2027 සිට ඊශ්‍රායල ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයන් පෞද්ගලික අංශයෙන් බඳවා ගැනීම අත්හිටුවයි..


 2027 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පෞද්ගලික අංශය හරහා ශ්‍රී ලාංකික සහ ඉන්දීය ශ්‍රමිකයන් බඳවා ගැනීම අත්හිටුවීමට තීරණය කර ඇති බව ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

එම අධිකාරිය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමට බලපත්‍ර හිමි සමාගම් වෙත ඉදිරියේදී සේවකයන් බඳවා ගැනීමට අවසර හිමිවන්නේ නව ක්‍රමවේදය යටතේ අනුමත කරන ලද රටවලින් පමණි.

ඒ අනුව එක්සත් ජනපදය, ඉතාලිය, තායිලන්තය, පිලිපීනය, වියට්නාමය, රුමේනියාව, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ තුර්කිය ඇතුළු රටවල් 22 ක් අනුමත ලැයිස්තුවට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, දැනට පවතින ද්විපාර්ශ්වික එකඟතාවන්ට අනුකූලව, 2027 ජනවාරි 01 වැනිදායින් පසු ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් පෞද්ගලික නියෝජිතායතන මඟින් ඉදිකිරීම් ශ්‍රමිකයන් බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව එහි අවධාරණය කර ඇත.

යම් රටක් සමඟ ඊශ්‍රායල රජය රාජ්‍ය මට්ටමේ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹි පසු, එම ගිවිසුම ක්‍රියාත්මක වී මසක් ඇතුළත අදාළ රටෙන් සිදුකෙරෙන පෞද්ගලික බඳවා ගැනීම් අත්හිටුවන අතර, ඉන් අනතුරුව ශ්‍රමිකයන් බඳවා ගනු ලබන්නේ අදාළ රාජ්‍ය ද්විපාර්ශ්වික ගිවිසුම් රාමුව යටතේ පමණක් බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.

මේ අතර, අනුමත ලැයිස්තුවේ නොමැති, එහෙත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ (TIP) 1 හෝ 2 මට්ටම්වල පසුවන රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන සේවායෝජකයන් ඒ සඳහා හේතු දක්වමින් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ ඉදිකිරීම් අංශය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වේ.





Israel Suspends Recruitment of Sri Lankan and Indian Workers in Construction Sector

Starting January 1, 2027, Israel will halt the recruitment of Sri Lankan and Indian workers for jobs in the construction sector via private entities. This decision was announced by the Population and Migration Authority (PIBA) in an official statement.

According to PIBA, only companies with valid permits, hiring foreign workers in the construction field, will be authorized to recruit employees from countries approved under a new framework. This involves a list of 22 countries including the United States, Italy, Thailand, the Philippines, Vietnam, Romania, Portugal, Spain, and Turkey.

Furthermore, the authority emphasized that under existing bilateral agreements, the recruitment of construction workers from Sri Lanka and India through private agents will be entirely stopped after January 1, 2027.

After Israel reaches a bilateral agreement with a country at the state level, private recruitment from that country will be suspended within one month of the agreement's activation. Following this suspension, workers will only be recruited under the respective state bilateral agreement framework.

In addition, employers seeking to recruit workers from countries not included on the approved list, but falling within tiers 1 or 2 of the U.S. State Department's annual Trafficking in Persons report, must submit a written request to PIBA’s construction division, providing justifications for such recruitment.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. හරිනේ අමාරුව

    තව ඉරාන නැව් වලට පහසුකම් සපයලා පාර්ලිමේන්තුවේ පොර ටෝක් දෙන්න

    තව පලස්තීනය පිළිඅරං එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලේ කතා පවත්තලා ඇවිල්ලා වහාබ්කාරයන්ගෙන් ලකුණු දා ගන්න

    තව ආරුගම්බේ යුදෙව් යාඥා මධ්‍යස්ථාන වලට එරෙහිව වැඩ කරන්න

    ReplyDelete
  2. ඔන්න දැන් සැපද තොපිට UN. ගිහිල්ල පලස්තීන මිනීමරු බල්ලන්ට සහාය දුන්න දැන් ඉතින් ව හා කෑවා කියලා හිතගනින් මෝඩ කොමියුනිස්ට් ජෙප්පෝ කාලකන්නි. මුංට ඡන්දෙ දීලා අපේ මිනිස්සු කරගත් මෝඩ කම ක් දැන් ඉතින් අරාබියේ සත්තු මේකේ දාගනි වූ කාලකන්නි ජඩ කොමියුනිස්ට් සත්තු තොපිට ඕන මේ රටේ සිංහලයා දුර්වල කරන්න

    ReplyDelete
Previous Post Next Post