කතානායකට විශ්වාස භංගයක්.. ඉතිහාසයේ වැඩිම චෝදනා මෙවරයි.. එල්ල වන චෝදනා මෙන්න...


සුජිත් හේවාජුලිගේ

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට  එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි  ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදා සඳුදා  රැස්වුණු එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

මේ අනුව එම විශ්වාසභංග යෝජනාව විශේෂඥ කණ්ඩායමක් විසින්  දැනටමත් කෙටුම්පත් කරනු ලැබ ඇති   අතර  ඊට කතානායකවරයාට එරෙහි චෝදනා 46ක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ  වැඩිම චෝදනා ඇතුළත් කෙරෙන මෙරට  පළමු  විශ්වාසභංග  යෝජනාව මෙය බවයි.

සමගි  ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග  යෝජනාවක් ගෙන ඒමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසිනි.  ඊට  සෙසු සියලුම මන්ත්‍රීවරුන් කැමැත්ත පල කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට  බාරදීමට නියමිතය

කතානායකවරයාගේ නිල නිවස රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන ගමන්  නිවාස නොමැති ඇමතිවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ රජයේ උසස් නිලධාරීන්ට  දෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කොළඹ ලොරිස් පටුමගේ  නිල නිවසක් ලබාදීම, කතානායක නිල නිවසේ නඩත්තුව සඳහා අට දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් යෙදවීම සහ ඔවුන්ට වැටුප් සහ දීමනා ලෙස මාසිකව රුපියල් හත් ලක්ෂ හැටදහසක මුදලක් සහ  ජල විදුලි බිල්පත් හා නඩත්තුව සඳහා අවශ්‍ය කෙරෙන වියදම් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේටද  කොළඹ 04 ලොරිස් පටුමගේ සුඛෝපභෝගී  නිවාස සංකීර්ණයෙන් අංක 4-3 දරන නිවාසය පෞද්ගලික මැදිහත්වීමෙන් ලබා දී රජයට පාඩු කිරීම සහ රාජ්‍ය දේපළ අවභාවිතයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම,  කතානායක නිල නිවසේ උප ලේඛනගත භාණ්ඩ වන කොට්ට උර සහ  තුවා ඇතුළු උපකරණ නිසි අවසරයකින් තොරව පිටට ගෙන යෑමෙන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, නිල වශයෙන් හිමිවන නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුවේ WP NC4923  වෑන් රථයද ලබාගෙන එම වාහන වලටද ඉන්ධන ලබා ගැනීම, කතානායක  මාධ්‍ය ඒකකය නමින්  ඒකකයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අයත් උපකරණ අනීතිකව ලබා ගැනීම, කතානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේදී පෞද්ගලික ලේකම්වරයා සමග දිවා ආහාරය ගෙන  අමුත්තකුට ගෙවිය යුතු මුදල නොගෙවා සිටීමෙන් පාඩුවක් කිරීම  සහ  කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඔවුන් ඉල්ලන පහසුකම් නොදෙන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කතානායකවරයා සහ පෞද්ගලික ලේකම්වරයා  දෝෂාරෝපණය කරමින්  ඔවුන් ස්ථාන මාරු කරමින් අභ්‍යන්තර පාලනයට මැදිහත්වීමෙන් ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය කිරීම  යනාදී චෝදනා 46 ක් මෙම විශ්වාසභංග  යෝජනාවට ඇතුළත්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ මෙම විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීමට විපක්ෂයේ  සියලු පක්ෂ කැමැත්ත පළකර ඇති බවයි.

- Lankadeepa





Motion of No Confidence Proposed Against Speaker Jagath Wijekrama

A parliamentary group from the Samagi Jana Balawegaya has made the decision to proceed with a motion of no confidence against Speaker Jagath Wijekrama. This resolution was taken during a meeting of the parliamentary group held on the 21st of this month.

Notably, a specialized committee has already drafted the no-confidence motion, which encompasses a staggering 46 allegations against the Speaker. This move marks an unprecedented moment, as it is reported to be the first no-confidence motion in Sri Lanka to include such a high number of accusations.

The proposal to bring forth the no-confidence motion was put forth by MP Daya Siri Jayasekara during the meeting, and it is understood that all other members expressed their full support.

The motion is scheduled to be submitted to the Secretary General of Parliament, Attorney-at-law Kushani Rohandeer, in the coming parliamentary week.

Among the various allegations listed in the motion are claims related to the mishandling of state property, including the allocation of a state residence to ministers, deputy ministers, and senior government officials who do not have government residences for official and personal use. Additionally, there are accusations surrounding the maintenance and staffing of the Speaker's official residence, involving budget misuse that totals monthly expenses exceeding 770,000 Sri Lankan Rupees for wages and allowances.

Further allegations include unauthorized removal of state property, misappropriation through personal intervention in the allocation of residential facilities for the Speaker's private secretary, and the use of parliamentary resources for personal gain. Among the claims are also issues regarding the Speaker’s media unit and the provision of unauthorized services to the parliamentary communications sector.

In response to the developments, MP Daya Siri Jayasekara emphasized the unified backing from all opposition parties for this motion of no confidence.

- Lankadeepa



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. අනුරගෙන් අවසර අරගෙන කරන එකක් විපක්ස නායක තුමෝ. මම හිතන්නෙ අනුර ලොක්ක හා කියන්න ඇති...

    ReplyDelete
  2. කාලකන්නිම සක්කිලි මන්ත්‍රී කෙනෙක්. මේ වගේ වලත්තයෙක් පාර්ලිමේන්තුවේ කතා නායක කරන්න වුනේ ජෙප්පොන්ට වෙන එකෙක්වත් නැහැ මේකට දාන්න. දැනට ඉන්න නියෝජ්‍ය කතානායක නම් පොඩ්ඩක් හොඳයි.

    ReplyDelete
  3. කතානායකට විරුද්ධව තියෙන චෝදනා කීපයක්
    1. පාර්ලිමේන්තුවේ කතානායක නිල කාර්යාලයේදී PHI කොල්ලෙක් සමඟ අවලං ක්‍රියාවක් සිදුකරමින් ඔහු ඉදිරියේ දන ගසාගෙන ඒ කල අවලම් වැඩය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද විසින් දැක තිබීම
    2. පාර්ලිමේන්තු කතානායක දූරය අවභාවිතා කරමින් සමලිංගික සේවනය ගැන පාර්ලිමේන්තුවේදී උදම් ඇනීම
    3. කතානායක නිල නිවස භාවිතා නොකරන බව කියමින් නිල නිවසේ බඩු පරිහරනය කිරීම
    4. විපක්ශ මන්ත්‍රීන්ට කතා කිරීමට අවස්ථා නොදීම
    5. බිමල් රත්නායක එලිපිටම කතානායක රූකඩයාට නියෝග දීම. රූකඩයා බිමල් කිය ඕනැම දේකට Yes Sir, Ok Sir විදියට ක්‍රියා කිරීම.

    ReplyDelete
  4. මුන්ට ලැජ්ජාවක් තියෙන එකෙක්ද ... තක්කඩි බල්ලා .. ශික් වදාපු දෙමාපියන්ටත් ලැජ්ජාවක් ... කාලකන්නි පහාරයා

    ReplyDelete
Previous Post Next Post