මන්නාරමේ තෙල්, ගෑස් කැණීමට කතෝලික රදගුරු සමුළුව ලෙඩක් අදී... ජන මත විමසුමක් ඉල්ලයි..


 මන්නාරම් දූපත අවට මුහුදු තීරයේ සිදු කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති ඉන්ධන සහ ගෑස් ගවේෂණ කැණීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සිය අවධානය යොමු කර තිබේ.

එවැනි ව්‍යාපෘති රටේ ආර්ථික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වුවද, ඊට පෙර අනිවාර්යයෙන්ම විනිවිදභාවයෙන් යුත් නිසි පාරිසරික තක්සේරුවක් සිදු කළ යුතු බව රදගුරු සමුළුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

දැනටමත් මන්නාරම් දූපතේ සිදුවන මහා පරිමාණ වැලි කැණීම් හේතුවෙන් දැවැන්ත පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බවත්, එම ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව තෙල් සහ ගෑස් කැණීම් පිළිබඳව ද තොරතුරු වාර්තා වීම ජනතාවගේ මෙම කලබලකාරී ස්වභාවය තවදුරටත් වර්ධනය වීමට හේතු වී ඇත.

මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මතය විමසීම බලධාරීන්ගේ වගකීමක් බව කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, ජනතාවගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා වන පරිදි මෙම කටයුතු සිදු විය යුතු අතර, කිසිදු අයුරකින් මන්නාරම් දූපතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට හෝ ප්‍රදේශයේ ජල සම්පතට ඉන් හානියක් නොවිය යුතු බවට ද ඔවුහු දැඩිව ප්‍රකාශ කරති.

2026 අගෝස්තු 18 සිට 20 දක්වා පැවති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ පූර්ණ සැසිවාරයේදී ගනු ලැබූ තීරණ මත පදනම්ව, 2026 සැප්තැම්බර් 10 වන දිනැතිව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් ඇතුළු රදගුරු මඬුල්ලේ අත්සනින් යුතුව මෙම නිල ප්‍රකාශනය නිකුත් කර ඇත.





Concerns Raised Over Oil and Gas Exploration Near Mannar Island

The Catholic Bishops' Conference of Sri Lanka has expressed significant concern regarding planned oil and gas exploration activities off the coast of Mannar Island. While acknowledging the potential for such projects to positively impact the nation's economic development, they emphasize the necessity for transparent and thorough environmental assessments before any work begins.

The statement highlights ongoing large-scale sand mining in Mannar Island, which has already led to significant environmental degradation. Local residents are reportedly living in distress due to these activities, which exacerbate their concerns regarding the new exploration efforts.

Moreover, reports of oil and gas drilling have intensified public anxiety, contributing further to the community's unrest. The Bishops' Conference underscores the importance of informing the local population about such large-scale development projects and consulting their opinions as a matter of responsibility for the authorities.

There is a strong emphasis on ensuring that these activities protect the rights and dignity of the local populace. The conference firmly states that the livelihoods of the fishing community in Mannar Island and the region's water resources must not be harmed in any way by these explorations.

This official declaration was issued by the Chairman of the Bishops' Conference, His Lordship Harold Anthony Perera, alongside the clergy, reflecting resolutions made during a full session held from August 18 to 20, 2026.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. haminenewane ithhin. thoppi dana okkoma ekai.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් මොනවාද නොදන්නා පුරවැසියෝ ඉන්න රටක් මේක.

      Delete
  2. කටෝලික පල්ලි මාෆියාව. සිංහල බෞද්ධ බලය පක්ක ජෙප්පො මිසදිටු අගර දගරයා හරහා දූශිත වටි කාණුවට වික්කා

    ReplyDelete
  3. ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් මොනවාද නොදන්නා පුරවැසියෝ ඉන්න රටක් මේක.

    ReplyDelete
  4. Sarwabaladari deviyan mawuwa depala aithi wathikanuwata, saha lankawe agaradaguru inna maha palliyata. Mewa bukthividinna oney nam deviyangena awasara ganu, Ekayi kadinal gema illanne. habai kadinalge palli walata NANALA kelinakota deviyo missing.

    ReplyDelete
  5. මේ තනිකම ආණ්ඩුවේ කොන්ත්‍රත්තුවක්. මුන් පෙන්නන්න හදන්නෙ ජෙප්පො ඇත්තටම තෙල් ගන්න හදන්නෙ කියල මිනිස්සු අතරෙ මතයක් හදන්න​. මිනිස්සු මෝඩයි කියල මෙහෙමත් අන්දනවද? පල්ලිය මෙච්චරටම පහතට වැටුනද

    ReplyDelete
  6. Mewa sarwabaladari deviyan wahanseta ayath depola. Nuhuka hitu allanney nathuwa. Allaha deviyo mawapu ewa dan Nanala haranawa.

    ReplyDelete
  7. අපෝ ජෙපි මස්වැදි ලපයා කාදිනල්ගෙ කකුල. ලෙවකන නිසා අහයි

    ReplyDelete
Previous Post Next Post