේන්තු කටයුතු පෙර තීරණය කළ පරිදිම කිසිදු වෙනසකින් තොරව පැවැත්වීමට නියමිතය.
Parliamentary Session to Feature Significant Amendments and Financial Provisions
During the upcoming parliamentary week scheduled from September 22 to 25, several amendments to proposed legislation will be discussed. This announcement was made by Parliament Secretary General Kushani Rohaandeera.
The decision stemmed from a meeting of the Parliamentary Business Committee chaired by Deputy Speaker Dr. Risath Bathiudeen.
Specifically, the "Export Agriculture Promotion (Amendment) Bill," originally set for debate on Tuesday, September 22, from 11:30 AM to 5:00 PM, will now be addressed on Wednesday, September 23, in the same time slot. Additionally, it was decided not to present the "Sri Lanka Institute of Professional Media Practitioners Bill" for its second reading on that day as previously planned.
In another development, a financial proposal amounting to 17.213 million rupees aimed at providing relief for electricity bills will be submitted to Parliament on September 22, with plans for approval on the 23rd.
This supplementary proposal will be funded through identified budget allocations that are recognized as non-expendable until the end of the fiscal year. Consequently, these allocations will not impact the total government expenditure limits or the maximum borrowing thresholds already established, according to the Secretary General.
Nevertheless, parliamentary activities on September 24 and 25 are set to proceed as scheduled without any changes.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
