දරුවන් පෙන්නා FB, U tube හි මුදල් ගරයි.. නවතන්නැයි රජයෙන් දැනුම් දීමක්..


 ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදල් ඉපැයීමේ (Monetization) ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ, දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක්කිරීමේ ශීඝ්‍ර ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් හා වගකීමෙන් කටයුතු කරන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු භාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීමේ මුවාවෙන් විවිධ පුද්ගලයන් මෙන්ම ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදාගන්නා බව තහවුරු වී ඇති බවයි.

දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව මෙලෙස දරුවන්ගේ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සිදුවන බව ද එහි සඳහන් වේ.

එදිනෙදා ජීවන රටාව සමාජ මාධ්‍ය සහ Vlog සටහන් ඔස්සේ බාහිර පාර්ශ්වයන් වෙත විවෘත වීමෙන් දරුවන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එපමණක් නොව, අන්තර්ජාලයට එක්කෙරෙන මෙවැනි ඡායාරූප සහ වීඩියෝ පට මූලාශ්‍ර කරගනිමින් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ බරපතළ අවදානමක් ද මේ වන විට මතුව තිබේ.

එබැවින්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීම උදෙසා සමාජ මාධ්‍ය පරිශීලනයේදී මීට වඩා විමසිලිමත් සහ වගකීම් සහගත වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.





Ministry Urges Caution as Kids' Images Flood Social Media

Amid the burgeoning trend of monetization across social media platforms, the Ministry of Women and Child Affairs has called for heightened vigilance among parents and guardians regarding the posting of children’s photos and videos online. The ministry highlighted a rapid increase in sharing these images on platforms like Facebook, raising concerns over child safety.

In a special announcement, officials from the ministry pointed out that various individuals and organizations have been utilizing children's videos for commercial purposes, often under the guise of showcasing their talents and valuing their entertaining activities.

The ministry emphasized a worrying trend where parents may give permission, or sometimes not, for the dissemination of their children's likenesses on social media. This practice has opened children's everyday lives to a broad external audience, which poses significant risks to their personal privacy and security.

Moreover, the growing issue of such images and videos being used as sources for artificial intelligence to create inappropriate or harmful content has raised serious alarms. This underlines the escalating threats facing children in the digital landscape.

Consequently, the Ministry of Women and Child Affairs is urging parents and guardians to engage more responsibly and consciously with social media usage to protect children from potential hazards linked to their online presence.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post