වහල මත සෝලා සදහා සීමා පැනවූයේ පද්ධතියේ ආරක්‍ෂාවටයි..- ඇමති


 බැටරි බලශක්ති ගබඩා පද්ධති හඳුන්වා දීමත් සමඟ, ගෘහස්ථ වහල මත සවි කර ඇති සූර්ය පැනල මඟින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක්කිරීම සම්බන්ධයෙන් දැනට පනවා ඇති සීමාවන් ඉදිරියේදී ලිහිල් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, දහවල් කාලයේදී නිපදවෙන සූර්ය විදුලි ධාරිතාව ඇතැම් අවස්ථාවලදී පවතින විදුලි ඉල්ලුම ඉක්මවා යාම හේතුවෙන් ජාතික පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරනු වස් මෙලෙස සීමාවන් පැනවීමට සිදු වූ බවයි.

කෙසේවෙතත්, අලුතින් හඳුන්වා දීමට නියමිත බැටරි බලශක්ති ගබඩා පද්ධති මඟින් දහවල් කාලයේ නිපදවෙන අතිරික්ත සූර්ය විදුලිය ගබඩා කර තබාගත හැකි බවත්, එමඟින් ජාතික විදුලිබල පද්ධතියට තවත් පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක්කර ගැනීමට අවශ්‍ය ඉඩප්‍රස්තාව නිර්මාණය වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම පියවර ඔස්සේ විශේෂයෙන්ම ගෘහස්ථ සූර්ය පැනල පද්ධති හිමිකරුවන්ට පනවා ඇති සීමා ලිහිල් කිරීමට මඟපෑදෙනු ඇත.

මීට අමතරව, දහවල් කාලයේදී ජනනය වන සූර්ය විදුලිය රාත්‍රී කාලයේ ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි තමන්ගේම බැටරි පද්ධති තම නිවෙස් තුළම ස්ථාපනය කර ගැනීමට පාරිභෝගිකයන්ට අවසර ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය කරුණාතිලක මහතා සඳහන් කළේය.

එවැනි ගෘහස්ථ බැටරි පද්ධති සඳහා නිසි ප්‍රමිතීන් කඩිනමින් හඳුන්වා දීමටත්, මෙම නවීන තාක්ෂණය භාවිතයට ජනතාව උනන්දු කරවීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම බදු සහන සැලසීමටත් රජය සලකා බලමින් සිටින බවද බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





Government Eyes Expansion of Solar Energy Integration with New Battery Storage Systems

The introduction of battery energy storage systems could soon ease current restrictions on the integration of residential solar panels into the national electricity grid, according to Energy Minister Anura Yapa Karunaratne.

He explained that the limitations were imposed to ensure the stability of the national grid, particularly during midday when solar power generation sometimes exceeds the grid's demand.

However, the anticipated battery storage systems will allow excess solar electricity produced during the day to be stored for later use, effectively creating additional opportunities for renewable energy integration into the national grid.

This initiative aims to relax restrictions specifically affecting owners of residential solar panel systems, paving the way for increased participation in renewable energy sources.

In addition, the Government is focusing on enabling customers to install their own battery systems at home to utilize the solar energy generated during the day for use at night. Minister Karunaratne highlighted this effort as part of the broader initiative to enhance energy security.

The government is also considering the swift introduction of appropriate standards for such residential battery systems and plans to provide tax incentives to encourage public adoption of this modern technology, the Energy Minister further emphasized.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. 🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....

    ReplyDelete
    Replies
    1. ඌරො හත් දෙනෙක්ම මාලුමාමටලු.

      Delete
    2. api HARAK.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..

      Delete
  2. පද්ධතියේ ආරක්ශාවෙ ලබ්බක් නෙමේ, උඹලගේ ඩීසල් බලාගාර වලින් හම්බෙන කොමිස් එකේ ආරක්ශාවට. වහල මත සෝලාර් පැනල් ගැහුවොතින් ඩීසල් බලාගාර, ගල් අඟුරු වලින් කොමිස් ගහන්න බැරි වෙනවා. මිනිස්සු බල ශක්තියෙන් ස්වයංපෝශිත වෙනවා. එහෙම වෙන්න දෙන්න උඹලා කැමති නැහැ. පාහර සක්කිලි හැත්ත.

    ReplyDelete
    Replies
    1. පු‍ටු ඉහලගෙන පච අහන ගොන්නු ඉන්න රටේ ඕවා තේරුම් කරන්න ගියාම අපිට කුණුහරුපෙන් බනිනවා.

      Delete
  3. ඡන්දෙ නැහැ කියලා දන්න නිසා කරන්න තියෙන දහපදුරා වැඩ ටික ඔක්කොම කරනවා.

    ReplyDelete
  4. මාධ්‍ය ඉස්සරහට මූ ආවට තාමත් අමාත්‍යාංශේ වැඩ ටික කරගෙන යන්නේ අර ගල් අඟුරු හොරා. ඌට තාම අධිකරණයේ කැඳවීමක් වත් නැහැ. නීතියත් නවාගෙන, විනාශ කරගෙන විකාර නටනවා. ඒ අස්සේ ගොන් ඩෝබිලා පු‍ටු ඉහලගෙන පච අහනවා. මෝඩ හැත්ත.

    ReplyDelete
  5. වඳුරෙක් පැන්න කියලා පටන් ගත්තු බොරුවෙන් සෝලාර් සිස්ටම් වලට කෙලවලාම දැම්ම නේ. ගම් ගොඩයොත් ඔවා විශ්වාස කරනවා ඉතින්. මෝඩ හැත්තට තේරෙන්නෙ නැහැනේ මොකද්ද වෙන්නෙ කියලත්. උන් හිතන්නේ උන්ට ඕවා ගහන්න සල්ලි නැති නිසා අනිත් උන්ටත් ඕවා හම්බෙන්න ඕන නැහැ කියලා. ඒත් උන් දන්නෙ නැහැ උන්ගේ බඩු මිල වැඩිවෙන්න, ඩොලර් රේට් එක වැඩි වෙන්න තෙල් ආනයනය බලපාන බව. දැන් තියෙන්නේ Net Plus විතරයි. Net Metering, Net Accounting දෙකම අහෝසි කරා. ඒ කියන්නේ සෝලාර් වලින් හදන සම්පූර්ණ බලය ග්‍රිඩ් එකට දෙන්න ඕන. අපි පාවිච්චි කරන ඒවා ග්‍රිඩ් එකෙන් වෙනම සල්ලි දීලා ගන්න ඕන. අපි දෙන ඒවට අවුරුදු 12කට එකම ගාන. හැබැයි උන් අපිට දෙන්නේ පොදු මිලට. ඒ කියන්නේ ලයිට් බිල වැඩි වෙනකොට අපි උන්ට වැඩිපුර ගෙවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. විපක්ශේ ඉන්න එක මෝඩයෙක්ට වත් මේ වගේ දෙයක් තේරුම්කරන්න තියා තේරුම්ගන්න වත් මොලයක් නැහැ. ඒ නිසා මුන් හිතෙන හිතේන විදියට පිස්සු නටනවා. මොක්ද කාටවත් කතා කරන්න තේරෙන්නෙ නැති නිසා.

      Delete
  6. කටට විදුලි මේ සැරයක් වෙදිලම යාමැරිලා යන්ඩ ඕන ේ පච කැරියෝ

    ReplyDelete
Previous Post Next Post