සෙවනගල සීනි ෆැක්ටරිය විකිණීමේ උත්සාහයක්..? උක් ටොන් හයදහසක් විනාශ වෙමින්..

 


සෙවණගල සීනි සමාගමේ සේවකයන් සහ පාලනාධිකාරිය අතර ඇති වූ දීමනා සහ නිවාඩු පිළිබඳ ගැටලුවක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර, මේ හේතුවෙන් අස්වනු නෙළන ලද උක් ටොන් 6000ක් පමණ විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

සේවකයන්ට හිමි විය යුතු දීමනා ලබා නොදීම හේතුවෙන් ඔවුන් වැඩ වර්ජනයක නිරත වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන ප්‍රදේශයේ උක් ගොවීන් පවසන්නේ, පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි මූල්‍යමය අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

අස්වනු නෙළා දින කිහිපයක් ගතවීම නිසා උක් ගස් වියළී බර අඩුවන බවත්, එමගින් තමන්ට ලැබෙන ආදායම සීඝ්‍රයෙන් පහත වැටෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

පාලනාධිකාරිය විසින් ආයතනය පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් එය විකිණීමට උත්සාහ කරන බවට ද ගොවීන් චෝදනා කරති.

පොහොර සහ බීජ ලබාදීමේදී ද පාලනාධිකාරිය නිසි සහයෝගයක් ලබා නොදෙන බවත්, සේවකයන් සහ පාලනාධිකාරිය අතර පවතින ගැටුම්වලට ගොවීන් වන්දි ගෙවිය යුතුදැයි ඔවුහු ප්‍රශ්න කරති.

මේ පිළිබඳව සෙවණගල සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ යූ.එස්.බී. කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ගොවීන්ට සිදුවන පාඩුව අවම කිරීම සඳහා දැනට නෙළා ඇති උක් අස්වනු පැල්වත්ත සීනි සමාගම වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත්, සේවක වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී ඇති අතර, මේ වන විටත් උක් වගාබිම් තුළ ටොන් දහස් ගණනක අස්වනු වියළෙමින් පවති.





Labor Dispute Halts Operations at Sevanagala Sugar Company, As Urgent Crop Risks Emerge

The Sevanagala Sugar Company has come to a complete standstill due to a dispute between its workers and administration over bonuses and leave entitlements. This situation poses a serious risk to approximately 6,000 tons of harvested sugarcane, which are now in jeopardy.

The unrest erupted as workers commenced a strike following the non-disbursement of their entitled benefits. Local sugarcane farmers have expressed deep concern over the financial crisis they now face, attributing it to the arbitrary actions of the company’s administration.

With delays in harvesting, farmers are reporting that the sugarcane plants are wilting, leading to a rapid decrease in expected income. They emphasize that their livelihoods are significantly threatened due to the current circumstances.

Allegations from the farmers indicate that the administration is moving towards a decision to sell the company, citing an inability to sustain operations. Key issues have also arisen regarding the lack of proper support from the administration in providing fertilisers and seeds, alongside ongoing conflicts between workers and management that they are compelled to bear the financial burden of.

In a response to inquiries regarding the situation, U.S.B. Kumar, the Executive Director of Sevanagala Sugar Company, disclosed that efforts are underway to direct the harvested cane to Pelwatte Sugar Company in order to mitigate losses for the farmers.

However, negotiations regarding employee salaries and bonuses have concluded without agreement, and thousands of tons of sugarcane remain wilting in the fields, exacerbating the ongoing crisis.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. මාතරින් උඩින්ම මනාප අරගෙන පොස්පේට් වලින් විතරක් ලන්කාවෙ නය ගෙවනව කියල ආපු අපේ ඉන්ග්‍රීසි මහාචාරය හදුන් සහෝදරය ඔයා දක්සයි. ලන්කාවෙ කර්මාන්ත ඇමති නෙමෙයි, කරමාන්ත හාන්සි කරන ඇමති.

    චතුරන්ග කියන එකාට පොඩ්ඩක් අඩන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. කරමාන්ත හාන්සි කෙරුවට මොකද උගෙ දුවව එංගලන්තෙ යවල උගන්නවනෙ. කෙල්ලගෙ මාසික ගෙවල් කුලිය විතරක් ලක්ෂ හතරක්.
      කොහොමද අවුරුදු දෙකකට ඉස්සෙල්ල හිල් ජොක්කු ඇඳපු එකාගෙ දැන් වැඩ?

      Delete
    2. කුමාර් කනගනායගම්September 4, 2026 at 7:51 AM

      නය නෙවේ යකෝ "ණය", හරියට අකුරු ලියපන්, සිංහල නම්.

      Delete
  2. මාලිමාවට දුන්න ඡන්දය ගැන හැමදාමත් සතුටුයි.

    ReplyDelete
  3. MUnva elavanna parata bahapan

    ReplyDelete
Previous Post Next Post