වසර 2300ක ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය ඤානසාර හිමියේ සිවුර ගැලවූ දිනයයි...


 පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී මෙම අදහස් පල කලේය.

වසර 2300ක හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා. ඇයි අපි එහෙම කියන්නේ? ඒ තමයි ලංකා ඉතිහාසයේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සිවුර බලහත්කාරයෙන් ගලවලා, ගිහි වෙස් ගන්වලා ප්‍රදර්ශනය කරපු දවස බවට පත්වීමයි. ශාසනික සම්ප්‍රදාය ගැන මෙලෝ හසරක අවබෝධයක් නොතිබුණු සුදු අධිරාජ්‍යවාදීන් පවා කවම කවරදාවත් සිවුරට අත තියන්න උත්සාහ කළේ නෑ. නමුත් නිරාගමික, ගෝත්‍රික, මාලිමා ආණ්ඩුව ඒ දේ කළා. වසර පහකට වැරදිලා බලය ලැබුණු ජනාධිපති අනුරට කිසිම අයිතියක් නෑ වසර 2300ක ශාසනික ඉතිහාසය වෙනස් කරන්න කටයුතු කරන්න.

මාලිමා ආණ්ඩුව ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර උදුරා ගත්තත් උන්වහන්සේගේ භික්ෂුත්වය, උන්වහන්සේට තිබෙන ගෞරවය උදුරා ගන්න අසමත් වෙලා තිබෙනවා. අද ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට වැඩම කළාම පක්ෂ භේදයෙන් තොරව සියලුම නීතීඥයින් ගිහිල්ලා උන්වහන්සේට වැන්දා. ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට වැන්දා. එයින් පෙන්නුවා තොපි අපේ හාමුදුරුවන්ගේ සිවුර උදුරා ගත්තත් උන්වහන්සේගේ භික්ෂුත්වයවත්, උන්වහන්සේට අපේ හිත්වල තියෙන ගෞරවයවත් උදුරා ගන්න මාලිමාවට බෑයි කියන පණිවිඩයයි අද අධිකරණ භූමියේදී රටට ලබා දුන්නේ.

ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වුණු දවසේ ඉඳන්ම බෞද්ධයාට රිද්දුවා. ඒකේ උච්චස්ථානය තමයි ඊයේ දවසේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ව ගිහි වෙස් ගන්වලා රටපුරා ප්‍රසිද්ධ කිරීමට, ප්‍රදර්ශනය කිරීමට මාලිමා ආණ්ඩුව කටයුතු කිරීම. එදා දොන් ජුවන් ධර්මපාල රජතුමා පෘතුගාලයේ රජතුමාගෙන් රූකඩයක් වුණු අයුරින්ම අද අනුර දිසානායක ජනාධිපතිවරයා ජෙරම්, මැල්කම්, දෙබෑයන්ගේ රූකඩයක් බවට පත්වෙලා බෞද්ධයන් රිදවීමේ මහා කුමන්ත්‍රණයක් දියත් කරලා තියෙන බව මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වෙලා හමාරයි.

මාලිමා ආණ්ඩුව ඥානසාර ස්වාමීන් වහන්සේව ගිහි ඇඳුමෙන් රටට ප්‍රදර්ශනය කිරීම, උසාවියට ගෙන ඒම නීති විරෝධී, ශාසනික විරෝධී, ව්‍යවස්ථා විරෝධී කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඥානසාර හිමියන් උසාවියට ගෙන එන විට ගිහි ඇඳුමෙන් ගෙන ඒම නීති විරෝධී වන්නේ ඇයි? බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග 550 මම කියවන්නම්. "උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදු වී සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය."

වරදකරු කිරීමට පෙර ඥානසාර හිමියන් අඳින්න පුරුදු වූ ඇඳුම තමයි කහ සිවුර. මාලිමා ආණ්ඩුව බලයට පත්වන තෙක්ම සිරගතව ඉඳලා ඥානසාර හාමුදුරුවෝ වරින් වර උසාවියට ගෙනාවත් කවදාවත් කිසිම ආණ්ඩුවක් කහ සිවුරට අත තිබ්බේ නැත්තේ ඒක රටේ නීතියේ කොටසක් වන නිසා. ඇත්තෙන්ම මාලිමා ආණ්ඩුව පමණක් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුරු ගලවලා ගිහි වෙස් ගන්වලා අධිකරණයට ඉදිරිපත් කළේ වෙන මොකටවත් නෙවෙයි, තමන්ගේ බෞද්ධ විරෝධය ප්‍රදර්ශනය කරලා තමන්ට සල්ලි දෙන බලවේග සතුටු කරන්නයි කියන එක අපි සාධාරණ නිගමනයකට එළඹිලා තියෙනවා.

ඇත්තෙන්ම මේක මේ හදිසියේ කඩාපාත් වුණු, නිලධාරීන් නොදන්නා නීතියක් නෙවෙයි. 1894 අප්‍රේල් මාසේ 18 වෙනිදා එවකට යටත් විජිත ලේකම් නොයෙල් වෝකර් ගැසට් මගින් ප්‍රසිද්ධ කළ ලංකා ඉතිහාසයේ පළවෙනි බන්ධනාගාර රීති වලත්, බන්ධනාගාර නිත්‍ය නියෝග වලත් 223 වන වගන්තිය විදිහට මේක සඳහන් වෙනවා. ඒ 223 වෙනි වගන්තියේ කියන්නේ, "සිරදඬුවම් විඳින සිරකරුවන් උසාවියට ගෙන එන විට ඔවුන්ගේ සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටීමට අවස්ථාව දිය යුතුය." 1947 දී තීන්දු වුණු රජු එදිරිව ස්ටීවන් කියන නඩුවේදී ඩයස් විනිසුරුතුමා සිරකරුවන්ව බන්ධනාගාර ඇඳුමෙන් අධිකරණයට ගෙනාවම එය 223 වගන්තියේ උල්ලංඝනයක් වෙනවාය කියලා එසේ නොකළ යුතු බවට නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. මේක නව නීති වාර්තා නැත්නම් NLR වලත් ඇතුළත් කර තිබෙන නඩු තීන්දුවක්.

වසර සීයයකට අධික කාලයක් පුරාවට බන්ධනාගාර නිලධාරීන් දැන සිටි නිත්‍ය නියෝගයක් ලෙසත්, උසාවි නියෝගයක් ලෙසත් බන්ධනාගාර නිලධාරීන් අනුගමනය කරමින් සිටි ඒ නීතිමය ක්‍රමවේදය උල්ලංඝනය කරලා ඥානසාර හිමිට සුදු ඇඳුම් අන්දන්න, සිවුර ගලවන්න බලපෑම් කරපු ජගතා කවුද කියන එක දැන් හොයාගැනීම ජාතියේ ලොකුම වගකීම බවට පත්වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඊළඟ මාධ්‍ය හමුවේදී ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර නීති විරෝධීව ගලවපු, බන්ධනාගාර නිත්‍ය නියෝග උල්ලංඝනය කරමින් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර බලහත්කාරයෙන් ගලවපු ජගතා කවුද කියන එක රටට පැහැදිලි කරයි කියලා සමස්ත ජාතියම ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා.

අපේ රජවරු හිස නැමුවා එකම තැන රහත් ධජය නැත්නම් කහ සිවුර විතරමයි. රජවරු වැඳවැටුණු කහ සිවුර ගලවන්න ජාතියක් ජන්මයක් නැති ගෝත්‍රික මාලිමා ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ. මාලිමාවට ඡන්දය දුන්නු අයගෙන් අපි අහනවා ඔබ පැතූ ලස්සන රට මේකද?

ඊළඟට අපි බලමු මේ පහත් ක්‍රියාව, මේ තිරස්චීන ක්‍රියාව ශාසනික විරෝධී වන්නේ කොහොමද? පාරාජිකා පාලියේ සඳහන් වන ආකාරයට භික්ෂුන් වහන්සේ නමක්ගේ භික්ෂුත්වය අහිමි වන්නේ කාරණා හතරකින් එකක් හෝ සිදුවුනොත් පමණයි. මොනවද ඒ කාරණා හතර? ලිංගික සේවනයේ යෙදීම, සොරකම් කිරීම, මිනීමැරීම, තමන්ට නැති ධ්‍යාන සෘද්ධි බලයන් තමන්ට තිබෙන බවට පවසා ජනතාව රැවටීම. එතකොට මෙන්න මේ වරදවල් හතරෙන් එකක් හෝ කළ අයෙක් කළ බවට උසාවියේ ඔප්පු වුනහම භික්ෂුත්වය එනයින්ම නැත්නම් ඉප්සෝ ෆැක්ටෝ (Ipso facto) අහෝසි වෙනවා. එතකොට ඒ අයට ගිහි ඇඳුම් ඇන්දවීම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ. ඒ නිසා තමයි ස්ත්‍රී දූෂණයක්, ලිංගික අතවරයක්, සොරකමක්, මිනීමැරීමක් සම්බන්ධයෙන් චෝදනාවන්ට වැරදිකරු වුණු භික්ෂූන් ජම්පරේ නැත්නම් සිරකරු ඇඳුම ඇන්දවීම ගැන කවුරුවත් කවදාවත් ප්‍රශ්න කරලා නැත්තේ. ඥානසාර හාමුදුරුවෝ සතර පාරාජිකාවන්ගෙන් එක පාරාජිකාවකටවත් වැරදිකරු වෙලා නෑ. එහෙමනම් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීම ශාසනික නීතියේ උල්ලංඝනය කිරීමක්. නලින්ද ජයතිස්ස ඇමතිතුමා කියන ආකාරයට භික්ෂුන් වහන්සේලා හැටතුන් නමක් හිරේ නෑ, පට්ටපල් බොරු. ඒ අය සොරකමක් හෝ ලිංගික අතවරයක් හෝ මිනීමැරුමක් හෝ කළ බවට අධිකරණයේ තීන්දු වෙනකොටම සිවුරක් දරා සිටියත් ඉබේම භික්ෂුත්වය අහෝසි වෙනවා. ඒකයි බුද්ධ නීතිය. එහෙමයි විනය පිටකයේ තියෙන්නේ. එහෙමනම් ඒ අයට සිර ඇඳුම් ඇන්දවීම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ, මේ දක්වා කවදාකවත් විරෝධයක් ආවේ නැත්තේ ඒකයි.

හැබැයි පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේ නමක්ගේ සිවුර ගලවනවද නැද්ද කියලා මේ ගෝත්‍රික, නිරාගමික මාලිමා ආණ්ඩුවට තීරණය කරන්න බෑ. ඒක තීරණය කිරීමේ එකම බලය තියෙන්නේ උන්වහන්සේ අයත් වන සංඝ සභාවට පමණමයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සමයේ ඉඳන්ම භික්ෂුන් වහන්සේලාට සිවුරෙන් සිරදඬුවම් විඳීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. බන්ධනාගාර නිත්‍ය නියෝග 226 වැනි වගන්තියෙන් කියන්නේ, "සුළු වැඩ සහිත සිරදඬුවම් විඳින භික්ෂුන් වහන්සේලාට සිවුර දරාගෙන සිටිමින්ම සිරදඬුවම් විඳිය හැකි බවයි." නමුත් ඒක පාරාජිකා නොවුණු භික්ෂුවක් ලෙස නිවැරදි විය යුතුයි. නැතිනම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් කියන බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීම පිළිබඳ නව වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ දක්වා නිත්‍ය නියෝගවල මොනවා තිබුණත් පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේ නමක්ගේ සිවුරට අත තියන්න කිසිම ආණ්ඩුවක් කටයුතු නොකළේ. ඒ නිසා මේ මාලිමා ආණ්ඩුව ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීම සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උතුම්ම වගන්තියක් ලෙස හඳුන්වා තිබෙන නව වන වගන්තිය උල්ලංඝනය කිරීමක්. ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි බවට සඳහන් වන නව වන වගන්තිය උල්ලංඝනය කිරීමක්.

මාලිමා ආණ්ඩුව මේ සිදු කළ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, ශාසනික විරෝධී ක්‍රියාවට එරෙහිව අපි නඩු දෙකක් පැවරීමට බලාපොරොත්තු වෙනවා. පළමු නඩුවෙන් අපි ඉල්ලන්නේ බන්ධනාගාර නිත්‍ය නියෝග උල්ලංඝනය කරමින් ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහි ඇඳුමෙන් අධිකරණයට ගෙන ඒමේ තීන්දුව අහෝසි කරන රිට් නියෝගයක් ලබාදෙන ලෙසයි. දෙවෙනි නියෝගයෙන් අපි ඉල්ලන්නේ පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේලාට සිවුර දරමින් සිරදඬුවම් විඳීමට බන්ධනාගාර නිත්‍ය නියෝග වලින් බාධාවක් තිබෙනවා නම් එවැනි නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනි වගන්තිය උල්ලංඝනය කරන එකක් බැවින් එය අහෝසි කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසයි. මේ නඩු දෙකම ඉදිරි සති දෙක ඇතුළත පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ඥානසාර ස්වාමීන් වහන්සේ සමගත්, ඒ වගේම උන්වහන්සේ අයත් වන කෝට්ටේ සංඝ සභාවේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ වන මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ සමගත් මේ පිළිබඳව අපි සාකච්ඡා කරලයි තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී මේ අධිකරණ කටයුතු ආරම්භ කරලා මාලිමා ආණ්ඩුවේ බෞද්ධ විරෝධිත්වය හෙළිදරව් කරන්න අපි කටයුතු කරනවා.





Udaya Gammanpila Critiques Malima Government's Actions Against Buddhist Monks

In a poignant address from the headquarters of the Hela Urumaya party, leader Udaya Gammanpila has expressed grave concerns about a historical incident that he labeled as "the darkest day" in the annals of 2,300 years of Sinhalese Buddhist tradition. He identified October 6, 2026, when a monk’s robe was forcibly stripped away, as a significant point of tension between the state and the Buddhist clergy.

Gammanpila articulated that even colonial powers had refrained from any move to violate the monastic robes, but the current regime, which he described as 'a misfit, impulsive government,’ has crossed that line. He firmly stated that President Anura has no right to attempt to alter this sacred historical legacy that spans two millennia.

Despite the Malima administration’s attempts to undermine the reverence associated with prominent monk Gnanasara, Gammanpila asserted they have failed to strip him of his monastic dignity. Notably, when monks faced the judiciary, lawyers from across the political spectrum extended their support, showcasing unity in defending their religious leaders.

He criticized the government’s conduct accusing it of systematically degrading Buddhism and pointed to recent actions that involve the public humiliation of a monk as reflective of a larger scheme aimed at suppressing the Buddhist community. According to him, such actions are an affront to the nation’s Buddhist identity and a blatant manifestation of political turbulence aimed at oppression.

Gammanpila condemned the Malima government's violation of legal rights surrounding the presentation of incarcerated monks in front of the judiciary. He referenced legal statutes, which dictate that monks should not be presented in prison garb but should be allowed to wear respectful attire, highlighting the disrespect shown to the traditions of the Sangha.

Despite maintaining a longstanding legal precedent that grants monks the right to present themselves in respectable attire, the current regime's disregard for such traditions is alarming, he stated. He underscored that the nature of their actions cannot go unanswered, equating it to an affront against both the law and Buddhism itself.

Looking ahead, Gammanpila announced the intent to file two significant legal motions against the Malima government. The first aims to nullify the decision to present Gnanasara inappropriately attired, while the second refers to the constitutionality of policies that could impede the rights of non-fallen monks. He vowed to challenge the administration's actions that he believes undermine the sanctity of Buddhism and the Constitution.

As discussions with legal representatives intensify, Gammanpila expressed determination to shed light on these issues, urging the public to remain vigilant against attempts to marginalize the Buddhist community. He concluded with a pointed question to the electorate: “Is this the beautiful nation you envisioned when you voted?”



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

44 Comments

  1. ජේවීපී එකට ආණ්ඩු බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3 බලය තියෙනවා, අධිකරණයත් තමුඞෙ යටතට ගත්තා රාජ්‍ය බලයත් සැළකිය යුතු ප්‍රමාණයකට අත්ප ත් කරගෙන තියෙනවා. නමුත් මහජන බලය ඔවුන්ත දැන් නැහැ. ඒ නිසා කල හැකි එකම දෙය තමයි වෛරය පිරිමහන කටයුතු කිරීම මගින් වෛරයෙන් පෙලෙන ජෙප්පන්ගේ හිත සතුටු කර අඩු ගානේ ඔවුන්ගේ බලය හෝ රඳවා තබා ගැනීම​. ඒකට තමයි මේ බොරු සාක්කි වලින් හෝ කාගේ හෝ ප්‍රකාශයක් මගින් අත් අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම් කරන්නෙ. මොනව තිබුනත් මහජන බලය නැත්තම් ඔවුන්ට පැවැත්මක් නෑ කියල දැන් තේරුම් ගිහිල්ල තියෙන්නෙ. ගිනි පෙට්ටි දෙකක වෙඩි බෙහෙත් අරගෙන බෝම්බයක් ගහනව කිව්වෙ, දැන් මේ රජය සමග තියෙන කැකෑරෙන වෛරය පිටතට කාන්දු වීමක්. කරන ජඩකම් බලුකම් හින්ද මේ ආණ්ඩුව සමග වෛරයෙන් කැකෑරෙන මිනිසුන් දසලක්‍ෂ ගනනක් දැන් මේ රටේ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය විදියට පනත් සම්මත කරගෙන නඩු තීන්දු දීගෙන විරුද්ධවාදීන් සිරගත කරා කියල මහජනතාව තුල කැකෑරෙන මේ පීඩනය ඔවුන්ට නවත්තන්න බෑ. ඔවුන් පනවන අසාධාරණ නීති පනත් මිනිසුන් සාමූහිකව එකතුව කඩකලොත් මොකක්ද කරන්න පුලුවන්? එච්චර පිරිසක් හිරේ දාන්න පුලුවන්ද? දැන් ජනතාවට තියෙන එකම බලය මේක විතරයි. ලඟදීම මේ දෙය සිද්ධ වේවි. මිනිසුන් දහස් ගනනක් මැරුවත් මේක නවත්තන්න බැරි වෙයි. කොටින්ගේ සහ ඉස්ලාම් අන්තවාදීන්ගේ මනදොල සැපිරීමට සිංහල බෞද්ධ ජනතාවට අඩම්තේට්ටම් කරන මේ ආණ්ඩුව එලවීමට ඇති එකම ක්‍රමය මෙයයි. මිනිසුනේ ලෑස්තියෙන් හිටපල්ලා.

    ReplyDelete
    Replies
    1. ගොම්මන් පිළ්ලෙයාන්October 8, 2026 at 4:53 AM

      උඹ හෙට හයිස්පීඩ් පැදපන් කඩාගෙන බිඳගෙන පුළුවන් තරම් හයිස්පීඩ් පලයන්, මෝටර්සයිකලේක නම් හෙල්මට් නැතුව යමන්, රෑට නම් ලයිට් නැතුව යමන්, ඊට පස්සේ අපි එන්නම්.

      Delete
    2. ආන්ඩුව ඉවරයි. දැන් මේ පණ යන කොට ලඟ ඉන්න එකාව හූරන එක කරන්නේ.
      මර බියෙන් ත්‍රස්ථ වෙලා. ඊලඟට වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව දඟලනවා.

      Delete
    3. ජවිපෙට තියෙන්නෙ මීට අවුරුදු 2කට කලින් ගත්තු බලය විතරයි.
      මිනිස්සු ඇන්දිලා දුන්නට ආයෙ ජීවිතේට සමූපකාරයක් වත් දෙන්නේ නැහැ.
      සාමාන්‍ය මිනිස්සුත් දැන් ඉතාම වේගයෙන් මුන්ගේ පාහරකම තේරුම් ගනිමින් ඉන්නවා. ඒක නිසා දැන් මුන්ට ව්‍යවස්ථාව වෙනස් කරලා ඉතාම බලු දේශපාලන තීන්දු ගන්න වෙලා. ඒ ගන්න හැම තීන්දුවකින්ම මහජනයා කුපිත වෙනවා. අනාගතයේදී මෙයාලට කලින් කරපු බලු වැඩ වල විපාක මේ ජීවිතේදිම ගෙවන්න වෙනවා. එතකොට ඔය බඹරේ වැල්ලේ කැරකෙන එක නතර වෙනවා. අන්න එදාට බලමු.

      Delete
    4. කලබල වෙන්න එපා. හැබැයි හොඳ අවධානයෙන් ඉඳපල්ලා. මාලිමාවට දැන් ග්‍රවුන්ඩ් එකේ බලයක් නැහැ. පන්සල් යන්නේ නැති කුණු බල්ලො ටික තව මාස 2ක් බුරයි. ඊට පස්සේ සල්ලි දීල කොමෙන්ට් දාන වෙසිගෙ පුතාල විතරයි ඉතුරු වෙන්නෙ. දැනටමත් ජනාධිපති පරයගේ ෆේස්බුක් එකට ලයික් ෆාම් වලින් තමයි ලයික් දාන්නේ. ලංකාවේ මිනිස්සු නෙමේ. කොමෙන්ට් වල බලු බැනුම්. ලයික් දැම්මේ කවුද කියලා බලන්න බැරි වෙන්න ඕෆ් කරලා. ඒ කියන්නේ ශොට් එක හම්බෙලා තියෙන්නෙ.

      Delete
    5. පතිරණ ගලප්පත්තිOctober 8, 2026 at 5:44 AM

      දැන් සතියක ඉඳන් ජෙප්පො මට පඩි ගෙව්වේ නැහැ.
      අද ඉඳන් සල්ලි ගෙව්වොත් විතරයි කඩේ යන්නේ. පල්ලියත් දැන් බංකොලොත්. මිනිස්සු එන්නේ නැහැනේ. හිඟන හැත්ත විතරයි එන්නෙ.

      Delete
    6. ගොම්මන් පිල්ලෙයාන්, තෝ නම් මහ බූරුවෙක් තොපි වගේ බූරුවො තමයි දැන් මාලිමාවට ඉතුරුවෙලා ඉන්නෙ. හොඳට කියවල බලපන් මාර්ග නීති කඩන එකක් ගැනද මේ කියල තියෙන්නෙ කියලා.

      Delete
    7. ජයලත් දුරයගේ චමින්ද ජයලත්October 8, 2026 at 5:49 AM

      මේ අනුන්ගේ නම් හොරකම් කරණ මිනිහෙක් මම අඳුරණ පතිරණ ගලප්පත්ති නමින් කමෙන්ට් කොටලා, තමන්ටයි කියලා නමක් දා ගනින්, පතිරණ ගලප්පත්ති කියන්නේ වෙන කෙනෙකුගේ නමක්.

      Delete
    8. සාදුගේ සිවුර ගලවන කොට දවස අඳුරු උනාට පන්සල් ඇතුලේ පොඩි ගෑණු ළමයින්ගේ ගවුම් ගැලවෙනකොට දවස ආතල් ඇතිනේ?

      Delete
    9. මෙන්න බලාපල්ලා ජඩ සාධු ගතිය ඥානසාරගේ හම්පඩ කතා විලාසය

      Delete
    10. සාදුගේ සිවුර අල්ලලා බොරු කතාවක් ගෙතුවේ ජෙප්පො ටික පන්සල එක්ක තියෙන වෛරයටනේ. ඇත්තටම එහෙම වෙලා නෑනේ. හැබැයි මහ එකා නම් පුංචි අම්මට හැමිනෙනවා.

      Delete
    11. ජෙප්පො ටික හානව කෙලවරක් නැහැ. මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ වගේ තමන්ගේ සංස්කෘතියට ගහනකොට එන කේන්තියත් එක්ක ජෙප්පොන්ට පාරෙ බැහැල යන්න වෙන්නෙ නැහැ ඉස්සරහට.

      Delete
  2. පධු ජඩ ගතිය ඉදිරියට එමින් පවතී

    ReplyDelete
    Replies
    1. කොටාගෙ පදු ජඩ ගතිය හින්ද තමයි හාමුදුරුවො උසාවි එනකොට ජම්පරේ පිටින් එව්වෙ.  

      Delete
    2. යහපාලන කාලේ ජෙපි කාඩරේ වැඩOctober 8, 2026 at 5:15 AM

      සන්ධ්‍යා එක්නැලිගොඩ කියන කොටි බැල්ලිත් එක්ක හමුදා බුද්ධි අංශ නිළධාරියෙක්ට විරුද්ධව කොටි වෙනුවෙන් හෝමාගම අධිකරණයේදී දිලීප පීරිස් මෙන් ඉතාමත් බලු විදියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුකම් කරමින් සිටි රංග දිසානායක කියන එකාට තමයි ඥාණසාර හාමුදුරුවො එදා බැනලා තියෙන්නෙ. ඒ රංග දිසානායක කියන වල් පරයා තමයි දැන් අල්ලස් හෝ දූශන විමර්ශන කොමිසමේ ලොක්කා විදියට පත් කරලා තියෙන්නෙ. ඌ තමයි විපක්ශේ උන්ව බලු විදියට අත් අඩංගුවට ගන්නේ. ශිරන්තිව ගත්තෙත් ඒ බල්ලා.

      Delete
    3. ආන්ඩුව ෆේල්. තෙල් තිබිලත් බෙදාගන්න තේරෙන්නේ නැහැ.
      බජට් එකෙන් මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැ. පලිගන්න එක විතරයි දන්නේ.
      මිනිස්සුන්ට දැන් තේරිලා තියෙන්නේ පලි ගැනීමෙන් බඩ පිරෙන්නේවත්, තමන්ගේ හෝ ළමයින්ගේ අනාගතය ගොඩ නැගෙන්නේ නැති බවත්.
      ඡන්දයක් තිබ්බොත් ආන්ඩුව 5% -7.5% මට්ටමේ ඉන්න බව සමීක්ශණ වාර්ථා වලින් එලි වෙලා තියෙන්නේ.

      Delete
  3. මුගේ ජීවිතයේ අඳුරු දින විතරයි. ත්‍රාඩ ජඩ දේශපාලනඥයන්ට සහ උන්ට කඩේ යන බැලයන්ට මෙච්චරයි ඉතුරු වෙන්න ඕනේ 🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. අඳුරු දින නම් හැබැයි මාලිමාවට තමයි ලබලා තියෙන්නෙ.
      සක්කිලි වැඩ කරලා දැන් ගලේ පැහැරුව වගේ ඉන්නව නේ.

      Delete
    2. උඹලට එච්චරවත් ඉතුරු වෙලා නැහැ ජෙප්ස්. වැඩිය උඩ පනින්නේ නැතුව ඉඳපල්ලා.

      Delete
  4. සිංහල,,මුස්ලිම් ,දෙමළ අන්තවාදීන් ලක් දෙරණින් අතුගා දමා ලක් මාතාව හිගන තත්වයෙන් මුදවාගෙන ජනතාවට සහන දෙන්න හැකි වන්නේ හොරු බොරු වංචා අල්ලස ඩීල් නාස්තිය අර්බුද නැති මාලිමාවට පමණි

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම කොරන්ඩ ඉස්සෙල්ල ගල්අඟුරු හොරුටික අල්ලල ඇතුලට දාල ඉන්ඩ කියපන්. 

      Delete
    2. ඡන්දයක් තියල බලපන්කෝ. ආස හිතෙයි පල්ලි වේසියන්ට.

      Delete
  5. ශිරන්ති හිරේ දම ඥානසාර හිමි සිවුර ගැලවීම සදරණය කල නොහැක

    හේතුව මේ 2500 සිංහල රටක් බව පද්දනට අමතක වීමය

    ReplyDelete
    Replies
    1. සිරන්ති නෙමෙයි මේරි ලූඩ්ස්

      Delete
    2. කරන්න ඕන වැඩ පැත්තක තියලා, පල්ලි ආන්ඩුව අහක තියෙන ගූ වලවල් වල බැහැලා ගූ නානවා.

      Delete
  6. කොහමද අපේ වැඩ

    එකෙක් කතා කරනවද ඩිසල් වැඩි වීම ගැන , ගල් අගුරු මැටිය ගැහීම ගැන

    එලඟ පර අපි තව පහර වැඩක් කරනවා .

    ලංකාව හරක්ට රෙවෙන්න . එකය් අපේ ප්‍රතිපත්තිය

    ReplyDelete
    Replies
    1. හැමදාම මුක්කු ගහන්න බැහැ. දැන් වේලි ගැලවිලා පුපුරලා හැම පැත්තෙන්ම.
      ගලවගෙන යනවා වැව් බැම්ම පිටින්ම. එදාට ඔය පල්ලි වල හොරි කහගෙන ඉන්න වේස බල්ලො ටික ගහගෙන යනවා.

      Delete
  7. සිවුර අවභාවිතය කර බුද්ධාගමට වින කරන සංඝයා යයි කියාගන්නා පුද්ගලයන් මේ පිං බිමෙන් අතුගා දමා සිල්වත් භික්ෂුන් වහන්සේලා රැක ගැනිමට ජනතාව පෙළ ගැසිය යුතුයි

    ReplyDelete
    Replies
    1. අනේ උඹලට එකපාරම පිංබිමයි සිල්වත් බික්ශුවයි මතක් වුනා. පල පල්ලි බල්ලො යන්න.
      කාලකන්නි වේස හැත්ත තොපේ සිරිල් ගාමිණියා පල්ලියට එන ගොන් ගෑනුන්ට වලත්තකම් කරන ඒවා දන්නේ නෑකියලද හිතාගෙන ඉන්නේ.

      Delete
    2. මුස්ලිම් ගස් බල්ලො පොඩි ලමයි දූශණය කරන ඒවා පේන්නෙ නැද්ද පදු කුලේ කැරියා?

      Delete
    3. ඒවා බෞද්ධයො බලාගන්නන්. පල්ලි බල්ලො එන්න ඕන නැහැ බෞද්ධයොන්ට ඒව උගන්නන්න. කාඩිනල් තට්ටයට කියපන් හම්බයෙක් ඉඹගෙන බෝම්බයක් ගහගෙන ඉන්න කියලා.

      Delete
    4. රිප්ලයි ටික නියමයි මචංලා

      Delete
  8. අන්තවාදි පිස්සන් කලබල වුනාට අනුර කුමාර දොස්තර කලබල වෙන්නේ නැත..අන්තවාදයට,,මූලධර්මවාදය ට බෙහෙත් එතුමා ළග ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට තේරෙනවා. ඌ කොන් දොස්තර වෙලා ඉඳලා පස්සේ කොන් කපලා දොස්තර උනා කියලා.
      කොන කපලා තොප්පිය දා ගත්තම ඔක්කොම හිතන්නේ දොස්තර කියලා.

      හැබැයි ඇත්තටම උන් අංගොඩ ලෙවල් එකේ පිස්සො.

      Delete
  9. නාන සාර යනු බුද්ධාගම නොවන බවත්
    මහින්ද යනු සිංහල නොවන බවත් ගෝත්‍රක වහලුන් වන අපට තේරුම් ගත නොහැක.

    ReplyDelete
    Replies
    1. කාඩිනල් යනු ක‍තෝලික දහම නොවන බවත්
      බයිබලය යනු ජේසුගේ දහම නොවන බවත්
      මාලිමාවේ සුද්දට රෙද්ද ඉස්සූ අවලම් පරපුරට තේරුම් ගත නොහැකි වීම පුදුමයක් නොවේ

      Delete
  10. ගම්මන්පිල මැතිතුමනි. නුදුරු අනාගතයේදී ජෙපි සාපය මේ දිවයිනෙන්ම හැඳිගෑවී හේදිලාම යනු ඇත.

    ReplyDelete
    Replies
    1. Dawal wenna athi🤣🤣🤣🤣

      Delete
  11. බලය ගිලිහෙන බව දැනිලා ජෙප්පො උමතු වෙලා.
    පිස්සු බල්ලො වගේ වටේම හපාගෙන යනවා.

    මාලිමාවේ පිස්සු බල්ලනි. දැන් උඹලගේ ගඳ ගහන කුණු මලේ පෙති ගිලිහිලා ඉවරයි.
    ඒක ගඳයි කියලත් මිනිස්සුන්ට තේරිලා. ආයේ ඒ කුණු මල කරේ තියාගෙන යන්න බැහැ.

    ReplyDelete
  12. ඔබතුමාට අපගේ ආචාරය. මාලිමා ආන්ඩුවට මේ රට හදන්න බැහැ.
    උන් දන්න ලබ්බක් නැහැ.

    ReplyDelete
  13. මාලිමාවට තාමත් කඩේ යන අඩු කුලේ වේස බල්ලන්ව ෆේස් බුක් එකෙන් අන්ෆ්‍රෙන්ඩ් කර දැමුවා. තාම බුරාගෙන වැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. Adu kule kiwwe ara Moda putha ta da? Ane man danne na monawa kiyanawada kiyala🤣🤣🤣🤣🤣

      Delete
  14. පල්ලි ආන්ඩුවේ තමන්ගේ මිනීපෙට්ටියට අන්තිම ඇනෙත් ගැහුවා.

    ReplyDelete
  15. 2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්

    https://2030plan.dhammikaperera.lk/SI/index.html

    ReplyDelete
Previous Post Next Post