අලුත් ක‍්‍රිකට් කමිටුව ක‍්‍රීඩකයන්ගේ ෆිට්නස් අතහැරලා..


වත්මන් ක්‍රිකට් කමිටුව විසින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්පූර්ණයෙන්ම නොසලකා හැර කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

හිරු නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ සමයේ කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේදී ශාරීරික යෝග්‍යතාව අනිවාර්ය සුදුසුකමක් ලෙස ක්‍රියාත්මක කළ නමුත් නව කමිටුව පත්වීමෙන් පසු එම ප්‍රමිතිය ඉවත් කර ඇති බව පෙන්වා දුන්නේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයට ශාරීරික යෝග්‍යතාව අත්‍යවශ්‍ය සාධකයක් බවත්, එය නොමැතිව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමේ ක්‍රිකට් ව්‍යුහය අඩපණ කරමින් අවුරුදු 15න් පහළ තරගාවලිය අතරතුර පවා සුදුසුකම්ලත් දේශීය පුහුණුකරුවන් 35කට අධික පිරිසක් හිටිහැටියේ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු අනාවරණය කළේය.

රංගන හේරත් සහ ධම්මික ප්‍රසාද් වැනි ලෝක මට්ටමේ දක්ෂතා දැක්වූ දේශීය ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ සේවය පුහුණු කිරීම් සඳහා නිසි පරිදි ලබා නොගෙන, විශාල වියදමක් දරමින් විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමට කටයුතු කිරීම ගැටලු සහගත බවද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව, මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ යම් ආගමික කල්ලිවල බලපෑම් පැවති බවට පුහුණුකරුවන් කිහිපදෙනෙකු තමන් වෙත කරුණු හෙළි කළ බවත්, එවැනි බලපෑම් සහ අකාර්යක්ෂම පරිපාලන තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.





Former Sports Minister Criticizes Current Cricket Administration's Neglect of Player Fitness

In a recent statement, former Sports Minister Dayasiri Jayasekara has raised concerns about the current cricket administration’s disregard for the physical fitness of players, identifying it as a significant factor contributing to the decline of cricket in Sri Lanka. Speaking during a politically charged program aired on Hiru TV, Jayasekara emphasized the need for proper standards in player selection.

Reflecting on his tenure, he noted that physical fitness was a mandatory criterion during his time in office for selecting players. However, he lamented that this standard has been abandoned since the appointment of the new cricket committee.

Jayasekara highlighted the crucial role of physical fitness in achieving success at the international level, asserting that without it, victory on the world stage is unattainable. He further stressed that the current composition of local cricket is being undermined, with over 35 qualified local coaches being dismissed from the ranks during competitions for players under 15.

The former minister pointed out the issue of local cricket legends like Rangana Herath and Tharanga Paranavitana not being properly utilized for training, while significant funds are being allocated to recruit foreign coaches. He labeled this practice as problematic for the future of Sri Lankan cricket.

Moreover, he revealed that several coaches have approached him expressing concerns over the influence of certain religious factions within the cricketing community. According to Jayasekara, these undue influences, coupled with ineffective administrative decisions, have plunged Sri Lankan cricket into a state of crisis.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post