නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ හෝ ආණ්ඩුව තුළ මෙතෙක් කිසිදු මූලික සාකච්ඡාවක් හෝ ආරම්භ කර නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
දෙරණ නාලිකාවේ විකාශය වූ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
ජාතික ජන බලවේගයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාවට පොරොන්දු වී ඇති පසුබිමක, ආණ්ඩුවේ ඉදිරි වසර තුනක කාලය තුළ එම පොරොන්දුව ඉටු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය බවත්, එය හුදු පුරුද්දට ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළ එකක් නොවන බවත් පැවසූ අමාත්‍යවරයා, කෙසේ වෙතත් බංකොලොත් වූ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් රජය ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා තවමත් ප්‍රවේශ වී නොමැති බව පැහැදිලි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන්නේ ඉතා පුළුල් ක්‍රියාවලියක්. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ කර ඇති අනුකමිටු වාර්තා, විවාද අධ්‍යයනය කළ යුතුයි. සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟතාවලට පැමිණිය යුතුයි. පනත් කෙටුම්පත් කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා යුතුයි. අවසානයේ ජනමත විචාරණයකට ගොස් ජනතාවගේ තීන්දුව ලබාගත යුතුයි. ඒ නිසා සමාජය තුළ මේ මොහොතේ බෙදීමක් ඇති නොකර, ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමයි අපේ අරමුණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හෝ අපේ ආණ්ඩුවේ කිසිවකුට මේ විධායක පුටු සහ බලතල බදාගෙන සිටීමේ කිසිදු උවමනාවක් නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු උපරිමයෙන් ඉටු කිරීමට අපි කැපවී සිටිනවා. අඩුම තරමේ ඉදිරි කාලය තුළ මේ සඳහා ශක්තිමත් පදනම හෝ සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා."
පසුගිය කාලයේ 22 වැනි සංශෝධනය ගෙන ඒමේදී පවා විපක්ෂය සහ විවිධ පාර්ශ්ව ඒකාබද්ධ වී සමාජය නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආණ්ඩුව පසුබට නොවන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
No Fundamental Discussions Within Cabinet on New Constitution or Abolishing Executive Presidency, Says Minister
The Cabinet Spokesperson, Minister Dr. Nalinda Jayatissa, has revealed that there have been no substantive discussions within the Cabinet or the government regarding the formulation of a new constitution or the abolishment of the Executive Presidency.
This revelation came during a political debate program titled '360', aired on Derana TV, where the Minister emphasized the need for clarity on government commitments.
Against the backdrop of the National People's Power's promise to establish a "Rich Nation – Beautiful Life" policy, which included a commitment to abolish the Executive Presidency and introduce a new constitution, the audience was keen to know if the government plans to fulfill this within the next three years. Dr. Jayatissa responded to this query, shedding light on the matter.
He clarified that the abolition of the Executive Presidency stands as a key policy position of the government and is not merely an inclusion in a public statement. However, he noted that the government is prioritizing economic stabilization over engaging in constitutional reform processes at this time.
Further elaborating on this topic, Dr. Jayatissa stated, "The process of establishing a new constitution and abolishing the Executive Presidency is an extensive one. It requires thorough examination of committee reports created within Parliament, discussions to reach consensus with all political parties, drafting proposals, and ultimately presenting them to the Supreme Court. In the end, there must be a referendum to obtain the people's decision. Our aim, therefore, is not to create division in society at this moment but to prioritize strengthening the economy."
The Minister also emphasized that neither President Anura Kumara Dissanayake nor anyone in the government has any intention of clinging to the executive power. "We are committed to fulfilling the points articulated in our policy statement to the maximum extent possible. We hope to establish a robust foundation for this in the near future," he added.
Reflecting on past events surrounding the 22nd Amendment, he recalled how the opposition and various factions had united to make statements that could mislead society. He further reiterated that the government would not shy away from any opportunity to strengthen democracy on behalf of the people.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Anee monawatada denmama kalabala wennee. Thawa kochchara kal thiyanawada? Jnadhipathiwarane onna menna kiyala patangththama madai. Ethokota ee pitin daala chande kaldaanath puluwanne.
ReplyDeleteව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ, රටට ගැලපෙන විදියට රාජ්‍ය පාලනය කරන්ඩ, අනවශ්‍ය ඡන්දත් එපා. අනවශ්‍ය නෙවේ, ඉදිරි වසර වල කිසිම ඡන්දයක් අවශ්‍ය නෑ, ජනාධිපතිවරණයක් තියන්ඩ ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙක් ඉදිරිපත් වෙලා, ඒ ඇති. ලංකාවේ මිනිස්සු මෝඩයි තවම, ලෝකේ යුද්ධ නිසා තෙල් මිළ වැඩි වෙනකොටත් ආණ්ඩුවට බණිනවා, එහෙම බෑ, ඒවා හැදෙන්ඩ ඕනෑ. ඉස්සර තෙල් වලින් හොරකම් කලා, කොමිස් ගැහුවා, පාරවල් හැදුවා ණය අරන්, ණය වලිනුත් කොමිස් ගැහුවා, පාලම් බෝක්කු හැදුවා කොමිස් ගැහුවා, ඒ නිසා ඒ කොමිස් කාක්කොන්ටම ආපහු බලය දෙන්ඩ පුළුවන් මෝඩ මහජනයා ලංකාවේ, ඒ නිසා ඡන්ද අවශ්‍ය නෑ. පරණ හොරු ඕනෑම නෑ, මේ තියෙන ආණ්ඩුව අපිට විශ්වාසයි.
ReplyDelete