චරිත් අබේසිංහගේත් දේපල තහනම්...


 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘හරක් කටා’ නමැත්තාට සහන සලසා දීම සඳහා රුපියල් කෝටි 12ක (මිලියන 120ක) අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව, නඩුවේ පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (30) දැනුම් දුන්නේය.

අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද මෝසමක් සලකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුවේ දෙවන සැකකරු වන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් මේ වන විටත් තහනම් කර ඇති බවයි.

මීට අමතරව, සිද්ධියේ තුන්වන සැකකරු වන වරුණ හන්දිගේ අරුණ චතුරංග නමැත්තාගේ බිරිඳට සහ පියාට අයත් බව කියන වාහන දෙකක ගනුදෙනු අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව කොමිසම අධිකරණය හමුවේ තහවුරු කළේය.

මෙම සියලු වත්කම් සහ දේපළ අත්හිටුවීමේ ක්‍රියාමාර්ග ගනු ලබන්නේ 2025 අංක 5 දරන අපරාධවලින් උපයාගත් වත්කම් පිළිබඳ පනත යටතේ බව අල්ලස් කොමිසම මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම වත්කම් තහනම් කිරීමට අදාළ සවිස්තර වාර්තාව පැය 72ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ කොමිසමේ නිලධාරීන්, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා සුදුසු දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව යළි ලබන දෙසැම්බර් මස 08 වැනිදා කැඳවීමට නියෝග කළේය





Commission Moves to Seize Assets Linked to Major Drug Trafficker

The Commission to Investigate Allegations of Bribery or Corruption has announced plans to initiate proceedings for the confiscation of a luxury residence owned by Charith Abeysinghe, identified as the primary suspect in a high-profile case involving the provision of a significant bribe amounting to 120 million rupees (approximately $12 million). This action was communicated to the Colombo Chief Magistrate's Court today, October 30.

During the proceedings, Chief Magistrate Asanga S. Bodaragama was informed by commission officials that four bank accounts belonging to Rakhitha Rajapaksa, the son of former Minister of Justice Wijeyadasa Rajapaksa, who is the second suspect in this case, have already been frozen. In addition, several luxury vehicles associated with him have also been seized.

Further complicating matters, it was confirmed that transactions involving two vehicles owned by Aruna Chathuranga, the third suspect in the case, and his family are also under suspension.

The commission emphasized that these asset confiscation measures are being undertaken in accordance with the Proceeds of Crimes Act No. 5 of 2025, which governs the management of assets derived from criminal activity.

Officials disclosed that a detailed report regarding the asset seizures will be submitted to the court within 72 hours. They also requested a suitable date to report on the progress of the investigations. In response, the Chief Magistrate scheduled the next hearing of the case for December 8.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

Previous Post Next Post