රට පුරා මහ වැසි ඉදිරියටත්... ආපදාවට සුදානම් වන්නැයි දන්වයි..

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇඟවීමත් සමඟ, සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීමට සහ පාලනය කිරීමට වහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද ‘ඇම්බර්’ පැහැති අවවාදාත්මක නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. 

මෙම අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි නායයෑම්, ජලගැලීම් ඇතුළු හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා අදාළ නිවේදනවලට අනුකූලව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, පවතින තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ හදිසි සහන සේවා අවශ්‍යතා සඳහා ‘117’ ක්ෂණික දුරකථන අංකය අමතන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙසත් එම මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙයි.

මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මිලිමීටර් 104 කි.

ඊට අමතරව කළුපහන ප්‍රදේශයට මිලිමීටර් 95.5 ක්, මස්කෙළියට මිලිමීටර් 85.5 ක්, පොල්පිතිගමට මිලිමීටර් 85.0 ක් සහ රත්නපුර දම්මුල්ල ප්‍රදේශයට මිලිමීටර් 82.5 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.





Severe Weather Alert: Heavy Rainfall Predicted Across Multiple Districts

The Meteorological Department has issued a warning indicating that several regions in the country may experience heavy rainfall exceeding 100 millimeters. In light of this forecast, the Disaster Management Centre urges immediate action to mitigate and manage any potential disaster situations.

According to the 'Amber' alert issued by the Center for Early Warning on Natural Disasters, areas in the Western, Sabaragamuwa, and North Western provinces, as well as parts of Kandy, Nuwara Eliya, Galle, and Matara districts, may face heavy downpours accompanied by thunderstorms.

In response to the unfavorable weather conditions, the Disaster Management Centre calls on all stakeholders to adhere to relevant advisories to manage emergencies that could arise, such as landslides and flooding.

The public is also advised to contact the emergency helpline '117' for further information on the current situation and immediate relief service needs. Continuous awareness of the announcements from the Meteorological Department is encouraged to stay informed.

Meanwhile, within the last 24 hours, Maliboda in the Kegalle District has reported the highest rainfall, measuring 104 millimeters. Other notable rainfall figures include 95.5 millimeters in Kalupahan, 85.5 millimeters in Maskeliya, 85.0 millimeters in Polpitigama, and 82.5 millimeters in the Ratnapura Damulla area.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post