මාලිමා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එළුවෙක් හොරකං කරලා උසාවියේ නඩුවක්...- අර්චුනා..


 ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින් චෝදනාවක් එල්ල කළේය.

සභා ගර්භය අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව ජංගම දුරකතනයක් සහ කුඩා එළුවකු සොරකම් කිරීමේ චෝදනා මත 2022 වසරේදී යාපනය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පැවති බවයි.

කෙසේ වෙතත්, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් පසු ප්‍රධාන සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිසිය මඟින් එම නඩුව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවට හෙතෙම චෝදනා කළේය.

අවශ්‍ය නම් අදාළ නඩු අංක සහ අධිකරණ ලේඛන පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ ඉදිරිපත් කර මෙය සනාථ කිරීමට තමන් සූදානම් බව පැවසූ අර්චුනා මහතා, මෙය කිසිසේත්ම අසත්‍ය ප්‍රකාශයක් නොවන බවත්, අධිකරණයේ විභාග වී අවසන් වූ සත්‍ය නඩුවක් බවත් අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට සභාවේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික චරිත ඝාතනය වන ආකාරයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ නොකරන ලෙසත්, සභාව නොමඟ යැවීම සම්බන්ධයෙන් අර්චුනා මන්ත්‍රීවරයා වහාම සමාව ගත යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.

අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ පාර්ශ්වයන් සඳහන් කළේ, පසුගිය පාලන සමයන්හිදී දේශපාලන පළිගැනීම් සහ අසත්‍ය චෝදනා මත ගොනු කළ නඩු පිළිබඳ සත්‍ය අසත්‍යතාව සොයා බැලිය යුතු බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු කිරීම නුසුදුසු බවත්ය.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා යළිත් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්නේ නම් අදාළ නඩුවේ සහතික කළ පිටපත් ඉදිරිපත් කර තම ප්‍රකාශය ඔප්පු කිරීමට තමන් සූදානම් බවයි.





Allegations of Fraudulent Dismissal of Criminal Charges Against Northern Parliamentarian

In a striking revelation in Parliament, Medical Officer and Jaffna District Parliamentarian Ramadan Archuna has alleged the termination of a case concerning the theft of a mobile phone and a minor vegetable that was pending in court against a fellow parliamentarian since 2022. The claims surfaced following the ascendancy of a new government.

Archuna asserted that charges were presented before the Jaffna Magistrate's Court regarding the theft incident, which implicated the parliamentarian in question. However, since his election to Parliament, Archuna alleged that police have intentionally withheld key testimonies, thereby facilitating the dismissal of the case.

He expressed his willingness to provide evidence, including relevant court documents, before the Parliamentary Committee to substantiate his claims, emphasizing that his statements are based on verifiable truths stemming from legitimate court proceedings.

This assertion triggered a vehement backlash among fellow parliamentarians, who urged Archuna to refrain from making false statements that could tarnish the personal integrity of their colleagues. They called for an immediate apology, insisting that he should avoid leading the House astray.

Opponents of the allegations stated that they should probe the authenticity behind such accusations linked to political vendettas and unsupported claims from previous administrations, cautioning against unfounded statements that might undermine parliamentary decorum.

In response to the concerns raised, Archuna reiterated his readiness to prove his allegations by introducing verified copies of the case if a parliamentary committee is formed to investigate the matter further.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත්

    Horek nam ma

    ReplyDelete
  2. Oka mokakda ape thummulle padda nadayao okkotama gewal dunne

    ReplyDelete
  3. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු හොරෙක් එම නඩුව අවසන් කරගෙන හැබැයි ඥානසාර හාමුදුරුවොන්ට ඉවර උන නඩුවකට නැවත දඬුවම් ලැබුන.

    ReplyDelete
    Replies
    1. 100% true

      Diasporawe un thama munta

      most important

      Delete
    2. ඥානසාර හාමුදුරුවොන්ට නීති විරෝධීව දීපු සමාව ඉවත් කරා. There, corrected it for you.

      Delete
  4. 😃😃 බත් මුට්ටි හොරෙන් කාපු එවුන් ට ඔවත් වැඩ ද.. හොර ඔප්පු නඩු ඕන තරම් තියෙන්නේ

    ReplyDelete
Previous Post Next Post