උද්දමනය පොඩ්ඩක් වැඩිවෙලා.. ජනතාවට දුෂ්කරයි..- ජනපති


 රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. 

උත්සව සභාවක් අමතමින් රටේ වත්මන් ආර්ථික ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය ප්‍රවණතා පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙතෙක් කිසිදු නව බද්දක් හඳුන්වා දී නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දැනටමත් ක්‍රියාත්මක ඇතැම් බදු සැලකිය යුතු මට්ටමකින් ලිහිල් කර ඇති බවත්, ඉදිරි අයවැයේදී එම සහන තවදුරටත් ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කරන බවත් අවධාරණය කළේය.

පසුගිය පාලන සමයන්හිදී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම් ඉලක්කයන්ගෙන් සපුරා ගැනීමට හැකි වූයේ 90%ක පමණ ප්‍රමාණයක් වුවද, වත්මන් පරිපාලනය යටතේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් රඳවා ගනිමින් අපේක්ෂිත ආදායම් ඉලක්කද ඉක්මවා යාමට හැකි වූ බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. 

දිගුකාලීනව රට වෙළාගෙන ඇති ණය බරින් මිදීමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට මෙම ප්‍රාථමික අයවැය අතිරික්තය අත්‍යවශ්‍ය සාධකයක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

උද්ධමනය ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මහජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. සාමාන්‍යයෙන් උද්ධමන අනුපාතිකය සියයට 5ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම රජයේ ප්‍රධාන අපේක්ෂාව වුවද, පවතින නීතිමය රාමුවට අනුව එය 2% ත් 7% ත් අතර පරාසයක පවත්වා ගැනීමට රජය බැඳී සිටින බව ඔහු සඳහන් කළේය.

"මේ මොහොතෙදී උද්ධමනයට යම් බලපෑමක් ඇවිල්ලා තියෙනවා. අපේ අපේක්ෂාව තිබුණේ 5%ට වඩා යටින් උද්ධමනය පවත්වාගෙන යන්න. 2%ත් -7%ත් අතර තමයි අපි උද්ධමන තියාගන්න ඕන. ඒකත් අපේ නීතිමය බැඳීමක් දැනේ.

මේ උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට සැප්තැම්බර් මාසයේදී ඇවිත් තිබෙනවා. එය යම් ප්‍රමාණයකට අපේ රටේ ජනතාවගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. 

ඒකට ප්‍රධානම කාර්යභාරය බවට පත්වෙලා තියෙන්නේ, මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වය. ඒ යුදමය තත්ත්වය විසින් අපේ සැපයුම් මාර්ගවලට විශාල බලපෑමක් ඇති කරලා"

කෙසේ වෙතත්, පසුගිය සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 8 මට්ටම තරමක් ඉක්මවා ගිය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට ප්‍රධානතම හේතුව වූයේ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ගෝලීය සැපයුම් ජාලයන්ට එල්ල වූ බාධා බව ප්‍රකාශ කළේය. 

මෙවැනි තත්ත්වයන් හමුවේ ජීවන වියදම් පීඩනයට ලක්වන පවුල් ඒකක වෙත සහන සැලසීම මෙන්ම දැඩි මූල්‍ය විනයක් පවත්වා ගැනීම රජයේ ප්‍රමුඛතාව බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.





President Promises No New Taxes in Upcoming Budget

In a recent address, President Anura Kumara Dissanayake reassured the public that the forthcoming budget will introduce several tax categories without harming the government's anticipated revenue targets. His remarks were made during a festive gathering where he discussed the current economic activity and financial trends in the country.

The President emphasized that since the current government came into power, no new taxes have been introduced. He noted that some existing taxes have already been eased to a significant degree, and expressed optimism about providing further relief to the public in the upcoming budget.

Highlighting past administrations, he pointed out that they only managed to meet around 90% of estimated state revenue targets. In contrast, under the present administration, a primary budget surplus has been maintained, allowing for revenues to exceed expectations.

The President clarified that the primary budget surplus is crucial for alleviating the long-standing national debt burden and assuring overall economic stability. He also focused on the economic hardships faced by citizens due to rising inflation, pointing out the government’s main goal of maintaining an inflation rate below 5%. However, he acknowledged that, due to existing legislative frameworks, the government is committed to keeping it within a range of 2% to 7%.

Moreover, he indicated that inflation exceeded 8% during September, attributing this spike primarily to disruptions in global supply chains resulting from the ongoing conflict in the Middle East.

In light of these circumstances, the government remains steadfast in its priority to support families impacted by rising living costs while upholding stringent fiscal discipline.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post