පුතා විසින් තම මවගේ දෑත් ගැටගසා ළිඳකට දමා ඝාතනය කරයි..

 


සිය 76 හැවිරිදි මවගේ දෑත් එකට තබා ගැටගසා නිවස අසල පිහිටි අඩි විස්සක් පමණ ගැඹුරු අනාරක්ෂිත ළිඳකට දමා අමානුෂික ලෙස ඝාතනය කළ බව කියන පනස් හැවිරිදි පුත්‍රයෙකු මීගහතැන්න පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගහතැන්න පොලිස් වසමට අයත් පැලවත්ත බටහිර දකුණ ග්‍රාම සේවා වසමේ, ජනපදය ප්‍රදේශයේ පදිංචිව සිටි දවටගේ නන්දාවතී නමැති 76 හැවිරිදි වියපත් මවකි.

පසුගිය 18 වැනිදා සවස් කාලයේදී පොලීසිය වෙත ලැබුණු හදිසි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් පරීක්ෂා කිරීමේදී, නිවස ආසන්නයේ තිබූ අඩි විස්සක් පමණ ගැඹුරු අනාරක්ෂිත ළිඳ තුළ වැටී මියගොස් සිටි අදාළ කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී ඇත. ඒ වන විටත් ඇයගේ දෑත් එකට තබා ගැටගසා තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 50 හැවිරිදි පුත්‍රයාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ, ඔහු දීර්ඝ කාලයක සිට මන්ද මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකු බවයි.

මෘත දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කර මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගන්නා බව මීගහතැන්න පොලීසිය සඳහන් කරයි.





Son Arrested for Allegedly Murdering His 76-Year-Old Mother in Horrific Act

A 50-year-old man has been apprehended by the police in Meegahatenna for the brutal murder of his elderly mother, whose hands had been bound together before her body was dumped into a dangerous, unguarded well near their home.

The victim, identified as 76-year-old Nandavathi Dawatagé, was a resident of the Palawatta West Southern Grama Seva Division, located within the Meegahatenna police jurisdiction. This tragic event unfolded, shocking the local community.

On the evening of the 18th, authorities, responding to an urgent tip-off, arrived at the scene. They discovered the woman's lifeless body at the bottom of a well approximately 20 feet deep. Preliminary investigations revealed that her hands had been tightly bound together prior to her death.

During initial questioning, the son, who is suspected of the crime, disclosed that he has been suffering from severe mental health issues for an extended period. This revelation raises troubling questions about the circumstances surrounding the murder.

The body of the deceased will undergo a magistrate’s inquiry and a post-mortem examination. The police have confirmed that steps are being taken to present the suspect in court and to arrange for a mental health evaluation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post