අපේ ගමන ඉදිරියටම යනවා මිසක් එක මොහොතකවත් නැවතීමේ ලකුණක්, කොමාවක් තියන්නෑ...


 මෙරට පැවති සමාජ පරිහානිය, නීතිය වල්වැදීම සහ අනාරක්ෂිත බව සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට වත්මන් රජය සමත්ව ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.

උත්සවයක් අමතමින් අමාත්‍යවරිය සඳහන් කළේ, පසුගිය කාලසීමාව තුළ රට තුළ පැවති අහිතකර තත්ත්වයන් දැන් අවසන් වී ඇති බවයි. 

රජය ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ කිසිදු මොහොතක ආපසු හැරවිය නොහැකි බවත්, එය තාවකාලිකව හෝ නතර කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ඇය අවධාරණය කළාය.

"මේ ගමන ඉදිරියෙන් ඉදිරියටම යනවා මිසක්, එක මොහොතකවත් තාවකාලිකවවත් නැවතීමේ ලකුණක්, කොමාවක්වත් තැබිය හැකි මට්ටමක නෙමෙයි දැන් රට තියෙන්නේ," යනුවෙන් අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

රටේ නීතිය සහ සාමය තහවුරු කරමින්, ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

පවතින යහපත් තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා රජය කැපවී සිටින බව ද අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.





Government Committed to Ending Social Insecurity, Says Minister Saroja Polraj

The current government has successfully tackled social unrest, lawlessness, and insecurity that plagued the country, according to Minister of Women and Child Affairs Saroja Polraj.

Speaking at an event, the minister declared that the adverse conditions that have recently troubled the nation have now come to an end.

She emphasized that the initiatives launched by the government cannot be reversed at any moment, affirming that there is no allowance for anyone to halt or temporarily pause these efforts.

"This journey is set to move forward without any signs of slowing down or pausing, as our country is not in a position to revert to previous states," the minister further stated.

She highlighted that the government aims to establish an environment where citizens can live free from fear and suspicion while reinforcing the rule of law and peace within the nation.

Minister Polraj reiterated the government’s dedication to advancing the current positive conditions for the benefit of all citizens.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. මේ ගෑනි උග්‍ර කොමියුනිස්ට් කාරියේක් සිංහල බෞද්ධ විරෝධි යේක් 22 න් පස්සෙ බලන්න සිංහල බෞද්ධ යා ට කෙලින කෙලිල්ල තොපි ද කු නේ මෝඩ හැත්ත දුන්නා නේද ඡන්දෙ මුන්ට දෑන් ඉතින් කා ප න්

    ReplyDelete
    Replies
    1. ඉතා පහත්ය භාෂිවෙන් ඉංග්‍රීසියෙන් සිංහල කොටන්නේ රට පැනපු පහත් රැකියා කරන ජෙප්පෝ. උන්ගේ කොම්පියුටර් හෝ ෆෝන් වලින් තම භාෂාවෙ අකුරු ගහන්න තරම්වත් සාක්ෂරතාවයක් නෑ. ඒ වාගේ ගොන් ජෙප්පන්ගේ ආකර්ශණිය පච වලට රැවටිලා මාලිමාවට ඡන්දය දුන් පොහොට්ටු කාරයින්ට දැන් ඇත්ත තේරිලා නිසා හරිනි වගේ ආතක් පාතක් නැතිව ජවිපෙ එල්ලුනු එවුන් භය වෙලා දොඩවනවා.

      Delete
  2. නොනවත්වා ආප්ප ගැසීමේ ගමන

    ReplyDelete
Previous Post Next Post