ආන්දෝලනයට තුඩු දුන් මිග් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.
මිග් යානා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනට ක්‍රියාත්මක දීර්ඝ විමර්ශනවල එක් අදියරක් ලෙස හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කැඳවා තිබිණි.
මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ඉහළ පෙළේ ප්‍රබල චරිත කිහිපයකින්ම මීට පෙරද ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද පසුගිය දිනවලදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිමින් අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා දී තිබුණි.
Former Air Force Commander Testifies in Ongoing Investigations of MIG Aircraft Deal
In connection with the ongoing investigations into the controversial acquisition of MIG fighter jets, former Air Force Chief Marshal Donald Pereira appeared today before the Financial Crimes Investigation Division (FCID) to provide a statement.
Pereira was summoned as part of a long and detailed examination process surrounding the procurement of these aircraft, which has raised significant concerns and prompted scrutiny at various levels.
This high-stakes inquiry has already seen testimonies from several influential figures, including former President Gotabaya Rajapaksa and former Air Force Chief Marshal Roshan Gunathilaka, who also provided statements to the FCID in recent days regarding the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

FCID එකේ එකේ ඉන්නෙ ජවිපා ඔඩොක්කු කුක්කො. මුන් ජීවිතේට යුද්දෙට ගියපු නැති ඒත් ජවිපාවුන්ගෙ පස්ස ලෙවකාලා ප්‍රොමෝශන් ගත්ත සට්ටැඹි.
ReplyDeleteපොහොට්ටුව වපුරපු බීජ වලින් අස්වැන්න මාලිමාව නෙලමින් සිටියි
ReplyDeleteහරියට හරි. මහින්ද දේශපාලන නායකත්වය දීල යුද්ධය ඉවර කරපු හින්ද අනුර කුමාරට දැන් යාපනයේ ජොගින් යන්ඩ පුලුවන් වෙලා තියෙනව.
Delete