සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සමාජ මාධ්ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්ය අමාත්ය හේමචන්ද්ර මහතා සඳහන් කර ඇත්තේ, අදාළ මරණ දඬුවම ඉවත් කිරීමේ තීන්දුව සෞදි ශ්රේෂ්ඨාධිකරණය විසින් ඔක්තෝබර් 13 වැනිදා ප්රකාශයට පත් කළ බවයි.
ශ්රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකරන ලද රාජ්යතාන්ත්රික මැදිහත්වීම් සහ නෛතික ප්රයත්නයන්හි සාධනීය ප්රතිඵලයක් ලෙස මෙම තීන්දුව ලැබී ඇති බවත්, එය අනෝජන් සිවරාසාට හිමිවූ සහනයක් බවත් නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් දැක්වූ සුහද සහයෝගීතාව වෙනුවෙන් ඒ මහතා සෞදි අරාබි රජය වෙත සිය ප්රසාදය පළ කර තිබේ.
එමෙන්ම, වෙහෙස නොබලා කටයුතු කළ සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම මෙරට සහ සෞදි අරාබියේ නීතිඥ මණ්ඩලය වෙතද නියෝජ්ය අමාත්යවරයා සිය කෘතඥතාව පළ කර ඇත.
Sri Lankan Man's Death Sentence Overturned by Saudi Supreme Court
The death penalty imposed on Anojan Sivarasa, a Sri Lankan national, has reportedly been lifted by the Supreme Court of Saudi Arabia. This significant ruling brings an end to the grave punishment that had been hanging over him.
In a special announcement via social media, Deputy Minister Hemachandra revealed the Supreme Court's decision to revoke the death sentence was made public on October 13. He emphasized that this outcome is a testament to the continuous diplomatic interventions and efforts made by the Sri Lankan government.
Describing the court's decision as a well-deserved relief for Sivarasa, the Deputy Minister expressed gratitude for the cooperative support extended by the Saudi Arabian authorities throughout this process.
He also acknowledged the tireless efforts of the Sri Lankan Ambassador in Saudi Arabia and officials from the Ministry of Foreign Affairs, including the Secretary, as well as the Legal Advisory teams in both Sri Lanka and Saudi Arabia, who played a vital role in advocating for Sivarasa.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

mona pawadilada qanne na
ReplyDelete