උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීම අවසන් අදියරේ..


දිට්වා සුලි කුනාටුවෙන් විනාශයට පත්වු උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට ගම්පල දක්වා කොටසේ හා හැටන් සිට නානුඔය දක්වා කොටසේ නවිකරන කටයුතු මේ වන විට කඩිනමින් සිදු කරමින් පවතින බව නානුඔය දුම්රිය දෙපාර්ථමේන්තුවේ ඉංජිනේරු අංශයේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නාවලපිටිය සිට ගම්පල දක්වා කොටසේ නවිකරන කටයුතු මේ වන විට සියයට 94ක් පමනද හැටන් සිය නානුඔය දක්වා කොටසේ නවිකරන කටයුතු සියයට 65ක් පමන නිමකර ඇති බවත්ය.

මෙම ප්‍රදේශයන්ට පසු ගිය දිනවලදි  පැවති අයහපත් කාලගුණිය තත්වයන් මත මෙම දුම්රිය මාර්ගයේ නවිකරන කටයුතු යම් තරමින් පසු බැමකට ලක්වු බවත් එසේ නොවන්න මේ වන විට මෙම දුම්රිය මාර්ගයේ නවිකරන කටයුතු නිම කිරිමට ඉඩ තිබු බවත්ය.

කෙසේ වුවද මේ වන විට මෙම දුම්රිය මාර්ගයේ නවිකරන කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බවත් බොහෝ විට මෙම වසර අවසානයට පෙර බදුල්ල සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය කරවිමට හැකිවනු ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය. 

- මනුර සුදත් සෙල්ලහේවා





Revitalization of Train Routes in the Upcountry Underway Following Damage

Efforts to restore the damaged railway lines in the upcountry between Navalpitiya and Gampola, as well as from Hatton to Nanuoya, are progressing rapidly, according to an engineer from the Nanuoya Railway Department.

The official disclosed that approximately 94% of the restoration work on the section from Navalapitiya to Gampola has been completed, while around 65% of the work from Hatton to Nanuoya has been finalized.

These restoration efforts faced some delays due to adverse weather conditions experienced in the region in recent days. However, the official reassured that there is now ample opportunity to complete the railway upgrades without further setbacks.

Current efforts are being expedited, with the possibility of resuming train services from Badulla to Kandy before the end of this year, the official added.

- Manura Sudath Sellahawela



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. කාලකන්නි අරගලකාරයො නුවර ඉඳන් කොලඹට කෝච්චියෙන් කල්ල‍තෝනි පුරවගෙන අරගල කරන්න ආවා.
    සොබාදහම නඩුව ඇහුවා,
    නඩු තීන්දුව උනේ ආපහු නුවර ඉඳන් කොළඹට කෝච්චි නෑ කියලා.
    කෝච්චි පාර එක්කම ගලවගෙන ගියා.
    දැන් අවුරුද්දක්. තාමත් පාර හදන්න බෑ.
    මේ කෑල්ල හැදුවත් නුවර ඉඳන් කොළඹට එන්න බැහැ. කොහොමද ඒක.
    අනිත් එක ඔය හදන එකත් වැඩි කල් තියෙන්නේ නැහැ.
    දිට්ව වලට වඩා සැර ඒව ඉස්සරහට එනවා.

    ReplyDelete
    Replies
    1. ඕවට කියන්නේ කර්ම විපාක කියලා.

      Delete
    2. අරගල කරලා මහින්දට නාකි මයිනට නිවන් සුව කියපු උන් තොග පිටින් මැරිල යනවා.
      ඉස්සෙල්ලම මැරුනේ අරගල පව් බිමේ තොවිල් නටලා පුහුල් කපපු හොර කපුවා.

      Delete
    3. නිර්දෝශී ජනාධිපතිවරයෙක්ට අභූත චෝදනා නගලා එලවීමේ පාපයේ විපාක. කොරෝනා කාලේ මිනිස්සුන්ට වාට්‍ටු ටික හමුදාව දාලා හදලා දීලා, කන්න කෑම පාර්සලේ ගේ ඉස්සරහින් තියලා ගිහිල්ලා, රුපියල් 5000කුත් අමතරව දීලා, ලෝකේ රටවල් එක්ක ගේමක් දීලා එන්නත් ටික ගෙනත් විදලා කාලකන්නි ටික ජීවත් කෙරෙව්වාම උන් ටික කන්න දුන්න අත හපා කෑවා. රුසියන් යුක්‍රේන් යුද්ධෙ නිසා නොසිතූ විදියට තෙල් මිල වැඩි උනේ සංචිත කෙල වෙච්ච වෙලාවෙම. අන්තිමට පෝලිම් හැදුවේ හොරකම් කරපු නිසා කියලා ජෙප්පො කතා හදලා මිනිස්සුන්ව ඇන්දුවා. මේ මෝඩ 68 ලක්ශෙ ඉන්නකන් මේ රට හදන්න බැහැ.

      Delete
  2. වැලි කොට්ට ටික ඊලඟ වැස්සෙන් ගහගෙන යනකන් යන්න පුලුවන්.

    ReplyDelete
  3. අවුරුද්දක් ගිහිල්ලත් තාම රේල් පාර හදනවාද? හයියෝ.

    ReplyDelete
  4. ජෙප්පොන්ට කවි ගී ලියන්න පුලුවන් වෙයි වගේ.
    අර කෝච්චි පෙට්ටි 3ක් ප්‍රයිම් මූවර්ස් වලින් ඇදපු එක දාලා කියපු කතන්දර ටික.
    රට සංවර්ධනය වෙනව කිව්වා. මේව කවදාවත් මීට කලින් වෙලා නෑ කිව්වා. අන්තිමට වෙලා තියෙන්නේ දුවන්න බැරි වෙච්ච පෙට්ටි ටික දුවන්න පුලුවන් ස්ටේසම් වලට දාපු එක. ඒත් පාරේ තැනින් තැන කැඩිලා.

    ReplyDelete
  5. ඉතුරු අවුරුදු 3ටත් ඔච්චර තමයි බලන්න වෙන්නෙ. මොකද තාමත් කිසිම ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් නැහැනේ.

    ReplyDelete
  6. කොළඹ ඉඳන් නුවර යන්න වෙන්නේ නෑ ආයේ ඉතිං කාලෙකට. මේ අඩුවෙන් හානි වෙලා තියෙන තැන් දෙකක් තුනක් හදලා නාට්‍ය පෙන්නනවා විතරයි.

    ReplyDelete
Previous Post Next Post