ආණ්ඩුවේ 159න් එක් අයෙකු හෝ අයථා ලෙස වත්කම් උපයා ඇත්නම් ඔප්පු කරන්න--


 ආණ්ඩු බලයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් එක් අයෙකු හෝ අයථා ලෙස වත්කම් උපයා තිබෙනවා නම් ඒ බව ඔප්පු කරන ලෙසට විපක්ෂයට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඒ මහත්මිය මෙසේද පැවසුවාය.

“මේ රටේ මිනිස්සුන්ට කන් ඇහෙනවා. රටේ මිනිස්සුන්ට හිතන්න පුළුවන්. දැන් වෙන දේවල් මිනිස්සු දකිනවා, මිනිස්සුන්ට වෙච්ච දේවල් ඇහුණා, දැන් වෙන දේවල් ඇහෙනවා. ඒ නිසා විපක්ෂයට අලුතෙන් කෑගහන්න අවශ්‍ය නැහැ. නීතියේ ආධිපත්‍යය ආරක්ෂණය මහජනතාවට දැනෙද්දී විපක්ෂය කලබල වෙලා, විපක්ෂයේ බලු කෙඳිරිලි වැඩි වෙලා තිබෙනවා. ඒකට අපි බය වෙන්නේ නැහැ.

පසුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තිබුණත් ඒක ක්‍රියාත්මක වෙන බවට පෙනෙන්නට පටන් ගත්තේ 2024දී අපි බලයට පත්වුණාට පස්සේ. මේ ගත වූ කාලය තුළ සැකකරුවන් 330 දෙනෙකුට එරෙහිව නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 2024 වසරේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 45 දෙනෙකුට අයත් රුපියල් මිලියන 1,597ක දේපළ හා වත්කම් අක්‍රිය කර තිබෙනවා. 2025 වසරේ 33 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා, එය මුදලින් රුපියල් මිලියන 1,546ක්.

උදේ එක මන්ත්‍රීතුමෙක් කතා කරනවා ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ කියලා, ආණ්ඩුව මේ මොනවාද කරන්නේ කියලා අහනවා. එදා බලයේ සිටියදී විපක්ෂයේ අය ඉස්පිරිතාලවල වැඩ කරපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ කෙරුවාවල් ටිකක් මම කියන්නම්. කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් රුපියල් ලක්ෂ 80ක් රජයට පාඩු කිරීම; ඇප මත මුදා හැරලා නඩුව විභාග වෙමින් තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල, ඥාති සංග්‍රහයෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව; අත්අඩංගුවේ සිට ඇප මත මුදා හැරලා නඩුව විභාග වෙමින් තිබෙනවා. ලිඳුල නගර සභාවේ හිටපු සභාපති, ලිඳුල නගර සභාවට අයත් ගොඩනැඟිලි කඩ කාමරයක් බදු දීමට අදාළව ලංසුව සකස් කිරීමේදී, වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී, අවම ලංසුව ඉදිරිපත් කළ ඉල්ලුම්කරුට ලබා දීමේදී රුපියල් 2,380,000ක මුදලක් අල්ලස් ලබාගෙන රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් නඩුව විභාග වෙමින් තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි, සිය ආදායමට වඩා රුපියල් මිලියන 28ක වත්කම් නීතිවිරෝධිව උපයා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක වෙනවා. හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගිය රජයේ සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන කටයුතු ආරම්භ කරලා විමර්ශන සිදු කරමින් තිබෙනවා.

අකිල විරාජ් කාරියවසම්, සිය පෞද්ගලික ඉන්ධන පිරවුම්හලේ සේවය සඳහා රාජ්‍ය සේවකයන් යොදා ගැනීම මඟින් දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන විමර්ශනය කරමින් යනවා. රවී කරුණානායක, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුයුක්ත සේවකයන් පස්දෙනෙකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ගනිමින් දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනය කරමින් තිබෙනවා. විපක්ෂයේ මේ ලැයිස්තුව තව පැයක් විතර කියන්න පුළුවන්.”





Opposition Challenges Ruling Parliament Members to Disprove Corruption Accusations

In a bold move within parliament, Anushka Thilakaratne, a prominent lawyer and representative of the National People’s Power in the Nuwara Eliya district, has urged the ruling party's members to prove their legitimacy amid claims of corruption. Addressing her fellow lawmakers, she stated that if any of the 159 parliamentarians have improperly amassed wealth, they should provide evidence to the contrary.

Thilakaratne emphasized the growing awareness among the public regarding corruption, asserting, "The people of this country are attentive. They can discern what is happening around them. The public is now aware of the realities that were previously hidden. Therefore, there is no need for the opposition to create new accusations; they are already aware of the current issues." She noted that since the essence of the rule of law is being felt by the populace, the opposition is now in a state of disarray, with internal conflicts intensifying.

Since the establishment of the Commission to Investigate Allegations of Bribery or Corruption, there has been a noticeable uptick in investigations. Over the past period, legal actions have commenced against 330 individuals for illicit asset acquisition. In 2024, 45 individuals had approximately LKR 1.597 billion in properties and assets seized, while an additional 33 individuals saw assets worth LKR 1.546 billion frozen in 2025.

Thilakaratne highlighted ongoing issues in the health sector, referring to comments made by a minister about the lack of medical supplies. She recalled past inefficiencies during the opposition's tenure, particularly citing Kegalle Rambukkana's provincial secretary, who is currently embroiled in a case alleging that he caused LKR 8 million in losses to the government. Similar allegations against other individuals were also brought to light during her address.

Notably, former President Mahinda Rajapaksa's chief security officer, retired Lieutenant Colonel Neville Wanniarachchi, is being investigated for misappropriating LKR 28 million in assets. The Commission is also looking into misconduct by former Minister Manoj Nanayakkara concerning the placement of workers in Israel's agricultural sector during his time in office.

Additionally, Akila Viraj Kariyawasam is under scrutiny for allegedly employing public servants at his personal fuel station with corrupt intent, leading to further investigations by the Bribery and Corruption Commission. Ravi Karunanayake is also facing accusations related to assigning five employees from the National Lottery Board to his private staff, further complicating the opposition's stance on allegations of corruption.

Thilakaratne concluded by asserting that the opposition could continue to expand upon this list of accusations, indicating that the situation remains dynamic and far from resolved.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. කිසි දවසක බෑ. මොකද කිසිවෙක් එහෙම අයථා විදියට වත්කම් උපයලා නෑ. අපේ සහෝදර වරු රට වෙනුවෙන් අවංකව දුක් මහන්සියෙන් කටයුතු කරණවා. විදේශීය ශ්‍රී ලාංකිකයන්, මෙරට වෙසෙන අයවලුන්, මේ සියලු දෙනා රජයේ සහෝදර වරුන්ගේ මහන්සිය අගයනවා.

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ නන්නානේ....
      අර වපර වසන්ත සහ ලාල් කාන්ත
      ඒක පාරටම කෝටිපතියො වුනේ කොහොමද?

      රස්සාවක් නැතුව හිටපු ගල් අඟුරු ජයකොඩි අනුර කුමාර පරිවාස ඇමැති කාලේ යන්තම් ආණ්ඩු රස්සාවක් ලබා ගත්තා. නමුත් දැන් කෝටිපතියෙක්. චන්දිකාලෙ අනුර කුමාර දුවපු BMW X5 රථය ගන්ඩ සල්ලි ආවේ කොහෙන්ද? ඒක ජයකොඩිගේ. ඒකට හරියන්න තමයි ඇමතිකම දුන්නේ. අර දීපු පොඩි රස්සාව කාලේත් කරපු හොර වැඩ වලට නඩුවක් දාලා තියෙනවා. ඒක දැම්මෙත් කලින් ආණ්ඩුව කාලේ කරපු විමර්ශනවලින්. දැන් එහෙම නම් ඒකත් වහනවා

      Delete
    2. ඉතා පැහැදිලිව කියලා තියෙන පරිදි, විදේශ ගත ශ්‍රී ලාංකිකයින් ලාල් සහෝදරයා අගය කරලා ඔහු වෙනුවෙන් පරිත්‍යාග කලා, ඒ පරිත්‍යාග මුදල් සහ ඔහුගේ දියණිය විදේශ රටක සේවය කරලා එවූ මුදලත්, තමන්ගේ මාසික වැටුප අනුව බැංකු ණය මුදලකුත් ලබා ගෙන තමයි ඔහු තමන්ගේ නිවස සාදා ගත්තේ. චන්ද්‍රිකා යුගයේ එස්.බී දිසානායක ගෙදර හදපු විදියට, රාජපක්ස යුගයේ කෙහෙලිය රඹුක්වැල්ල ගෙවල් හදපු විදියට, නෙවේ.

      වසන්ත හැමදාම ධනවතෙක්, මුදල් යහමින් තිබීම අපගේ දේශපාලන ව්‍යාපාරයට එක් වීමට බාධාවක් නොවේ, හොරකම් නොකිරීම මූලික සුදුසු කම, සමාණාත්වතාවය ඇගයීම, ජාතිවාදී නොවීම, ආගම්වාදී අන්තවාදීන් නොවීම සෙසු සුදුසු කම්. තමන්ගේ වත්කම් ප්‍රමාණය අදාල නෑ. ඔහු ටියුෂන් ගුරුවරයෙක්, සහ ටියුෂන් ශාලා හිමිකරුවෙක්, බන්දුල ගුණවර්ධන වගේ.

      අනිත් අය ගැනත් කියන්ඩ තියෙන්නේ එච්චර තමයි. කුමාර ජයකොඩි ඉහළ සුදුසුකම් ලැබූවෙක්, ඔහුගේ සුදුසුකම් වලට අභියෝග කරන්ඩ තෝ වගේ බූරුවෙකුට බෑ. තුට්ටු දෙකේ ලිපිකරුවෙක් වෙලා හිටිය දි.මු. ජයරත්න කෝටිපතියෙක් වෙලා ඇමතිකම් කලේ කොහොමද කියල තෝ හෙව්වද, අමනයා.

      රෝසි සේනානායකගේ වේයෝ කාපු කාර් එක ගැනත් හොයලා බලපන්, ගොනා.

      Delete
    3. පැලවත්තේ බත් බැල ඩෝබියා 🤮😡 නියත නිරය උරුම කරගත් ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 තෝ ජෙප්පන්ව කොයි තරම් සුදනන් කරන්න උත්සාහ කෙරුවත් තොපේ 3% න් බහුතරයත් තොපිව පිලිකුල් කරමින් ඈත් වෙමින් ඉන්නේ. ඉක්මන් මහා මැතිවරණයකට යන්න කියපිය, තොපේ සුද්ධවන්ත ආණ්ඩුව ඉන්න තැන බලාගන්න එදාට පුලුවන් වෙයි. ත්‍රස්තවාදී ජෙප්පන් මැති ඇමතිවරු වෙලා ඉතාමත් කෙටි කාලයක් තුළ අසීමිතව උපයාගත් ධනය පිළිබඳ ඉතාම වැදගත් සාක්ෂි සහිතව පැමිණිලි කෙරුවත් අල්ලස් කොමිසමේ මහ එකාත් ත්‍රස්තවාදී ජෙප්පෙක් නිසා ඒවා යට ගසා විරුද්ධ පාක්ෂිකයන් පමණක් මර්ධනය කරමින් සිටින බව ප්‍රසිද්ධ රහසක් 🤮🤮🤮 තොපිට කර්ම විපාක විඳින්නට සිදුවන දවස ඉතාම ආසන්න බව දැනගෙන රඟපල්ලා, පාහර ත්‍රස්තවාදී ජෙප්පෝ 🤮🤮🤮

      Delete
  2. අන් හුකේ 😡🤮 මුන් හැම එකාම කට ඇරියොත් බොරුම තමයි 😡 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් "අඟේ ඉඳන් කන කනවා" වගේ රට විනාශ කරන්න ආපු ආප්ප පාහර බැල්ලි 🤮😡 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
Previous Post Next Post