පැය 24 සේවාව දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල මදි


රට තුළ පවත්නා නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතා කඩිනමින් ප්‍රතිසංශෝධනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙයි.

සෞඛ්‍ය පද්ධතියක සාර්ථකත්වය රඳා පවතින්නේ හුදෙක් භෞතික සම්පත් හෝ ගොඩනැඟිලි මත පමණක් නොව, ප්‍රමාණවත් සහ නිසි පුහුණුව ලත් මානව සම්පතක් කළමනාකරණය කරගැනීම මත බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අවසන් වරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සංශෝධනයක් සිදු කර ඇත්තේ 2015 වසරේදී බව පෙන්වා දෙන සංගමය, වර්තමාන සේවා අවශ්‍යතා සහ රෝගී ජනගහනයට සරිලන පරිදි එම සැලසුම් කඩිනමින් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට ඇති පොරොත්තු කාලය ඉහළ යාම, වෛද්‍යවරයකුට එක් රෝගියකු වෙනුවෙන් වෙන් කළ හැකි කාලය සීමා වීම සහ සායනික තීරණ ගැනීමේදී අවදානම් මතුවීම වැනි බරපතළ ගැටලු රැසක් පැනනැඟී තිබේ. ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මත පැටවෙන අධික වැඩබර සේවාවේ ගුණාත්මකභාවය පහත වැටීමට සෘජුවම බලපාන බැවින්, මෙය හුදු පරිපාලනමය ක්‍රියාවලියකින් ඔබ්බට ගිය ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බව ද සංගමය සඳහන් කරයි.

රෝහල්වල කාර්ය මණ්ඩල තීරණය කිරීමේදී රෝගීන්ගේ සංඛ්‍යාව පමණක් නොව, පැය 24 පුරා සැපයෙන සේවාවන්හි සංකීර්ණත්වය, සායනික අවශ්‍යතා, භූගෝලීය සාධක මෙන්ම වෘත්තීය නිපුණතා ද සැලකිල්ලට ගනිමින් විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

******

මාධ්‍ය නිවේදනය

සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා විද්‍යාත්මක හා ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අත්‍යවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරමින් ජනතාවට සුරක්ෂිත, ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ප්‍රමාණවත්, නිසි පුහුණුවක් සහිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

රටක සෞඛ්‍ය පද්ධතියේ සාර්ථකත්වය තීරණය වන්නේ සෞඛ්‍ය ආයතන වල භෞතික පැවැත්මෙන් පමණක් නොවේ. එම ආයතන තුළ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රමාණවත්භාවය, නිපුණතාව, නිසි ස්ථානගත කිරීම සහ රෝගීන් සඳහා වෙන් කළ හැකි කාලය ද සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධාන සාධක වේ.

ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැතිව සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කළ නොහැකිය.

ප්‍රමාණවත් නොවන කාර්ය මණ්ඩලයක් යටතේ අධික රෝගී සංඛ්‍යාවකට සේවා සැපයීමට සිදුවීමෙන් රෝගීන්ගේ පොරොත්තු කාලය ඉහළ යාම, එක් රෝගියෙකු වෙනුවෙන් වෙන් කළ හැකි කාලය සීමා වීම සහ සායනික තීරණ ගැනීමේදී ඇති විය හැකි අවදානම ඉහළ යාම වැනි ගැටලු ඇතිවිය හැකිය. එමෙන්ම, සෞඛ්‍ය වෘත්තිකයන් මත ඇතිවන අධික වැඩබර ද සේවාවේ ගුණාත්මකභාවයට සහ සෞඛ්‍ය පද්ධතියේ තිරසාර පැවැත්මට බලපායි.

එබැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කිරීම හුදෙක් පරිපාලනමය කාර්යයක් ලෙස නොව, රෝගී ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය සම්බන්ධ ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුය.

විද්‍යාත්මක පදනමක් මත කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට නිදහස් ප්‍රවේශයක් පැවතීම සහ රෝගීන්ට විවිධ සෞඛ්‍ය ආයතන වලින් සේවා ලබාගැනීමට ඇති හැකියාව සෞඛ්‍ය පද්ධතියේ වැදගත් ලක්ෂණ වේ. එහෙත්, එම සේවාවන් සැබෑ ලෙසම ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් නිසි පරිදි සැලසුම් කළ යුතුය.

රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කිරීමේදී රෝගීන්ගේ සංඛ්‍යාව පමණක් නොව, සේවා ලබාගැනීමේ රටාව, රෝගීන්ගේ සායනික අවශ්‍යතා, සේවාවේ සංකීර්ණත්වය, දිනපතා හා පැය 24 පුරා පවත්වාගෙන යා යුතු සේවා, භූගෝලීය සාධක සහ අදාළ වෘත්තීය නිපුණතා ද සැලකිල්ලට ගත යුතුය.

ඒ අනුව, පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද, නිවැරදි සේවා දත්ත සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට විශේෂිත වූ අවශ්‍යතා පදනම් කරගෙන කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ අවසන් කාර්ය මණ්ඩල සංශෝධනය 2015 වසරේ සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එබැවින් වර්තමාන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සහ වැඩබරට ගැළපෙන පරිදි කාර්ය මණ්ඩල අවශ්‍යතා නැවත ඇගයීම සහ සංශෝධනය කිරීම කඩිනමින් සිදු කළ යුතුය.

නිසි සේවා ප්‍රමිතීන් සහ රෝගීන් සඳහා ප්‍රමාණවත් කාලයක්.

රෝගීන් සඳහා ආරක්ෂිත හා ගුණාත්මක ප්‍රතිකාර ලබාදීමේදී, එක් එක් සේවා කාර්යයට අවශ්‍ය කාලය සහ අවම පහසුකම් විද්‍යාත්මකව නිර්ණය කිරීම ද වැදගත් වේ.

බාහිර රෝගී අංශවල පළමු හමුවීම්, නැවත පරීක්ෂා කිරීම්, රෝහල්ගත කිරීම් සහ අනෙකුත් සායනික කාර්යයන් සඳහා අවශ්‍ය කාලය රෝගියාගේ තත්ත්වය සහ සේවාවේ ස්වභාවය අනුව වෙනස් වේ. එබැවින් සියලුම රෝගීන්ට එකම කාල සීමාවක් යෙදීම වෙනුවට, සායනික අවශ්‍යතා සහ පිළිගත් සාක්ෂි මත පදනම් වූ සුදුසු සේවා ප්‍රමිතීන් හඳුන්වා දිය යුතුය.

එම ප්‍රමිතීන්ට අනුව සේවය සැපයීමට අවශ්‍ය වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්, භෞතික පහසුකම් සහ උපකරණ ලබාදීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි.

කාර්ය මණ්ඩල සංශෝධනයට සමගාමීව අවශ්‍ය ප්‍රතිසංස්කරණ.

සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම සඳහා පහත පියවර කඩිනමින් ගන්නා ලෙස රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

1. විද්‍යාත්මක කාර්ය මණ්ඩල තීරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම: 

පිළිගත් ක්‍රමවේද, සත්‍ය සේවා දත්ත සහ දේශීය අවශ්‍යතා මත පදනම්ව වෛද්‍යවරුන් ඇතුළු සියලු අදාළ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කාර්ය මණ්ඩල අවශ්‍යතා තීරණය කළ යුතුය.

2. නිශ්චිත කාල රාමුවක් තුළ කාර්ය මණ්ඩල සංශෝධනය සිදු කිරීම: 

සෞඛ්‍ය සේවා අවශ්‍යතා වෙනස්වීම අනුව නියමිත කාල පරාසයන් තුළ කාර්ය මණ්ඩල සැලසුම් නැවත සමාලෝචනය කර සංශෝධනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.

3. සුදුසු සේවා ප්‍රමිතීන් සහ අවම පහසුකම් හඳුන්වා දීම: 

රෝගීන් සඳහා අවශ්‍ය සායනික කාලය, සේවා පහසුකම් සහ අවම සම්පත් ප්‍රමාණය තීරණය කර ඒවා ප්‍රායෝගිකව සැපයිය යුතුය.

4. කාර්ය මණ්ඩල නිසි පරිදි ස්ථානගත කිරීම සහ වෘත්තීය සංවර්ධනය: 

සෞඛ්‍ය සේවකයන්ගේ නිපුණතා, සේවා අවශ්‍යතා සහ භූගෝලීය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔවුන් නිසි පරිදි ස්ථානගත කළ යුතු අතර, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සහ අවශ්‍ය පුහුණු අවස්ථා ද සහතික කළ යුතුය.

5. අවශ්‍ය වෘත්තීය මට්ටම් සහ අතරමැදි කාර්ය මණ්ඩල ව්‍යුහයන් සමාලෝචනය කිරීම: 

සේවා අවශ්‍යතා සහ නිපුණතා මට්ටම්වලට ගැළපෙන වෘත්තීය ව්‍යුහයන් හඳුන්වා දීම හෝ වැඩිදියුණු කිරීම පිළිබඳව සලකා බැලිය යුතුය.

නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම ජාතික වගකීමකි.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාව සතු වටිනාම සමාජ සම්පත්වලින් එකකි. එහි අනාගතය තහවුරු කළ හැක්කේ සෞඛ්‍ය සේවාවට ප්‍රවේශය පවත්වාගෙන යාමෙන් පමණක් නොව, එම සේවාව ප්‍රමාණවත් සම්පත් සහිතව, සුරක්ෂිතව, කාර්යක්ෂමව හා ගුණාත්මකව පවත්වාගෙන යාමෙනි.

එබැවින් විද්‍යාත්මක පදනමක් මත කාර්ය මණ්ඩල අවශ්‍යතා නිර්ණය කිරීම, කාලෝචිත කාර්ය මණ්ඩල සංශෝධනය, සාධාරණ සේවා ප්‍රමිතීන් සහ අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා රජය කඩිනම් හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

මෙම ප්‍රතිසංස්කරණ වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අවශ්‍යතා සඳහා පමණක් නොව, සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් හිමිවීම තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.





Urgent Call for Health Workforce Reform in Sri Lanka's Public Health Sector

The Government Medical Officers' Association (GMOA) has urgently emphasized the need for a scientifically-based overhaul of the health workforce to assure the quality of public health services and patient safety in Sri Lanka. This assertion was conveyed in a recent statement directed at the government and the Ministry of Health.

Success in a health system depends not only on physical resources or infrastructure but also on effectively managing adequately trained human resources, as highlighted in the association's media release. Since the last reform of the health workforce in 2015, the GMOA points out that timely updating of workforce plans is essential to align with current service demands and the increasing patient population.

A significant issue stemming from inadequate staffing is the extended wait times for patient treatment, limited time a physician can dedicate to a single patient, and the increased risk during clinical decision-making. Additionally, the excessive workload on health personnel directly impacts the quality of care, necessitating urgent action beyond mere administrative processes. The association urges that workforce considerations be treated as a national priority related to patient safety and public health.

When determining staffing needs in hospitals, it is critical to account for factors such as patient volume, service complexities, clinical requirements, geographical influences, and required professional skills, as indicated in the association's statement.

In a formal media release, the GMOA reaffirmed that a scientifically adequate health workforce is crucial for ensuring safe and quality health services. Maintaining a workforce equipped with the right training is vital as Sri Lanka strives to provide accessible and effective healthcare to the public.

The association stresses that the overall success of a health system relies not merely on the existence of physical healthcare facilities but also on the sufficiency and placement of healthcare professionals within those institutions. The quantity and skill of healthcare providers, as well as the time allocated for patient care, are key determinants of healthcare quality.

Without sufficient staffing, the assurance of safe and quality health services cannot be realized. Challenges such as increased wait times for patient services, the restriction of time allocated per patient, and potential risks in clinical decision-making arise when health professionals are overwhelmed. Furthermore, mounting pressure on healthcare workers affects both the quality of service and the sustainability of the healthcare system.

The GMOA calls for an immediate response from the health authorities to establish a scientifically-backed method for determining workforce requirements. This process must move beyond administrative concerns to become a matter of national importance with significant implications for public health.

The association lists several steps the government and health ministry must undertake without delay:

  1. Implement a scientific process for workforce determination: Staffing needs for all relevant health professionals, including physicians, should rely on validated service data and local requirements.
  2. Conduct staff reforms within a specific time frame: There should be a structured system in place for timely reassessment and adjustment of staffing plans according to changing health service needs.
  3. Establish appropriate service standards and minimum resource allocations: The necessary clinical times and facilities for patient care must be clearly defined and practically provided.
  4. Ensure proper placement of staff and professional development: Healthcare professionals should be appropriately placed considering their skills, service needs, and geographical spread, with provisions for continuous professional development and training opportunities.
  5. Review necessary professional levels and intermediate staffing structures: New or improved professional frameworks should be introduced according to service demands and skill levels.

Preserving the public health service is a national responsibility. The GMOA emphasizes that the free health service in Sri Lanka is one of the most valuable social assets belonging to the people, and its future hinges on not only maintaining access but also ensuring that these services are robust, secure, efficient, and of high quality.

Thus, the government is urged to take swift and practical measures to determine staffing needs based on scientific criteria, timely workforce reforms, equitable service standards, and adequate resources, ensuring that every Sri Lankan citizen receives secure and quality healthcare.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post