විදුලි වාහන සඳහා නිකුත් කරනු ලබන කොළ පැහැති පසුබිමක් සහිත අංක තහඩු නීත්‍යානුකූලව වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙම අංක තහඩු භාවිතය සම්බන්ධයෙන් වාහන හිමියන් අතර මතු වී තිබූ සැකසහිත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දෙපාර්තමේන්තුව මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සඳහන් කළේ, විදුලි වාහන සඳහා කොළ පැහැති අංක තහඩු නීත්‍යානුකූලව නිකුත් කරනු ලබන අතර ඒවා භාවිත කිරීමේදී වාහන හිමියන්ට කිසිදු නීතිමය ගැටලුවක් පැන නොනගින බවයි. ඉදිරියේදී සියලුම විදුලි වාහන සඳහා මෙම කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, සෙසු වාහන කාණ්ඩ සඳහා දැනට පවතින ක්‍රමවේදය පරිදි සුදු සහ කහ පැහැති අංක තහඩු තවදුරටත් නිකුත් කෙරෙනු ඇත.
කොළ පැහැති අංක තහඩු සහිත විදුලි වාහන මාර්ගස්ථ රථවාහන පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කිරීම සහ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම් වාර්තා වීම හේතුවෙන් දෙපාර්තමේන්තුව මෙම නිල නිවේදනය නිකුත් කර තිබේ.
Motor Vehicle Authority Confirms Legality of Green Number Plates for Electric Vehicles
The Department of Motor Traffic has clarified that green number plates issued for electric vehicles are legally valid. This announcement comes in response to concerns raised among vehicle owners regarding the status of these distinctive plates.
The Commissioner General of Motor Vehicles emphasized that electric vehicles are indeed entitled to display the green number plates without any legal repercussions for their owners. He also confirmed that measures are being implemented to ensure all electric vehicles will receive these plates moving forward.
Meanwhile, the existing system will continue to issue white and yellow number plates for all other categories of vehicles. This decision aims to maintain clarity and consistency in vehicle identification.
The department's official statement was prompted by instances where electric vehicles with green number plates were subjected to inspections by traffic police, leading to inquiries and reports. This move seeks to alleviate any confusion and reassure electric vehicle owners of their legal status.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 pas polis ponnayo pal modayo 😂😂😂🤮🤮🤮🤮
ReplyDeleteජෙප්පොන්ගෙ රාජ්‍ය ආයතන අතර කිසිම එකක් නෑ
ReplyDeleteයකෝ ඕවා අපිට කියන්න කලින් උබලගෙ අදාල රාජ්‍ය ආයතන වලට කියල හිටපල්ල. අට පාස් හැත්තට හොඳට තෙරුම් කරල දීපල්ල
ReplyDelete