ගීතයක සැබෑ හිමිකාරිත්වය හිමිවන්නේ එම නිර්මාණය මුලින්ම බිහි කළ සංගීත අධ්යක්ෂවරයාට සහ පද රචකයාට බවත්, තමන් ගායනා කළ පමණින් වෙනත් අයෙකුගේ නිර්මාණයකට අදාළ තීරණ ගැනීමට තමන්ට කිසිදු සදාචාරාත්මක හෝ නෛතික අයිතියක් නොමැති බවත් ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රූකාන්ත ගුණතිලක මහතා පෙන්වා දුන්නේ, ගීතයක් නිර්මාණය කිරීමේදී එහි මූලික තනුව සහ සංකල්පය මුලින්ම ගායනා කර පටිගත කරන්නේ එම සංගීත නිර්මාණකරුවා විසින්ම බවයි. එබැවින් ගීතයක පූර්ණ අයිතිය එහි සංගීතඥයාට සහ ගීත රචකයාට හිමිවන බව හෙතෙම සඳහන් කළේය.
"සුවඳ දැනී" වැනි ජනප්‍රිය නිර්මාණයක් උදාහරණයකට ගනිමින් ඔහු කියා සිටියේ, එම ගීතය ඕනෑම අයෙකුට නොමිලේ ගායනා කිරීමට අවසර දීමට තමන්ට නොහැකි බවයි. ඊට හේතුව එම නිර්මාණයේ සැබෑ අයිතිය එහි සංගීත නිර්මාණකරුවා මෙන්ම අභාවප්‍රාප්ත අජන්තා රණසිංහ සූරීන්ගේ දරු මුනුබුරන් සතු වීම බව ඔහු පැහැදිලි කළේය.
එසේම තමන් නිර්මාණය කළ ගීතයක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය තමන් සතු වුවද, වෙනත් අයෙකුගේ නිර්මාණයක් වෙනුවෙන් එවැනි ප්‍රකාශ සිදු කිරීමට කිසිදු ගායකයෙකුට හැකියාවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
කලාකරුවන් මහන්සියෙන් සිදුකරන නිර්මාණ වෙනුවෙන් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතු බවත්, මෙරට බුද්ධිමත් රසික ප්‍රජාව මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කළ යුතු බවත් හෙතෙම ඉල්ලා සිටියේය.
තවද, විදෙස් රටවලින් මෙරට කලා ක්ෂේත්රයට සහ රටට ආදායමක් ගලා එන්නේ නම් එය රටේ ආර්ථිකයට මෙන්ම රජයේ බදු ආදායමටද ධනාත්මක දායකත්වයක් සපයන බැවින්, සියලු දෙනා එක්ව මෙවැනි ක්‍රමවේද ශක්තිමත් කිරීමට අත්වැල් බැඳගත යුතු බවද රූකාන්ත ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Renowned Singer Rookantha Gunathilaka Highlights Ownership Rights in Music Creation
In a recent media briefing, celebrated singer Rookantha Gunathilaka underscored that true ownership of a song lies with the music director and the lyricist who originally conceived the work. He asserted that merely performing a song does not grant a singer any moral or ethical rights to make decisions regarding someone else's creation.
Gunathilaka elaborated on the process of song creation, explaining that the initial arrangement and concept of a song are recorded and performed by the composer themselves. Consequently, he emphasized that full rights to a song belong to the music creator and the lyricist.
Using the popular song "Suwanda Deni" as an example, he stressed that he cannot grant permission for anyone to perform it freely, as the rightful ownership includes not only the music director but also the children of the late Ajintha Ranasinghe, the original artist. He clarified that, while he holds rights to his own creations, no singer has the capability to make similar declarations for the works of others.
Gunathilaka further remarked that artists working diligently to create should be justly compensated. He urged the intelligent public in Sri Lanka to have a correct understanding of these issues and act accordingly.
Additionally, he pointed out that if foreign countries contribute to the arts sector and the economy of Sri Lanka, it would positively impact not only the nation's finances but also government revenue. Therefore, he reiterated the importance of collaboration in strengthening such mechanisms.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙයා මිය ගිය ගායකයන්ගේ ගීත ලජ්ජා නැතිව මෙයාගෙ වගේ කියා සල්ලි හම්බකර නව, ඒවා හොඳයි? පරයා.
ReplyDeleteඔන්න ජෙප්පෙක්. රූකාන්ත කියන දේ තේරුම් ගන්න. එයා කිව්වෙ එයා උණත් කියන සින්දුවක අයිතිය තියෙන්නෙ ඒකෙ පද රචකයා සහ සංගීතය කරන කෙනා සහ කියන එක. කාගෙ හරි සින්දුවක් කවුරුහරි ස්ටේජ් එකක කියන එක වරදක් නෙමේ. හැබැයි ඒක දිගටම වෙනවනම් වරදක්. මොකද රෝයලිටි කියල දෙයක් තියෙනව. අපේ ඉන්ඩස්ට්‍රි එකට ලෝකෙ තැනක් නැත්තෙ ඔය රෝයලිටි එක හරියට කම්පන්සේට් නොකරන නිසා. අනුර කුමාර ඇතුළු ජෙපි නඩය රනිල් හිටපු ජනාධිපතිතුමා කළ වැඩ උන් කළා කිය කිය පච කොටනව වගේ වෙනත් කෙනෙක්ගෙ සින්දුවක් කිව්ව කියල එහෙම අයිතියක් හම්බ වෙන්නෙ නෑ මෝඩ ජෙප්පො. විවේචනය උණත් කුණුහර්ප නොකිය කරන්න පුරුදු වෙයන්.
Deleteමේක ඉතාම හොඳ වැඩපිළිවෙලක්......
ReplyDeleteරනිල් වික්‍රමසිංහ මහත්තයා ඉස්සර ා ලංකාවටම ඉංග්‍රීසි උගන්නන්ඩ ගෙනාපු දවල පත්‍රය, එපා කියලා උද්ඝෝෂණ කරපු ක*** ජේවීපී එවුන්ට, විරුද්ධව හෝ නැතුව යන එකක් නෙවෙයි... නමුත් මෝඩ මිනිස්සුන්ට දැන් පුළුවන් ඉංග්‍රීසි සින්දු අහන්ඩ.... ඉංග්‍රීසි සින්දු ලස්සනයි, ඒ වගේම අපේ ළමයින්ට ඉංග්‍රීසි සින්දු ඉගෙන ගන්නත් මේක හොඳ චාන්ස් එකක්... ඉංග්‍රීසි සින්දු වැඩිපුර ා සිං කරන්ඩ.... එතකොට රසාස්වාදයත් ඉහලට යනවා. ඒ වගේම ඒකෙ තේරුම ඒකෙ ලිරික්ස් එහෙම බලාගෙන යද්දී අපේ කට්ටියට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න... මේක හොඳ දෙයක්....
මේක ඉතාම හොඳ වැඩපිළිවෙලක්......
ReplyDeleteරනිල් වික්‍රමසිංහ මහත්තයා ඉස්සර ා ලංකාවටම ඉංග්‍රීසි උගන්නන්ඩ ගෙනාපු දවල පත්‍රය, එපා කියලා උද්ඝෝෂණ කරපු ක*** ජේවීපී එවුන්ට, විරුද්ධව හෝ නැතුව යන එකක් නෙවෙයි... නමුත් මෝඩ මිනිස්සුන්ට දැන් පුළුවන් ඉංග්‍රීසි සින්දු අහන්ඩ.... ඉංග්‍රීසි සින්දු ලස්සනයි, ඒ වගේම අපේ ළමයින්ට ඉංග්‍රීසි සින්දු ඉගෙන ගන්නත් මේක හොඳ චාන්ස් එකක්... ඉංග්‍රීසි සින්දු වැඩිපුර ා සිං කරන්ඩ.... එතකොට රසාස්වාදයත් ඉහලට යනවා. ඒ වගේම ඒකෙ තේරුම ඒකෙ ලිරික්ස් එහෙම බලාගෙන යද්දී අපේ කට්ටියට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න... මේක හොඳ දෙයක්....