ජාත්යන්තර වෙළෙඳපොළේ බොරතෙල් සහ ඉන්ධන මිල සීඝ්රයෙන් ඉහළ යාම හමුවේ මෙරට සිල්ලර ඉන්ධන බෙදාහැරීමේ නිරත ප්රමුඛ විදේශීය සමාගම් තුන සිය මෙහෙයුම් කටයුතු සීමා කර ඇති බවත්, ඒ හේතුවෙන් නිර්මාණය වී ඇති ඉන්ධන හිඟය පියවීමේ දැඩි අභියෝගයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මුහුණ දී සිටින බවත් (Daily Mirror) පුවත්පත වාර්තා කටියි.
ලංකා අයිඕසී (LIOC), චීනයේ සිනොපෙක් (Sinopec) සහ ඇමරිකානු ආර්.එම්. පාර්ක්ස් (RM Parks) යන විදේශ සමාගම් මෙලෙස සිය බෙදාහැරීම් සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ඩේලි මිරර් පුවත්පත වෙත තහවුරු කර තිබේ.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට සමස්ත ඉන්ධන සැපයුමෙන් සියයට 45ක පමණ දායකත්වයක් දරනු ලැබුවේ මෙම විදේශීය සමාගම් විසින් බවයි. කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය හමුවේ මෙරට ඩීසල් අවශ්යතාවයෙන් සියයට 80ක්ම සිය පිරවුම්හල් ජාලය හරහා බෙදාහැරීමට මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති බව ඔහු සඳහන් කරයි.
ඉන්ධන පරිභෝජනය පාලනය කිරීම සඳහා කිසියම් ක්රියාමාර්ගයක් ගන්නේදැයි විමසූ විට, ඒ සඳහා ගත හැකි වඩාත්ම ප්රායෝගික විසඳුම වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම බව සභාපතිවරයා ප්රකාශ කර ඇත.
"බෙදාහැරීම සීමා කිරීම සඳහා QR කේත ක්රමය නැවත දැඩි කිරීමට අපට හැකියාවක් නැහැ. මන්ද ඒ සඳහා විශාල පරිපාලන පිරිවැයක් දැරීමට සිදුවන නිසයි. ඒ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව මේ වන විට අවධානය යොමු වෙමින් පවතිනවා," යනුවෙන් ඔහු ඩේලි මිරර් වෙත වැඩිදුරටත් පවසා තිබේ.
ගතවූ සුළු දින කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඩීසල් සහ පෙට්රල් මිල ගණන් අසාමාන්ය ලෙස ඉහළ යාම හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි මූල්ය හා මෙහෙයුම් බාධාවන්ට මුහුණ දී සිටියි. පසුගිය අඟහරුවාදා වන විට ජාත්යන්තර වෙළෙඳපොළේ ඩීසල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 174 දක්වාත්, පෙට්රල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 133 දක්වාත් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව සංස්ථා සභාපතිවරයා පෙන්වා දෙයි.
Limited Fuel Distribution in Sri Lanka Amid Rising Global Prices
As international oil and fuel prices surge, three prominent foreign companies engaged in the retail fuel distribution in Sri Lanka have reportedly scaled back their operations, leading to significant challenges for the Ceylon Petroleum Corporation (CPC) in managing fuel shortages.
According to D. J. Rajakaruna, Chairman of the CPC, the foreign companies involved—Lanka IOC, Sinopec from China, and American firm RM Parks—have indeed restricted their distribution activities. This development comes at a time when these companies contribute around 45% to the overall fuel supply in the country.
Rajakaruna noted that under the current circumstances, the CPC is now responsible for distributing approximately 80% of the country's diesel needs through its network of fuel stations. This reliance underscores the gravity of the situation as the CPC navigates the repercussions of limited supplies from these foreign entities.
When questioned on measures to control fuel consumption, Rajakaruna indicated that raising fuel prices is the most feasible solution currently being considered. "We cannot reintroduce the QR code system for distribution control, as it would incur substantial administrative costs. Therefore, our focus is shifting towards increasing fuel prices," he elaborated.
Over the past few days, the CPC has faced severe financial and operational obstacles due to an unusual spike in diesel and petrol prices in the global market. The Chairman highlighted that, as of Tuesday, the price of a barrel of diesel reached USD 174, while petrol soared to USD 133, exacerbating the corporation's challenges.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පෝට් සිටි එකට බදු සහන දෙන්න කළින් ආණ්ඩුව පොරොන්දු වෙලා හිටිය. ආයෝජකයො ආව ඒ බදු සහන නිසා. මේ පුංචි මිනිස්සුන්ගෙ ආණ්ඩුව ඇවිල්ල බදු සහන ටික කැපුව .. එන්න හිටපු කොම්පැනි ටික ගියා.
ReplyDeleteඅදානි මෙගාවොට් 400 ගාණක සුලං විදුලිබල ව්යාපෘතියක් පටන් ගත්ත යුනිට් එකට සත 8 ගානෙ කළින් ආණ්ඩුව කතා කරගෙන. මේ ආණ්ඩුව ආපු ගමන් කවුද එකෙක් ඩොලර් සත 4 ට දෙන්න පුලුවන් කියල මෙගාවොට් 20 ක්ද කොහෙද ගැහුව. අනේ මේ මෝඩ ආණ්ඩුව අර මෙගාවොට් 400 ප්රොජෙක්ට් එක කැන්සල් කරල අදානිට වන්දිත් ගෙව්ව.
වරායෙ නැගෙනහිර පර්යන්තයෙ කතාවත් ඔය වගේම තමයි.
දැන් මේ තෙල් කොම්පැනි ටික වැඳල වැඳල ගෙන්න ගත්ත උන්ගෙ ඩොලර් වලින් තෙල් ගේන්න හැබැයි ඒ උපයන ආදායම අවුරුදු 3ක් යනකං නැවත එලියට ගෙනියන්න බැරි වෙන්න ගිවිසුම් ගහල. දැන් මේ මෝඩ ආණ්ඩුව උන්ට කියනව පාඩුවට තෙල් විකුණපල්ලා කියල. උන් දැන් තෙල් ගෙන්නන්නෙ නෑ. දැන් CPC එක අර අමාරුවෙන් ඉතිරිකරගත්ත රටේ තියෙන ඩොලර් ජුංඩ වියදම් කරල තෙල් ගේනව.
මේ මෝඩ ආණ්ඩුවට තේරෙන්නෙ නැද්ද මන්දා මුන් මේ කෙලින පිස්සු වලින් කෙලවෙන්නෙ මේ රටට, මේ රටේ තරුණ පරම්පරාවටය කියල. මේ මෝඩ ආන්ඩුව කෙලින පිස්සු දැකල අළුත් ආයෝජකයෙක් මේ රටට එයිද ඉතිං ?