පලිගන්න හිතන්න එපා.. හිරේ යන්න හිත හදාගන්න..- වැලිකඩ ඉන්න නාමල්ට මහින්ද ලියූ ලිපිය මෙන්න.


දේශපාලනයේ නිරත වන්නේ නම් සිරගත වීමට මෙන්ම විවිධ දුක් ගැහැට විඳදරා ගැනීමට සූදානමින් සිටිය යුතු බව සිහිපත් කරමින්, කුමන පාර්ශ්වයකින් කුමන කතා කීවද අධිකරණය කෙරෙහි පමණක් පූර්ණ විශ්වාසය තබන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගතව පසුවන සිය පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් උපදෙස් දී තිබේ.

කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා සිය ලේකම්වරයෙකු මාර්ගයෙන් ලියා යොමු කළ මෙම විශේෂ ලිපිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මඟින් බන්ධනාගාරයේ පසුවන නාමල් රාජපක්ෂ මහතා වෙත භාරදීමට පියවර ගෙන ඇත.

නාමල් රාජපක්ෂ මහතා 2010 වසරේදී සක්‍රීය දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට පෙර ඒ සඳහා තමන්ගෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාව සිහිපත් කරමින් හිටපු ජනාධිපතිවරයා එම ලිපියේ මෙසේ සඳහන් කර ඇත.

ආදරණීය නාමල්!

ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.

මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.

දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.

මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්‍රමයයි. සම්ප්‍රදායයි.

මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.

ඔබට තෙරුවන් සරණයි!”





Mahinda Rajapaksa Advises Son Namal Amidst Political Turmoil

In a heartfelt letter to his son, Namal Rajapaksa, former President Mahinda Rajapaksa has underscored the harsh realities of political involvement, emphasizing both the potential for imprisonment and enduring personal struggles. This message comes in light of Namal's current situation in remand custody.

While receiving treatment at the Nawaloka Private Hospital in Colombo, Mahinda entrusted the letter to his secretary, who subsequently ensured its delivery through Parliamentarian D.V. Chanaka to Namal, who is currently detained.

Recalling the moment in 2010 when Namal sought his consent to enter active politics, Mahinda conveyed the importance of being prepared for adversity while pursuing a political career. "Dear Namal! You may remember asking my permission to enter politics back in 2010, and I hope you also recall the advice I gave you at that time. If you wish to enter politics, do so, but be prepared to face imprisonment and suffering. I have no qualms about that," he wrote.

Mahinda reflected on his own experiences, noting that he was incarcerated under baseless charges shortly after entering politics, a time when Namal had not yet been born. "My sole confidence during that tumultuous period was in the judicial system. Regardless of who says what, place your trust solely in the court," he advised.

Coincidentally, both father and son have found themselves in hospitals, with Mahinda expressing concern for his other sons, Yoshitha and Rohitha. He mentioned that Yoshitha is facing a court case due to his involvement with the navy. "You likely remember that among the countless youth we employed in this government, there were also young children of the ruling elite," he noted, urging Namal not to align himself with those driven by power.

Mahinda articulated his belief that children should not bear the brunt of their parents' actions, reaffirming the Rajapaksa family’s tradition of standing by its principles. "The Rajapaksas have never made the innocent suffer for the wrongs of others,” he stated. "While we may have been voted out, let us act as though the people are inherently good."

He concluded with a blessing for his son, stating, "May you find refuge in the Triple Gem!"



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ජන් දෙන් පරාද කරන්න කලින්... ගහලා පැන්නුවා බ්‍රෝ... ඒක මතක නැතෙයි? අර ත්‍රිකුණාමලේ ගොහින් හැඟුනේ මචන්............ ඔයාට ඩිමීෂියා නිසා මතක නැතුව ඇති බ්‍රෝ............

    ReplyDelete
    Replies
    1. 1987-1989 දි අපි උඹල 60000 මරල මස් කෑව බ්‍රෝ. ලපය පාවා දුන් නිසා අමහ්ටක ඇති. මම යූඇන්පී.

      Delete
  2. හරිම සංවේදියි. ඇඬෙනවා. හැබැයි ඉතින් පුතාට දෙන්නම ඕනි අවවාද ටික දීලා නෑ.

    තාත්තගේ බලය පාවිච්චි කරලා
    - හොරාට exam පාස්වෙන්න එපා
    - ඩීල් දාලා හොරා කන්න එපා
    - මහජනතාවගේ මුදල් තමන්ගේ සුඛවිහරනයට පාවිච්චි කරන්න එපා
    - ක්‍රීඩකයන් මරන්න එපා.

    ඔය ටිකත් ලියුමේ ලිව්ව නං සම්පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. ඇ ගොන් මාමේ ඇයි ඔය මාමා කියන ඒවාට නෙවෙයිනේ රිමාන්ඩ් කොරලා තියෙන්නේ. දැන්මම ඛස් එකේ හරි ගිහිල්ලා ලපයට ඔය විස්තරෙත් දීපන්කෝ.

      Delete
    2. අනේ Lalinda ලොන්ත පුතේ. උඹේ කිරි මයිල් ටිකක් ආවහම ඔව්වා කතා කරහං. දැනට නිදියන්න ඉස්සර චූ කරහං ඇඳ තෙමන්නේ නැතුව.

      Delete
  3. හොරකම උගන්නපු එකා දෙන උපදෙස් දැක්කම පස්ස පැත්තෙනුත් හීනා... අපිව ගොනා කරන පීර් කෑලී
    තාමත් අපිව ගොනා කරන්නයි හදන්නේ

    ReplyDelete
    Replies
    1. උඹලා තවමත් පචයගේ පච අදහගෙන ද ඉන්නෙ? උඹලා පවු බන්. මොලයක් ලැබිලත් පාවිච්චි කරගන්න බැරි හැටි!

      Delete
Previous Post Next Post