වැලිකඩ සිට නාමල් දුන් උපදෙස් මත පොහොට්ටු ශාකා සමිති 60%ක් හැදුවා...


ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා ශාඛා සමිති සියයට හැටක් හදා අවසන් බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානද සියයට පනහක්ද  පිහිටුවා අවසන් බව ඩී.වී චානක මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව සදහන් කලේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානවල ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

මෙහිදී ලබන වසර ආරම්භ වන විට ඉතිරි ශාඛා සමිති ඉතිරි සියයට හතළිහද පිහිටුවා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.

තවද ඊළඟ වර්ෂයේ මැද වනවිට කොට්ඨාස රැස්වීම් 4000ක්ද පවත්වා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.





SLPP Establishes 70% of Branch Committees Nationwide

Under the guidance of National Organizer and Parliament Member Namal Rajapaksa, the Sri Lanka Podujana Peramuna (SLPP) has successfully formed 70% of its branch committees across the country, according to D.V. Chanaka, the party's National Coordinator.

Chanaka further emphasized that affiliated organizations of the SLPP have established 50% of their respective organizations as well.

This announcement was made during a progress evaluation meeting of the SLPP's affiliated groups.

Looking ahead, Chanaka indicated that by the start of next year, they aim to complete the establishment of the remaining 38% of branch committees.

Additionally, he revealed plans to conduct 4,000 divisional meetings by mid-next year.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post