ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ රෝගී සත්කාරක සේවා සහ ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛන අනුව, 2026 වසරේ පළමු මාස හත තුළ රෝහල වෙත රෝගීන් පැමිණීම සහ විවිධ අංශවලින් ලැබෙන ආදායම පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. එමෙන්ම රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය පුරප්පාඩු සැලකිය යුතු මට්ටමකින් පවතින බව ද අදාළ නිල ලේඛන මඟින් අනාවරණය වන බව හෙතෙම පෙන්වා දෙයි.
එම ලේඛනවල දැක්වෙන පරිදි, 2022 සිට 2025 දක්වා කාලය තුළ රෝහලේ විවිධ ආදායම් අංශවල කැපී පෙනෙන වෙනස්කම් සිදුව තිබේ. 2022 වසරේදී රුපියල් මිලියන 322.6කට ආසන්න මට්ටමක පැවති එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් 2024 වසර වන විට රුපියල් මිලියන 561.3ක් දක්වා වර්ධනය වී තිබුණද, 2025 දී එය රුපියල් මිලියන 514.2ක් දක්වා පහත වැටී ඇත. තවද, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ පළමු මාස හත තුළ එම අංශයෙන් වාර්තා වී ඇත්තේ රුපියල් මිලියන 276.2කට ආසන්න ආදායමකි.
මීට අමතරව බාහිර රෝගී අංශය (OPD), හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) සහ සායන ඇතුළු සේවාවන් මඟින් උපයා ඇති ආදායම 2024 වසරේදී රුපියල් මිලියන 243.9ක් සහ 2025 වසරේදී රුපියල් මිලියන 280.5ක් පමණ දක්වා ඉහළ ගොස් තිබුණද, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය සඳහා එය සටහන්ව ඇත්තේ රුපියල් මිලියන 146.7ක් වශයෙනි.
නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි, බාහිර රෝගී අංශය වෙත රෝගීන් පැමිණීම 2022 වසරේදී 19,537ක් ලෙස වාර්තා වූ අතර, එය 2023 දී 25,322ක්, 2024 දී 29,907ක් සහ 2025 වසරේදී 39,070ක් දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, 2026 ජනවාරි 01 වැනිදා සිට ජූලි 31 දක්වා ගතවූ මාස හතක කාලය තුළ වාර්තා වී ඇත්තේ රෝගී පැමිණීම් 24,536කි.
නේවාසිකව ප්‍රතිකාර ලැබීම සඳහා රෝගීන් ඇතුළත් කිරීම් සැලකීමේදී, 2025 වසරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 53,403ක් වූ අතර, 2026 ජනවාරි–ජූලි කාලය තුළ ඇතුළත් කර ඇති රෝගීන් සංඛ්‍යාව 35,362ක් ලෙස සටහන් වේ.
මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ 2026 වසරට අදාළ දත්ත මාස හතක කාලයකට පමණක් සීමා වන බැවින්, 2022–2025 දක්වා වූ පූර්ණ වාර්ෂික දත්ත සමඟ සෘජුව සැසඳීමේදී එම කාල පරතරය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති දත්තයන්ට අනුව, එහි විශේෂඥ වෛද්‍ය පුරප්පාඩු 15ක් සහ ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරී පුරප්පාඩු 31ක් පවතී. ඒ අනුව සමස්ත වෛද්‍ය සහ විශේෂඥ වෛද්‍ය පුරප්පාඩු සංඛ්‍යාව 46ක් වන අතර, එය ආසන්න වශයෙන් වෛද්‍යවරුන් 50 දෙනෙකුගේ පමණ බරපතළ හිඟයකි.
මෙම පුරප්පාඩු තත්ත්වය හේතුවෙන් රෝහලේ සායනික කටයුතු, බාහිර රෝගී ප්‍රතිකාර සේවා, නේවාසික වාට්ටු නඩත්තුව මෙන්ම අනෙකුත් විශේෂිත සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමේදී දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද පෙන්වා දෙනු ලැබේ.
රෝහල් ඇඳක් පවත්වාගෙන යාමේ පිරිවැය සම්බන්ධයෙන් අදාළ ලේඛනවල දක්වා ඇති දිනකට රුපියල් 60,000ක පමණ අගය ද විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි. මෙවැනි පිරිවැයක් දැරීමට සිදුවන පසුබිමක, රෝහල් ඇඳක් හිස්ව පවතින සෑම දිනකදීම රෝහලේ සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතළ ගැටලුවක් පැනනගින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.
එබැවින්, රෝගීන්ගේ පැමිණීමේ ප්‍රවණතාව, ඇඳන් උපයෝජනය, පවතින වෛද්‍ය පුරප්පාඩු, සායනික සේවාවන් සහ රෝහලේ සමස්ත මූල්‍ය ආදායම යන සියලු අංශ එකිනෙක ගැළපෙන පරිදි සමස්තයක් ලෙස සමාලෝචනය කිරීම අතිශය වැදගත් වේ.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙරට ප්‍රධාන රෝහල් පද්ධතියේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වන බැවින්, පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම, රෝගී සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සහ පවතින සම්පත් උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිත කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව මෙම සංඛ්‍යාලේඛන මඟින් මැනවින් සනාථ කරන බවත් හෙතෙම පෙන්වෙ දේ.
Concerns Raised Over Patient Care and Revenue Trends at Sri Jayewardenepura Teaching Hospital
Recent statistics concerning patient care services and revenue at the Sri Jayewardenepura Teaching Hospital have attracted attention, as highlighted by specialist physician Dr. Chamal Sanjeewa. An alarming acknowledgment has emerged regarding the notable level of vacancy among healthcare professionals, including specialist doctors, within the facility, as evidenced by official records.
Data shows significant fluctuations in the hospital's revenue streams from 2022 to 2025. A primary income source, which stood at approximately Rs. 322.6 million in 2022, marked an increase to Rs. 561.3 million by 2024. However, this revenue declined to Rs. 514.2 million in 2025. Furthermore, from January to July 2026, the reported income from this sector reached around Rs. 276.2 million.
Additionally, the revenue generated from the Outpatient Department (OPD), Emergency Treatment Unit (ETU), and inpatient services rose to Rs. 243.9 million in 2024 and Rs. 280.5 million in 2025, but notably dropped to Rs. 146.7 million during the first seven months of 2026.
Official records indicate that patient arrivals at the Outpatient Department surged from 19,537 in 2022 to 25,322 in 2023, 29,907 in 2024, and 39,070 in 2025. However, between January 1 and July 31, 2026, there were only 24,536 patient visits recorded.
When considering patient admissions for inpatient treatment, the count was recorded at 53,403 in 2025, whereas the figure for January to July 2026 stood at 35,362. It's crucial to remember that the data from 2026 reflects only a seven-month period, warranting cautious comparison with the annual data from 2022 to 2025.
The data presented regarding human resource management reveals a startling shortage of 15 specialist doctor positions and 31 classified medical officer roles at the hospital. This results in a total of 46 vacant medical and specialist positions, indicating a significant shortfall, roughly equivalent to the staffing need of 50 physicians.
This shortage has imposed considerable stress on the hospital's ability to maintain operational effectiveness across clinical activities, including outpatient care and inpatient management, alongside other specialized services.
One crucial aspect highlighted is the daily cost of maintaining a hospital bed, approximately Rs. 60,000. Given the financial implications of such a burden, the persistent vacancy of beds presents a serious issue regarding the efficiency of the hospital's resource utilization, as pointed out by Dr. Sanjeewa.
Therefore, analyzing the trends in patient arrivals, bed utilization, existing medical vacancies, clinical services, and overall financial revenue must be carried out in a cohesive manner.
As a leading healthcare facility within Sri Lanka's hospital system, the Sri Jayewardenepura Teaching Hospital must prioritize filling existing vacancies rapidly and enhance the efficiency of patient services while ensuring optimal resource utilization, as clearly supported by these figures.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඉස්සර තිබ්බ විදියට ජනාධිපති ලෙඩ වුණොත් විතරයි ඔය ඇඳ ලබා දෙන්නේ. දෛනික රුපියල් 60,000 මුදල ඔය ඇඳ (ඇඳ කිව්වට නිකම් ලී ඇඳකුයි මෙට්ටෙකුයි කොට්ටෙකුයි නෙවේ, සම්පූර්ණ අයි.සී.යූ. බෙඩ් එකක තිබෙන සියලු අංග උපාංග, නවීනතම පරිඝණක වලින් ක්‍රියාත්මක වෙන විවිධ පද්ධතීන් සියල්ලේ සමස්ථ දෛනික නඩත්තුව ම රුපියල් 60,000ක් වෙනවා) . ඒ කියන්නේ නඩත්තු වියදම අවුරුද්දට දෙකෝටි විසි ලක්ෂයකට වැඩියි. ඒ ඇඳ භාරව ඉන්න වෛද්‍ය වරුන්, හෙදියන් ඇතුලු කාර්ය මණ්ඩලයක් ඉන්නවා, ඒ අයගේ ගෙවීම් මේකට අදාල නෑ. ඒ සේරම එකතු කරපුවාම එන සුවිසාල මුදල ගෙවන්ඩ ඕනෑ මහජන බදු මුදල් වලින්. ඒ විදියේ දෙයක් කරණවට වඩා හොඳයි නේද ඒ ඇඳ අවශ්‍ය ලෙඩෙකුගේ පරිහරණයට දීලා, ඉන් මුදලක් ද අය කර ගන්න එක? ජනාධිපති වරයාට අසනීප වුණොත් ඔහුටත් සාමාන්‍ය වාට්ටුවක අනික් ලෙඩ්ඩු එක්ක ම එකට ඉඳගෙන බෙහෙත් අර ගන්ඩ පුළුවන්. මොකද හච්චිමක් ගියත් රජයේ මහජන බදු මුදල් විනාස කරගෙන තනියෙන් ප්ලේන් වෙන් කරවාගෙන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් එකට සැප ගන්ඩ යන කාබාසිනියා කාරයෙක් නෙවේ නේ දැන් රාජ්‍ය නායකයා.
ReplyDelete