දවසට එක බිත්තරයක්වත් කන්න..


 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන්, 09 දිනට යෙදී තිබෙන ලෝක බිත්තර දිනයට සමගාමීව බිත්තර පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගිත්වයෙන් කිඹුලාවල සමනල උත්සව ශාලාවේදී පැවැත්විණි. සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය, ලෝක කුකුළු විද්‍යා සංගමය (ශ්‍රී ලංකා ශාඛාව), ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය හා ශ්‍රී ලංකා කුකුළු සංසදය එක්ව සංවිධානය කොට තිබූ වැඩසටහන සදහා පාසල් ළමුන් හා ගැබිණි මව්වරුන් එක්ව සිටියහ. 

රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ පශු විද්‍යා අධ්‍යන අංශ මහාචාර්ය ඉදුනිල් පතිරණ මහතා '' බිත්තර, විද්‍යාව හා මිථ්‍යාව '' මැයින්  බිත්තර පරිභෝජනය පිළිබද හා ඒ හා සම්බන්ධ මිථ්‍යා මත බැහැර කිරීම සදහා පාසල් ළමුන් හට දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙහිදී පවත්වන ලදී. එමෙන්ම බිත්තරයේ පෝෂණීය වටිනාකම  පිළිබඳ  ආහාර විද්‍යා පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ගැබිණි මවුවරුන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. 

මෙහිදී අදහස් දැක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. 

“ලෝක බිත්තර දිනය නිමිති කරගෙන සංකේත්මකව මේ කරන වැඩසටහන ඉතාම වැදගත්. බිත්තර සම්බන්ධයෙන් එහි පෝෂණීය අගය හා බිත්තර සම්බන්ධයෙන් පවතින වැරදි ආකල්ප සම්බන්ධයෙන් සමාජය දැනුවත් වීම වැදගත්. රටක් විදියට ඉදිරියට යනකොට පෝෂණය ඉතා වැදගත්. සමබල ආහාර වේලේ අනිවාර්යයෙන්ම තියෙන අංගයක් තමයි බිත්තරය. අපේ රටේ බිත්තර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දැනට අපි නිෂ්පාදනය කරනවා. සමහර අවස්ථාවලදී අතිරික්තයක් ඇවිල්ලා තියෙනවා.

අපේ ආර්ථිකය කඩාවට්ටපු කාලයේ 2022 මැයි මාසේ ජාත්‍යන්තරය නිවේදනය කරනවා ශ්‍රී ලංකාව බංකලොත් රාජ්‍යයක් කියලා. අන්න ඒ වකවානුව තුළ අපේ එක පුද්ගල බිත්තර පරිභෝජනය 90 ගණන් වලට වැටුනා. බිත්තරවල මිළත් ඉහළ ගියා. බිත්තර පරිභෝජනය කරන්න තරම් මිනිස්සුන්ට ආර්ථික හැකියාවක් නැතුව ගියා.  ඊට සාපේක්ෂව බැලුවොත් එහෙම ඒ වෙනකොට තියෙන නිෂ්පාදනය අපිට අතිරික්තයක්ද ? නැහැ. අපි සාමාන්‍යයෙන් දෛනිකව බිත්තරව එකක්වත් කන්න ඕනේ. බිත්තරවල තියෙන වටිනාකම පෝෂණය පිළිබඳව තවදුරටත් ජනතාවට දැනුවත් වෙන්න ඕනේ. මේකෙදි පාසල අපිට උපයෝගී කරගන්න පුළුවන්. සෑම පාසල දරුවෙක්ටම ආහාර වේලට බිත්තරයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක වැදගත්.

පෝෂණ අවශ්‍යතාවය පැත්තෙන් ගත්තොත් අපිට ගැටලුවක් නැතුව පහසුවෙන් සපයා ගත හැකි ප්‍රෝටීන ප්‍රභවයක් තමයි බිත්තර. අපි රටේ ජනතාවකින් ඉල්ලා සිටිනවා ඔබේ දරුවන්ට වැඩි වැඩියෙන් බිත්තර කන්න දෙන්න. ඔබේ ආහාර වේලට උපරිම බිත්තර එකතු කරන්න. ඒක පුද්ගල බිත්තර පරිභෝජනය අද මට්ටමෙන් දෙගුණ‍යකට එහා යන්න ඕනේ. දෙගුණකට එහා ගියොත් තමයි අපිට පෝෂණය පිළිබඳව යම්කිසි අදහසක් රටක් විදිහට අපට හිතන්න පුලුවන්.” 





World Egg Day Awareness Program Promotes Nutritional Benefits of Eggs

In a vibrant celebration at the Kimbulawala Samanaala Hall, Sri Lanka marked World Egg Day on October 9 with an informative event dedicated to egg nutrition. The initiative, led by the Ministry of Agriculture, Animal Resources, Lands and Irrigation, featured the participation of Deputy Minister Namal Karunarathna. Organized collaboratively with the All Sri Lanka Poultry Entrepreneurs Association, the Sri Lankan Branch of the World Poultry Science Association, the Sri Lanka Veterinary Association, and the Sri Lanka Egg Producers Association, the program included school children and expectant mothers.

Professor Idunil Pathirana from the Faculty of Agriculture at Ruhuna University conducted a session titled "Eggs, Science, and Myths," which aimed to educate students about egg consumption and dispel common misconceptions. Alongside this, nutrition expert Dr. Renuka Jayatissa addressed the importance of eggs' nutritional value in a session specifically designed for expectant mothers.

During the event, Deputy Minister Karunarathna emphasized the significance of the program in raising awareness about the nutritional benefits of eggs, stating, "Marking World Egg Day with this event is crucial. It is important for society to understand the nutritional value of eggs and the misconceptions surrounding them. As a country, nutrition is essential for our progress, and eggs are a vital component of a balanced diet. Currently, we are meeting the demand for eggs in our country, and at times, there is even an excess.”

Reflecting on the economic crisis that led to Sri Lanka being declared a bankrupt nation in May 2022, he noted that per capita egg consumption dropped to 90, while prices surged, leaving many unable to afford them. "Despite this situation, we must recognize that our production does not amount to surplus. Daily, everyone needs at least one egg. We must continue to enlighten people about the nutritional value of eggs, and schools can play a crucial role in this. If every child in school has access to an egg at mealtime, that is significant,” he remarked.

Karunarathna urged parents to encourage their children to consume more eggs, highlighting that eggs are a readily available source of protein that can easily meet nutritional needs. "We ask all citizens to ensure that their meals include as many eggs as possible. Our per capita egg consumption needs to double. Achieving this would allow us as a nation to have a realistic understanding of nutrition," he asserted.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ගං බිත්තර ද, සුදු බිත්තර ද?

    ReplyDelete
    Replies
    1. රනිල් ගේ බ්‍රස්ලට් වගේ තමයි කෘෂිකර්මය සත්ව පාලනය වලපල්ලට යැවූ මොවුන් ජනතාවට වැදී බන දෙසනවා

      Delete
    2. ඇත්තටම රනිල් කිව්වේ බ්‍රේස්ලට් බෙදනවා කියලා නෙවේ. එදා ඔහු ඒ ප්‍රකාශය කරද්දි මම එතන හිටියා. ඔහු කිව්වේ ඔහුට බලය දුන්නොත් බුලත් විටක් හපලා නිකම් ඉන්න පුද්ගලයෙකුට, ඔන්නම් චුයින්ගම් එකක් ගන්ඩ පුළුවන් ආර්ථිකයක්, ඉමිටේෂන් මාල වෙනුවට රත්තරං චේන් එකක් අරගන්ඩ පුළුවන් ආර්ථිකයක්, නිකම් තියෙන අතට බ්‍රේස්ලට් එකක් දා ගන්ඩ පුළුවන් ආර්ථිකයක් හදනවා කියලා.

      ඔහු 2001 දී -2% (සෘණ 2) වෙලා තිබුණු ආර්ථිකය 2002 දි 4%කුත්, 2006 දි 6%කුත් දක්වා වර්ධනය කලා. සාම සාකච්ඡා පැවැත්වුණා, සෝමාවතී වඳින්ඩ ඒ9 පාර විවෘත්ත වුණා පොසොන් එකට, එම චෛත්‍යය පිළිසකර කලා, කරුණා අම්මාන් සහ කණ්ඩායමට තායිලන්තය, නෝර්වේ, ජර්මනිය, සහ ජපානයට රැගෙන ගොස් ඒ රටවල් වල වෙනස් ජීවිතයක් තිබෙන බව පෙන්වා පසු කාලීනව ඔහුව එල්.ටී.ටී.ඊ. යෙන් වෙන් කිරීමට කටයුතු කලා, ඒ වගේ හොඳ ශක්තිමත් ඉතිහාසයක් ඔහු නිර්මාණය කලා.

      නමුත් ඔය බ්‍රේස්ලට් කථාව ඉතාම නිර්දය විදියට වේදිකාවල පට්ටා ගහන්ඩ ගත්තා එවකට චන්ද්‍රිකා සමඟ සන්ධාන ගත වුණ ජේ.වී.පී. එක, විශේෂයෙන් විමල් වීරවංශ සහ ටිල්වින් සිල්වා තමයි ඔය කථාව කෝලමක් හැටියට ජනගත කලේ.

      Delete
Previous Post Next Post