ලංගම හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනකට.. පෞද්ගලික බස් හිමියන් දැඩි විරෝධයක...


හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ලංගම සහ පෞද්ගිලක බස් රථ මගී අවශ්‍යතාවය මත ඒකාබද්ධ කර ඒකාබද්ධ කාලසටහනකට අනුව ඉදිරි සතියේ සිට ධාවනය කිරිමට තීරණය කල බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සංජීව කණකරත්න, මධ්‍යම පළාත මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත යන මහතුන්ගේ සහභාගීත්වෙයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි මේ පිලිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

මෙම සාකච්ඡාවට හැටන් - මහනුවර, ගිනිගත්හේන - නාවලපිටිය, නාවලපිටිය - මහනුවර මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ හිමියන් සහ හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත වීරසූරය මහතා සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ලංගම සහ පෞද්ගලික බස් රථ නියමිත කාලසහටනක් අනුව ඒකාබද්ධ කර ධාවනය කිරිමේන් ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා සහ නාවලපිටිය සිට මහනුවර දක්වා ධාවනය වන බස් රථවලට අසාධාරණයක් සිදු වන බවත්, හැටන් මහනුවර මාර්ගයේ නීත්‍යානුකූල නොවන මගී ප්‍රවාහන අවසර පත්‍ර අතැතිව ධාවනය වන බවටත්, පවසමින් පෞද්ගිලක බස් රථ හිමියන් මෙම ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වනු ලැබීය.

මෙම සාකච්ඡාවේදි අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන ගැසට් නොවූ මාර්ග 1288ක් පවතින බවත්, එම මාර්ග කිසිවෙකුත් නිසි නඩත්තුවක් සිදු නොකිරිම හේතුවෙන් එම ප්‍රදේශවල සිටින පදිංචිකරුවන් නිසි ප්‍රවාහන සේවාවක් නොමැති නිසා පීඩාවට පත් වී ඇති බවයි.

එම මාර්ග රජයට පවරාගෙන ප්‍රතිසංස්කරණය කර එම මාර්ගවලද මගී ප්‍රවාහන බස් රථ ධාවනයට එක් කල යුතු බවද මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

මෙහිදි අදහස් දැක්වූ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා කියා සිටියේ, රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව සහ මගීන්ගේ අවශ්‍යතාවය පරිදි හැටන් සිට මහනුවර දක්වා ලංගම බස් රථ 32ක්, පෞද්ගලික බස් රථ 31ක් ඒකා බද්ධ කාලසටහනට ඇතුලත් කර ඇති බවත්, මහනුවර සිට හැටන් දක්වා ලංගම බස් රථ 30ක් සහ පෞද්ගලික බස් රථ 30ක් ඇතුලු ගමන්වාර 60 සිට 63 දක්වා ඒකා බද්ධ කාලසටහනට ඇතුලත් කර ඇති බවයි.

මෙම ඒකා බද්ධ බස් රථ සේවාව තුලින් එම මාර්ගයේ ධාවනය වන අනෙකුත් බස් රථවලට බාධාවක් නොවන සේ එම ඒකාබද්ධ සේවය ක්‍රියාවට නංවන බවත්, පැවසූ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙයට විරුද්ධවීමට කිසිදු බස් රථ හිමියෙකුට අයිතියක් නොමැති බවයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය කිරිමේ සාකච්ඡා 2011 වසරේ සිට සාකච්ඡා මට්ටමින් පැවතියත්, එය වත්මන් රජය යටතේ ක්‍රියාවවට නැංවීමට හැකි වූ බවයි.

එම සෑම බස් රථයකම සීසීටීවී කැමරා පද්ධතිය, ජීපීඑස් තාක්ෂණය සහ අනෙකුත් නවීනතම තාක්ෂනයන් ඔස්සේ එම බස් රථ ධාවනය කිරිමට සැළසුම් කර ඇති බවයි.

මධ්‍යම පළාත තුල පෞද්ගලික බස් රථ ධාවනය තුල සිදු කරන මුදල් ලබා ගැනිමේ මාෆියාව නතර කිරිමට තමන් මේවන විට කටයුතු කර ඇති බවත්, එය ක්‍රමානුකූලව සිදු කර මධ්‍යම පළාත තුල ගුණාත්මක මගී ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යෑම තම අරමුණ බවයි මධ්‍යම පළාත මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ  





New Unified Bus Schedule for Hatton-Mahanuwara Route Set to Launch Next Week

The National Transport Commission has announced a unified bus service schedule for the Hatton-Mahanuwara main route, effective next week. This decision follows a comprehensive assessment of passenger needs for both public and private transportation services, as highlighted by the Commission's Chairman, P.A. Chandrasena.

In a dedicated meeting held at the Hatton Municipal Council Hall, local Parliament Member Manjula Suruwirachchi led discussions involving key stakeholders, including Chairman of Sri Lanka Transport Board Sanjeewa Kankaratne and Chairman of Central Provincial Transport Authority Ajith Priyantha.

Representatives from private bus operators and managers at the Hatton depot participated in the discussions, which also addressed the existing operational challenges on the Hatton-Mahanuwara, Ginigathhena-Navalapitiya, and Navalapitiya-Mahanuwara routes. Concerns were raised about potential unfair practices affecting the profitability and service quality of bus operators due to the introduction of a consolidated schedule.

Member of Parliament Manjula Suruwirachchi noted that there are 1,288 unregistered routes in the Nuwara Eliya district that are not properly maintained, leaving many residents without adequate transport services. He advocated for government intervention to repair and incorporate these routes into the public transport framework.

Chairman Chandrasena elaborated that in alignment with government policies, a total of 32 mobile buses and 31 private buses have been integrated into the new schedule, helping to meet growing commuter demand between Hatton and Mahanuwara. An additional 30 buses from both categories will operate on routes connecting from Mahanuwara to Hatton.

He emphasized that this unified bus service is designed to enhance operations without inhibiting other vehicles on the same routes. Addressing concerns over opposition to the new schedule, he firmly stated that no bus operator has the right to object.

Suruwirachchi also mentioned that discussions to create a unified schedule for bus operations on these routes had been ongoing since 2011, but it is under the current administration that significant progress has been made. Plans are in place for all buses to be equipped with CCTV systems, GPS technology, and other modern innovations to ensure better service delivery.

Ajith Priyantha further asserted that steps have been taken to dismantle the current mafia that monopolizes revenue collection from private bus operations, aiming to establish a system that guarantees quality passenger transport throughout the central province.

Reporter: Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post