2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙනවා යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ඔක්තෝබර් 13 වැනිදා පැවැති 26 වැනි ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ (SLEIS) 2026 සැසිවාරයට සහභාගී වෙමින් ඇය මෙසේ පැවසුවා ය.
2026 ඔක්තෝබර් 12 සහ 13 යන දෙදින පැවැති මෙම සමුළුව සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරික නායකයන්, ආයෝජකයන් ඇතුළු පාර්ශ්වකරුවන් රාශියක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සමුළුව මඟින් අවස්ථාව සැලසුණි.
“ඩිජිටල් යුගයක ජාතිය ගොඩනැගීම” (Nation Building in the Digital Age) මැයෙන් පැවති සැසිය ඇමතූ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණය භාවිත කරන රටක් නොව නවෝත්පාදන බිහිකරන රටක් බවට පරිවර්තනය කිරීම සඳහා රජය කැපවී සිටින බව අවධාරණය කළාය. ඒ අනුව, රටේ 2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීම, ඩිජිටල් අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කිරීම සහ ඩිජිටල් ක්ෂේත්රයේ වෘත්තිකයන් 200,000කින් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
රාජ්‍ය ආයතන නවීකරණය කිරීම සහ මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ක්ෂේත්රයේ පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure) සංවර්ධනය කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති ආයතනික රාමුව හරහා මූලික ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් වෙන් කිරීමට රජය කැපවී සිටින බව ද තවදුරටත් සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
රාජ්‍ය ආයතන 300කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් රුපියල් බිලියන 6කට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදු කර ඇති GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව, රාජ්‍ය ගනුදෙනු සරල කිරීම, විනිවිදභාවය ඉහළ නැංවීම සහ පුරවැසියන්ට හා ව්‍යාපාරිකයන්ට පැවරෙන පරිපාලනමය බර අවම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳ නිදසුනක්.
සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ප්‍රවාහනය ඇතුළු ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර පරිවර්තනය කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණයට හැකියාව තිබෙනවා. ඩිජිටල් සෞඛ්‍ය පද්ධති සහ දුරස්ථ වෛද්‍ය සේවා මඟින් සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, දත්ත පදනම් කරගත් කෘෂිකාර්මික ක්‍රමවේද මඟින් ඵලදායිතාව සහ ජල කළමනාකරණය ශක්තිමත් කිරීම මෙන්ම ස්මාර්ට් විදුලි ජාල සහ ඩිජිටල් බලශක්ති කළමනාකරණ පද්ධති හරහා පුනර්ජනනීය බලශක්තිය වෙත සංක්‍රමණය වීම සඳහා සහාය ලබා දෙන්න පුළුවන්. ඩිජිටල් ප්‍රවේශපත්‍ර, ඩිජිටල් රථවාහන කළමනාකරණ පද්ධති හඳුන්වාදීම මඟින් ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නංවා මගීන් දිනපතා මුහුණ දෙන දුෂ්කරතා අවම කරන්න පුළුවන්.
වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය රැකියා සහ වෘත්තීය ක්ෂේත්රයේ සමාන වටිනාකමක් ඇති මාර්ගයක් ලෙස පිළිගත යුතුයි. වෙනස් වන ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අධ්‍යාපන ආයතන සහ කර්මාන්ත ක්ෂේත්රය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රායෝගික පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ Micro-credentials ඇතුළු නම්‍යශීලී අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හඳුන්වාදීමේ අවශ්‍යතාවයක් ඇති බව ද පැවසුවා ය.
තාක්ෂණය පමණක් යොදාගැනීමෙන් සමාජ අසමානතා තුරන් කළ නොහැකි බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ඩිජිටල් ප්‍රතිපත්ති සැකසීමේදී පුරවැසියා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. ඩිජිටල් පරිවර්තනයේ සාර්ථකත්වය මැනිය යුත්තේ හඳුන්වා දෙන ඩිජිටල් උපකරණ සංඛ්‍යාව මත නොව, රාජ්‍ය සේවා, ව්‍යාපාරික කටයුතු සහ එදිනෙදා ජීවිතය තුළ සියලු පුරවැසියන්ට වඩාත් පහසු, කාර්යක්ෂම සහ ප්‍රවේශ විය හැකි අවස්ථා නිර්මාණය කිරීම මත බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ඉන් අනතුරුව පැවැති විද්වත් සාකච්ඡාවට එක්වූ අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපන ක්ෂේත්රය පරිවර්තනය කිරීම සඳහා තාක්ෂණයෙන් සැලකිය යුතු අවස්ථා රැසක් උදාකර දුන්න ද, පවතින අසමානතා තවදුරටත් පුළුල් නොවන අයුරින් සහ සියලු සිසුන්ට එම අවස්ථා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික වන පරිදි එම ක්‍රියාවලිය සැලසුම් සහගතව කළමනාකරණය කළ යුතු බව පැවසුවා ය.
ඩිජිටල් යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම, තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සහ වෙනස් වන ගෝලීය අවශ්‍යතාවලට ගැළපෙන නවීන විෂයමාලා හඳුන්වාදීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අවධාරණය කළාය. කෘත්‍රිම බුද්ධිය සහ අනෙකුත් තාක්ෂණයන් අධ්‍යාපනය සමඟ ඒකාබද්ධ කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, විශේෂයෙන්ම ඒවා සිසුන්ගේ චින්තන සහ තර්ක කිරීමේ හැකියාව සහ සංජානන වර්ධනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සැලකිල්ලට ගත යුතු බවත් සඳහන් කළාය.
ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රවේශ වීමට පවතින විෂමතා අවම කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව අධ්‍යාපන පද්ධතිය තුල ඩිජිටල් තාක්ෂණය ශක්තිමත් කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය තාක්ෂණික යටිතල පහසුකම් සහිත පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීම ද එහි අරමුණක් බව පෙන්වා දුන්නාය.
අධ්‍යාපන ක්ෂේත්රය පරිවර්තනය කිරීම සහ අනාගතයට ගැළපෙන ශ්‍රම බලකායක් සූදානම් කිරීම රජයට පමණක් කළ හැකි කාර්යයක් නොවන බවත් ඒ සඳහා රජය, පෞද්ගලික අංශය සහ කර්මාන්ත ක්ෂේත්රය අතර සහයෝගීතාව ද අවශ්‍ය වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය තරුණ පරපුර වෙනුවෙන් කර්මාන්ත ක්ෂේත්රයේ පුහුණු අවස්ථා ලබාදීම, වෘත්තීය පුහුණු ආයතන සමඟ හවුල්කාරිත්වයන් ගොඩනැගීම සහ සැබෑ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබිඹු කරන වැඩසටහන් සංවර්ධනය කිරීම හරහා වෘත්තීය අධ්‍යාපනයට සහාය වන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය.
මෙම අවස්ථාවට ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත බාලේන්ද්‍ර මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයෝ සහභාගී වූහ.
Sri Lanka's Export Earnings Surpass $9 Billion in Early 2026, Says Prime Minister
During the first six months of 2026, Sri Lanka's total export earnings exceeded a remarkable $9 billion, according to Prime Minister Dr. Harini Amarasuriya. This statement was made at the 26th Sri Lanka Economic and Investment Summit (SLEIS), held on October 13.
The summit, which took place over two days on October 12 and 13, brought together a diverse array of stakeholders including policymakers, business leaders, and investors to discuss the nation's economic prospects and investment opportunities.
Addressing the session themed “Nation Building in the Digital Age,” the Prime Minister emphasized the government's commitment to transforming Sri Lanka into a nation that not only employs technology but also fosters innovation. Her vision includes raising the digital economy to $15 billion by 2030, increasing digital exports to $5 billion, and developing a workforce of 200,000 professionals in the digital sector.
Furthermore, she highlighted the significance of developing Digital Public Infrastructure to enhance the efficiency of public service delivery and innovate state institutions. The government has pledged to allocate approximately 30 billion rupees for fundamental digital transformation programs through an institutional framework established under the Ministry of Digital Economy.
Discussing ongoing initiatives, the Prime Minister noted that over 300 state institutions have already engaged in GovPay, a digital payment platform, which has facilitated more than 6 billion rupees in transactions. This platform serves as an example of how digital technology can streamline government processes, enhance transparency, and reduce administrative burdens on citizens and businesses alike.
Digital technology holds the potential to revolutionize crucial sectors of the economy, including health, agriculture, energy, and transport. The introduction of digital health systems and telemedicine can improve access to healthcare facilities, while data-driven agricultural methods can enhance productivity and water management. Additionally, smart grid and digital energy management systems can assist in transitioning to renewable energy sources.
Asserting that vocational and technical education must be treated with equal importance in the job market, the Prime Minister called for strengthened collaboration between educational institutions and industries to effectively respond to the evolving labor market demands. This includes enhancing practical training opportunities and introducing flexible educational and professional qualifications, such as micro-credentials.
She stressed that technology alone cannot eliminate social inequalities, highlighting the importance of a citizen-centered approach in formulating digital policies. The success of digital transformation should be measured not merely by the number of digital devices introduced but by creating accessible, efficient opportunities for all citizens in public services, business operations, and daily life.
Following this, the Prime Minister participated in an expert panel discussion, acknowledging that significant technological opportunities exist for transforming the education sector. She stressed the necessity of managing this transformation thoughtfully, ensuring that all students benefit from equitable access to these opportunities while preventing the widening of existing inequalities.
Investing in digital infrastructure, expanding access to technology-driven education, and introducing modern curricula responsive to changing global demands remain crucial, according to the Prime Minister. She emphasized the need to integrate artificial intelligence and other technologies into education, paying close attention to their potential impacts on students' thinking, reasoning skills, and creativity.
In response to comments regarding the government's efforts to reduce disparities in digital access, the Prime Minister outlined a five-year plan to strengthen digital technology within the educational system in collaboration with the Ministry of Digital Economy, with a goal of increasing the number of schools equipped with technological infrastructure.
Transforming the education sector and preparing a workforce suitable for the future requires collaboration beyond government efforts, she noted. The Prime Minister urged the business community to provide young individuals with training opportunities, form partnerships with vocational training institutions, and develop programs that reflect real labor market needs.
The event was attended by prominent figures, including Kristan Balendra, Chairman of the Lanka Chamber of Commerce, as well as government officials and industry representatives from the Digital Economy Ministry.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
