ශ්රී ලංකාවේ වනාන්තරවල සැරිසැරූ දළ ඇතුන් අතුරින් සතුන් 99 දෙනෙකු පිළිබඳව පසුගිය වසර තුනක කාලය තුළ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත්, මෙලෙස අතුරුදන් වූවන් අතර මෙරට ප්රකට දළ ඇතුන් කිහිපදෙනෙකුම සිටින බවත් වනජීවී ක්ෂේත්රයේ ක්රියාකාරී Wild Tuskers Sri Lanka සංවිධානය අනාවරණය කරයි.
එමෙන්ම දැනට ජීවතුන් අතර සිටින බවට හඳුනාගෙන ඇති දළ ඇතුන් අතුරින් 13 දෙනෙකුගේ ජීවිත දැඩි අනතුරකට මුහුණ පා ඇති බව එම සංවිධානයේ සාමාජික මිලින්ද වත්තේගෙදර මහතා පෙන්වා දෙයි.
මෙලෙස අතිශය අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති ප්රමුඛ පෙළේ දළ ඇතුන් 13 දෙනා වන්නේ;
ගජබාහු, සූර්යා, දීඝායු, කාශ්යප, මහාසේන, විජයබා, සුරනිමල, මහානාම, වන්නියාන්, උඩවලවේ සුමේධ, මහ වාසල සහ අග්බෝ යන සතුන්ය.
මෙම හස්තීන් අතුරින් දරුණුතම ජීවිත තර්ජනයට මුහුණ දී සිටින්නේ පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වූ ‘අග්බෝ’ හස්තියා බව එම සංවිධානයේ සාමාජික චන්දික ලක්මාල් මහතා සඳහන් කරයි. අදාළ සතුන් ගැවසෙන භූමි ප්රදේශ, මිනිස් ක්රියාකාරකම් මෙන්ම උන්ගේ හැසිරීම් රටාවන් මෙම අවදානම කෙරෙහි සෘජුව බලපාන බව පෙන්වා දෙන ඒ මහතා, අග්බෝ හස්තියා තුළ පවතින කලහකාරී හැසිරීම හේතුවෙන් ඌ නිරන්තරයෙන් මිනිස් ප්රහාරයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බව පවසයි. එබැවින් වගකිවයුතු බලධාරීන් සංරක්ෂණ සැලසුම් ක්රියාවට නැංවීමේදී අග්බෝ, ගජබාහු සහ වාසල වැනි අතිශය අවදානමට ලක්වූ දළ ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ප්රමුඛතාවක් ලබා දිය යුතු බව සංවිධානය අවධාරණය කරයි.
වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ ප්රධානත්වයෙන් යුත් ‘වයිල්ඩ් ටස්කර්ස් ශ්රී ලංකා’ සංවිධානය 2006 වසරේ සිට මෙරට වනාන්තරගත දළ ඇතුන් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යනු ලබයි. එම දත්ත වාර්තාවලට අනුව 2006 වසරේ සිට ගතවූ දශක දෙකක කාලය තුළ මෙරටින් වාර්තා වී තිබූ මුළු දළ ඇතුන් සංඛ්යාව 322කි. එහෙත් වර්තමානය වන විට තොරතුරු තහවුරු කරගත හැකිව ඇත්තේ ඉන් දළ ඇතුන් 174 දෙනෙකු පිළිබඳව පමණි. එම 174 දෙනා අතරින්ද වර්ගයා බෝකිරීමේ හැකියාව සහිත, වයස අවුරුදු 30 ඉක්මවූ පූර්ණ පරිණත දළ ඇතුන් සිටින්නේ 56 දෙනෙකු වැනි අතිශය සීමිත සංඛ්යාවක් පමණි.
Conservationists Alarmed as Sri Lanka's Endangered Elephants Face Extinction Risks
The plight of Sri Lanka's elephants has reached a critical point, with reports revealing that 99 wild elephants have been missing for the past three years. Among those unaccounted for are some of the country's most renowned elephants, according to the wildlife conservation organization, Wild Tuskers Sri Lanka.
Furthermore, it's been disclosed that 13 elephants currently identified are facing dire threats to their survival. Milinda Waththagedara, a member of the organization, highlighted the gravity of their situation, bringing attention to the critically endangered status of these majestic creatures.
The 13 elephants on this high-risk list include well-known individuals such as Gajabahuu, Surya, Dighayuu, Kashyapa, Mahasena, Vijayaba, Suranimala, Mahanama, Vanniyān, Uduwalawe Sumeda, Mahavasala, and Agbo.
Notably, Agbo has garnered significant concern recently due to its increasingly aggressive behavior, as pointed out by Chandika Lakmal, another member of Wild Tuskers. This alarming behavior, combined with threats from human activities and habitat encroachment, poses direct risks to Agbo's safety and well-being. The frequent dangers faced by this elephant have increased the likelihood of human-elephant conflict, which is exacerbated by its current temperament. Therefore, conservationists are urging relevant authorities to prioritize protective measures for Agbo, Gajabahuu, and Mahavasala, all of which are at a heightened risk of extinction.
Since its establishment in 2006, Wild Tuskers Sri Lanka has maintained a systematic database on the wild elephants in Sri Lanka. Data collected over the past two decades indicates that a total of 322 elephants were documented from 2006 onwards. However, as of now, only 174 of these can be reliably tracked. Among this group, a mere 56 elephants are fully mature, surpassing the age of 30, pointing to a severely limited population that is vital for the species' continuity.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
