ඇප නෑ.. ශිරන්ති යලිත් රිමාන්ඩ්.. කළු සල්ලි සුදු කල චෝදනාත් එල්ල වේ..


 'සිරිලිය සවිය' සංවිධානයේ ගිණුම් හරහා සිදුවූ බව කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා, සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ දැක්වූ දීර්ඝ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පළමු සැකකරු වන, ඇප මත මුදාහැර සිටින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ  හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අධිකරණයේ පෙනී සිටි අතර, දෙවන සැකකාරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබිණි. ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායිකාව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඇය විවෘත හෘද සැත්කමකට භාජනය කෙරෙමින් පවතින බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසත්ය.

ඇප ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය සහ අල්ලස් කොමිසම එක්ව දූෂණ විරෝධී පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව මෙම විමර්ශන අවසන් අදියරට ගෙනැවිත් ඇති බව සඳහන් කළේය.

සැකකාරිය පළමු ආර්යාව ලෙස සිටියදී රාජ්‍ය ලාංඡනය, රාජ්‍ය මුද්‍රණාලයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ලිපි ශීර්ෂ අවභාවිත කරමින් විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් අරමුදල් ලබාගෙන කළු සල්ලි සුදු කිරීමේ ක්‍රියාවලියක නිරතව ඇති බවට ඔහු චෝදනා කළේය.

2010 දෙසැම්බර් 8 වන දින 'කාල්ටන්' සහ පසුව 'ශිරන්ති නවෝදය' නමින් තිබී 'සිරිලිය සවිය' ලෙස නම් කෙරුණු මෙම සංවිධානය ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීමේ කිසිදු නීත්‍යනුකූල පටිපාටියක් අනුගමනය කර නොමැති බවද අධිකරණයට අනාවරණය විය.

රිජ්වේ ආර්යා ළමා රෝහලට සීටී (CT) ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමේ මුවාවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් මුලින් රුපියල් මිලියන 140ක් ඉල්ලා, පසුව එය මිලියන 50ක් දක්වා අඩු කර, අවසානයේ ලබාගත් රුපියල් මිලියන 10ක මුදල පළමු සැකකරුගේ මැදිහත්වීමෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව 'සිරිලිය සවිය' ගිණුමට බැර කරගෙන ඇති බව පැමිණිල්ල පෙන්වා දුන්නේය. මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ සෙලාන් බැංකුව යන ආයතනවලින්ද මෙලෙස ආධාර ලබාගෙන ඇති බව සඳහන් විය.

එසේම, 2014 වසරේදී චීන රජය මඟින් ශ්‍රී ලංකාවට ආධාරයක් ලෙස ලබාදුන් රුපියල් ලක්ෂ 1400ක් (මිලියන 140ක්) වටිනා එම්.ආර්.අයි. (MRI) යන්ත්‍රයක්, සැකකාරියගේ පුත්‍රයාගේ උපන්දිනය දා 'සිරිලිය සවිය' සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදීමට කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ළමා රෝහලේ හිටපු වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

සැකකාරිය රෝහල්ගතව සිටියද විවෘත හෘද සැත්කමක් සිදුකරන බවට පැමිණිල්ලට කිසිදු දැනුම්දීමක් කර නොමැති බවත්, ඇයගේ පෙර හැසිරීම් අනුව මෙම ප්‍රකාශය පිළිගත නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අවධාරණය කළේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය සැබවින්ම මෙවැනි සැත්කමකට භාජනය වන්නේද යන්න තහවුරු කරමින් පස්වරු 2.00 වන විට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කරමින් නඩු කටයුතු තාවකාලිකව කල් තැබීය.

අනතුරුව පස්වරු 2.20ට නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු අනුව සැකකාර ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඇය ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.





Former President Sirisena Rajapaksa Remains in Custody Amid Financial Misconduct Allegations

The Colombo Chief Magistrate, Asanga S. Bodaragama, has ordered that former President Sirisena Rajapaksa remain in custody until the 16th of this month, amidst ongoing investigations into massive financial irregularities allegedly connected to the organization "Sirilia Saviya." These discrepancies involve the suspected laundering of funds and fraudulent financial practices through accounts associated with the organization.

This decision was made during a court session today, after considering the detailed arguments presented by the Additional Solicitor General, Dilip Peiris, representing the Commission to Investigate Allegations of Bribery or Corruption.

Rajapaksa, the first accused in this case, appeared in court on bail, while the second accused, former first lady Shiranthi Rajapaksa, was not present. Her attorney, Anil Silva, informed the court that she was undergoing treatment for heart surgery at the National Hospital of Colombo, requesting her release on bail due to her medical condition.

The Additional Solicitor General strongly opposed the bail application, indicating that the Financial Crimes Division of the Criminal Investigation Department and the Bribery Commission has advanced the investigations under Section 70 of the Prevention of Corruption Act.

It was alleged that during her tenure, as the first lady, Rajapaksa unlawfully received funds from various state and private entities by misusing official letterheads and seals from the state emblem, the Government Printing Corporation, and the Presidential Secretary’s office, as part of a money laundering scheme.

The organization "Sirilia Saviya," registered in December 2010 under the names "Carlton" and later "Shiranthi Nawodaya," reportedly lacked any legal registration process as a voluntary organization.

Details of the complaint revealed that the National Savings Bank initially requested Rs. 140 million from the bank for acquiring a CT scanner for the Rijewa Arya Children's Hospital. This amount was later reduced to Rs. 50 million, eventually obtaining only Rs. 10 million, which was transferred to the "Sirilia Saviya" account without the approval of the board of directors. Additionally, it was mentioned that assistance was also received from the National Lottery Board, the Sri Lanka Insurance Corporation, and the Seylan Bank.

Further allegations surfaced regarding a donation from the Chinese government, valued at Rs. 14 million, intended for Sri Lanka, which was supposedly facilitated by the organization on the birthday of Rajapaksa’s son. The Additional Solicitor General revealed that statements from two former doctors of the children's hospital were obtained in relation to this issue.

Despite being hospitalized, no notification about the impending heart surgery had been given, raising concerns regarding her past conduct, as emphasized by the Attorney General’s Department during the court proceedings.

After reviewing the evidence presented, the Chief Magistrate ordered that a medical report confirming her condition be submitted by 2.00 PM, and the proceedings were temporarily adjourned.

Upon reconvening at 2:20 PM, the Chief Magistrate denied the bail application of Shiranthi Rajapaksa, reaffirming her custody until the 16th.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. විශ්‍රාම වයස අවුරුදු 2 කින් වැඩිකර දුන්නේ ඕකටනේ.ඕවා ආපසු හැරී එනවිට කාට කොහොම වෙයිද කියලා උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ.

    ReplyDelete
  2. Deyyo dan huga kalayak off..2022 passe hoyagannawath na...Minissu deyyangen ahuwa rata bankaloth wenakan bala hitiye ay kiyala....Edata passe deyyo missing🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  3. මම මොනව උනත් මාලිමාවට... මම හරකෙක් හුත්තෝ.. උම්බෑ...බෑ...

    ReplyDelete
  4. Kata hollala Kotipathiya una un e salli sudu nokara kalu pettiyakada thiyenne... pinata denna gihin me manussaya karagana thiyena deyak...
    Pirisiya hena gahala marenne sure ekatama ..hena kallathoniyo

    ReplyDelete
Previous Post Next Post