අද සිට විදුලිය කපයි.. කාල සටහන, කලාප මෙන්න..


ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කරගැනීම සඳහා අද (19) සිට ඉදිරි දින තුන තුළ (ඔක්තෝබර් 19, 20 සහ 21) දිවයින පුරා දිනකට පැයක සීමිත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදෙන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහ විෂයභාර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ බලධාරීන් මේ බව තහවුරු කළේය.

මෙම සැලසුමට අනුව සමස්ත දිවයිනම කලාප හතරකට (04) වෙන් කෙරෙන අතර, පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා වන සන්ධ්‍යා කාලයේ උපරිම විදුලි ඉල්ලුම පවතින පැය හතරක කාලය තුළ එක් එක් කලාපය සඳහා දිනකට පැයක කාලයක් බැගින් විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතය.

මෑතකදී ජාතික විදුලිබල පද්ධතිය තුළ හටගත් අනපේක්ෂිත හදිසි බිඳවැටීම් සහ පද්ධතියේ අස්ථාවරත්වය හමුවේ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරමින් විදුලි සම්ප්‍රේෂණය කළමනාකරණය කරගැනීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවූ බව පද්ධති ක්‍රියාකරු පෙන්වා දෙයි.

මේ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සහ අමාත්‍යාංශයේ අවසන් අනුමැතිය හිමිවූ වහාම, එක් එක් කලාපයන්ට අදාළව විදුලිය විසන්ධි වන නිශ්චිත වේලාවන් දැක්වෙන කාලසටහන කඩිනමින් මහජනතාව වෙත ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා හටගත් හදිසි සම්පූර්ණ විදුලි ඇනහිටීමත් සමඟ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන ඒකක තුනම එකවර ක්‍රියාවිරහිත වූ අතර, ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 810ත් 900ත් අතර විදුලි ධාරිතාවක් අහිමි විය.

ගල් අඟුරු බලාගාරයක ජනන යන්ත්‍රයක් නැවත පණගන්වා පද්ධතියට එක්කිරීමට දින 4ක් හෝ 5ක් ගතවන බැවින්, සතියේ වැඩකරන දින ආරම්භ වීමත් සමඟ ඉහළ යන දැවැන්ත විදුලි ඉල්ලුම හමුවේ මෙරට තුළ සීමිත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි බලශක්ති විශේෂඥයන් මීට පෙරද අනතුරු අඟවා තිබිණි.

ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව කිසියම් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ක්ෂේත්‍රයේ ස්වාධීන නියාමකයා වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය නීතිමය අවශ්‍යතාවක් වේ. 

පවතින ජල විදුලි සහ තාප විදුලි ධාරිතාව උපරිමයෙන් යෙදවුවද සන්ධ්‍යා කාලයේ මතු වන උච්චතම ඉල්ලුම පියවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තාවකාලික කප්පාදුව යෝජනා වී තිබේ.

Group 01 (කලාපය 01):

අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උඩුවෙල, වාලච්චේන, මාලිබොඩ, වැවැල්වත්ත සහ විමලසුරේන්ද්‍ර උපපොළවල්

Group 02 (කලාපය 02)

අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බොලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැළණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ සහ SUB A, C, I

Group 03 (කලාපය 03):

අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බොලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැළණිය, කෑරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මාහෝ, මන්නාරම, මොනරාගල, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ සහ SUB C, I, M, N.

Group 04 (කලාපය 04):

අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුපිටිය/උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්‍ර








Scheduled Power Cuts Across Sri Lanka to Manage Electricity Demand

Beginning today, October 19, Sri Lanka will implement a one-hour daily power cut across the country for the next three days, as a precautionary measure to stabilize the national electricity grid. This decision was requested by the National System Operator (NSO), in coordination with the Public Utilities Commission of Sri Lanka and the relevant ministry.

Officials from the Ministry of Power confirmed the details, outlining that the country will be divided into four regions. Each region will experience a scheduled power interruption during peak evening hours from 4:30 PM to 8:30 PM, aimed at balancing the electricity supply and demand.

This action comes in light of unexpected outages and instability within the national electricity system. The system operator emphasized the necessity of these temporary cuts to effectively manage electricity transmission amid fluctuating demand and inadequate supply.

Once necessary approvals are secured from the Public Utilities Commission of Sri Lanka, a detailed timetable indicating specific cutoff times will be promptly announced to the public.

The recent complete power outage on October 17 had already highlighted the fragility of the national grid, particularly when all three generating units at the Norochcholai coal power plant became inoperative simultaneously, resulting in a loss of 810 to 900 megawatts of electricity capacity.

Experts had previously warned that the restart of one unit at the coal plant could take four to five days, leading to heightened power demand at the start of the workweek, thus necessitating these planned power cuts.

In accordance with the Sri Lanka Electricity Act, prior authorization from the Public Utilities Commission is mandatory before executing any scheduled power outages.

Despite maximizing both hydro and thermal electricity generation, the surge in peak demand during evening hours has rendered it impossible to meet electricity needs, prompting this temporary response.

Group 01 (Zone 01): Ambalangoda, Athurugiriya, Balangoda, Beliatta, Deniyaya, Ambilipitiya, Habarana, Hambantota, Horana, Kalutara, Kegalle, Kasbawa, Kiribathgoda, Kosgama, Kurunegala, Matara, Mathugama, Nawala, Nawalapitiya, Galle, Pallegama, Panadura, Polonnaruwa, Ragala, Ratnapura, Sitawaka, Thulhiriya, Uduwela, Walachchenai, Maliboda, Vavala and Wimalasurendra sub-divisions.

Group 02 (Zone 02): Ampara, Aniyakanda, Anuradhapura, Badulla, Biagama, Bolawatta, Halawatha, Chunnakkam, Dehiwala, Kappalthure, Katunayake, Kelaniya, Kerawalapitiya, Kilinochchi, Kolonnawa, Kotugoda, Mahiyangana, Mahaweli, Mannar, Nuwara Eliya, Panalla, Pannipitiya, Puttalam, Ratmalana, Sapugaskanda, Sri Jayawardenepura, Trincomalee, Vavuniya, Vavunativu, Weyangoda and SUB A, C, I.

Group 03 (Zone 03): Ampara, Aniyakanda, Anuradhapura, Badulla, Biagama, Bolawatta, Halawatha, Chunnakkam, Dehiwala, Kappalthure, Kelaniya, Kerawalapitiya, Kilinochchi, Kolonnawa, Kotugoda, Mahiyangana, Maho, Mannar, Monaragala, Nuwara Eliya, Panalla, Pannipitiya, Ratmalana, Sapugaskanda, Sri Jayawardenepura, Trincomalee, Vavuniya, Vavunativu, Weyangoda and SUB C, I, M, N.

Group 04 (Zone 04): Ambalangoda, Athurugiriya, Balangoda, Beliatta, Deniyaya, Ambilipitiya, Habarana, Hambantota, Horana, Kalutara, Kegalle, Kasbawa, Kiribathgoda, Kosgama, Kurunegala, Matara, Mathugama, Nawala, Nawalapitiya, Galle, Pallegama, Panadura, Polonnaruwa, Ragala, Ratnapura, Sitawaka, Thulhiriya, Ukupitiya/Ukulawela, Walachchenai and Wimalasurendra.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. එතනත් කපටිකම බාල අගල් අඟුරු හින්දා නොරොච්චෝලෙන් එන්නේ නියමිත ධාරිතාවට වඩා මෙගාවොට් දෙසිය හතලිහකට වැඩි ගානක් අඩුවෙන්.හැබැයි මුං ගණං හදන්නේ පූර්ණධාරිතාව නමසීයක් නැති වෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. බාල ගල්අඟුරු වලින් නියමිත තාපය නොලැබෙන නිසා furnace එකට ඩීසල් ස්ප්‍රේ කරනවා. දිගටම ඒක කලොත් coal furnace විනාශ වෙනවා. ජෙප්පන්ට ඕනැ වෙලා තියෙන්නෙ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය වහලා දාන්න.

      Delete
    2. බාල ගල්අඟුරු වලින් නියමිත තාපය නොලැබෙන නිසා furnace එකට ඩීසල් ස්ප්‍රේ කරනවා. දිගටම ඒක කලොත් coal furnace විනාශ වෙනවා. ජෙප්පන්ට ඕනැ වෙලා තියෙන්නෙ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය වහලා දාන්න.

      Delete
Previous Post Next Post