අභාවප්‍රාප්ත විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන ලද, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කළ ගීත වාණිජ පරමාර්ථයෙන් යළි ගායනා කිරීම, පටිගත කිරීම හෝ ප්‍රතිනිර්මාණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි වළක්වමින් නීතිමය නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ උපදෙස් මත Capital City Law නීතිඥ ආයතනය විසින් මෙම ප්‍රසිද්ධ නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව, අදාළ ගීත වාණිජ පරමාර්ථයෙන් යුතුව නැවත ගායනා කර පටිගත කිරීම, 'කවර් වර්ෂන්ස්' (Cover versions) ලෙස නිර්මාණය කිරීම, උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල ගායනා කිරීම, වාණිජ අරමුණින් යුතුව මහජනතාව වෙත විකාශය කිරීම හෝ ප්‍රචාරය කිරීම, ඔහුගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි ප්‍රතිනිර්මාණය කිරීම මුළුමනින්ම නීතිවිරෝධී ක්‍රියාවක් බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වන වගන්ති මෙන්ම Cey Music සහ ACPOSL යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි ප්‍රකාරව මහාචාර්ය සුනිල් ආරියරත්න සතු අයිතිවාසිකම් තහවුරු කර ඇති අතර, අංක SC Appeal No: 155/2014 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 22070/05 දරන නඩු තීන්දුව මඟින් ද එකී අයිතිවාසිකම් පිළිගෙන ඇති බව එහි සඳහන් වේ.
මෙම නෛතික හිමිකම් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව බුද්ධිමය දේපළ පනතේ 22 වන වගන්තිය යටතේ සිවිල් හෝ අපරාධ නඩු පවරන බවට අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත්, වාණිජ අරමුණුවලින් තොරව පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග සහ වෙනත් අධ්‍යාපනික වැඩසටහන් සඳහා මෙම තහනම අදාළ නොවන බව නීතිඥ ආයතනය පැහැදිලි කරයි.
ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයන්හි සිට මෙම බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීමෙන් වළකින ලෙසත්, එසේ කටයුතු කරන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම සේවාදායකයා උපදෙස් ලබා දී ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Legal Notice Issues Ban on Commercial Use of Song by Late Scholar
A legal warning has been issued prohibiting the unauthorized commercial use of a song originally performed by the late Dr. Nanda Malini, composed by the esteemed Professor Sunil Ariyaratne. This notice is effective immediately, preventing any re-recording, singing, or recreation of the song for commercial purposes.
This announcement was released by Capital City Law, based on the directives of Professor Sunil Ariyaratne, Vice Chancellor of the University of the Visual and Performing Arts.
The notice emphasizes that any attempts to re-sing and record the song for commercial gain, create 'cover versions', or perform it at tribute or memorial events—whether in private or public venues—constitutes a violation of the professor's moral rights.
According to sections 9 and 10 of the Intellectual Property Act No. 36 of 2003, as well as regulations from the collective management organizations Cey Music and ACPOSL, the rights held by Professor Sunil Ariyaratne have been duly affirmed. Notable court rulings, including SC Appeal No: 155/2014 from the Supreme Court and ruling No. 22070/05 from the Maligakanda Magistrate's Court, also recognize these rights.
The notice warns that violations of these moral rights may result in civil or criminal proceedings under section 22 of the Intellectual Property Act.
However, it is clarified that this prohibition does not apply to educational institutions such as schools and universities, or to singing competitions and other educational programs broadcast through radio or television, provided they are not for commercial purposes.
Furthermore, the notice indicates that the client has been advised to take strict legal action against any parties that may breach these intellectual property rights, whether domestically or internationally.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කාටද බං තොපේ ඔය ගූ නිදිමත එකම හඬින් එකම තාලෙන් කියන කම්මැලි සිංදු ආයෙ ගයන්ඩ ඕනෑ? බල්ලො බත් කන් නෑ, රේඩියෝ එක පොළොවෙ ගහන්ඩ හිතෙනව, චැනල් එක මාරු කරණවා නැත්නම් ඕෆ් කරණවා, එච්චරකට අප්පිරියා, කම්මැලි, කුම්මැහි, ඒකාකාරී කටහඬක්.
ReplyDeleteහා හා
ReplyDeleteඔයාලම ඕව ගායනා කරගන්ට
අන්න ඒකට ජෝතිපාලගෙ සිංදු!!
තැන්කිව්
Her songs will be forgotten in no time if you put unnecessary restrictions.
ReplyDeleteමොන මෝඩ කතාද? ගීයක ගායනයට හිමිකාරිත්වයක් තියනවා. ලංකාවේ නීතියෙ හැටියට ගීතය ගැයූ මුල් දින සිට වසර පණහක්. ඊට පස්සෙ ඒක ජනතාවට අයත් වෙනවා. ඒ විදිහට "ගලන ගඟකි ජීවිතේ" ගීය 2000දී පමණ සිට මහජනයා සතුයි. 88/89 ගයපු ජරා සින්දු නම් නන්දා මාලිනී මහත්මියට අයත් වෙනවා 2038 වෙනකල්. ඊට බොහෝ කලින් මිනිස්සු "පවන"ට ද්වේෂ කරාවි.
ReplyDeleteGood initiative for bloody castrated voices in YouTube.
ReplyDelete