කොළඹ - මහනුවර ප්රධාන මාර්ගයේ කඩුගන්නාව ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් මතට කන්දෙන් ගැලවී ආ විශාල ගලක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් මගීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
බස් රථය මගීන් ද සහිතව ධාවනය වෙමින් තිබියදී මාර්ගයට ඉහළින් වූ දැඩි බෑවුම් සහිත කඳුගැටයෙන් මෙම ගල එක්වරම ගැලවී විත් බස් රථය මතට පතිත වී ඇත.
අනතුරින් බස් රථයේ වහලයට සහ බඳ කොටසට දැඩි හානි සිදුව ඇති අතර, තුවාල ලැබූ මගීන් දෙදෙනා එම ස්ථානයේදීම කඩිනමින් මුදාගෙන ප්රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
Two Injured as Boulders Collapse onto Bus in Kadugannawa
In a startling incident on the Colombo-Kandy main road, a large boulder dislodged from a rocky hillside, crashing onto a private passenger bus in the Kadugannawa area. Reports indicate that two passengers sustained injuries during the event.
As the bus was in transit with passengers aboard, the boulder, dislodged from a steep, unstable cliff, fell directly onto the vehicle. The impact caused significant damage to both the roof and the side of the bus.
The injured passengers were swiftly rescued from the scene and have been transported to a nearby hospital for medical treatment. Authorities are currently investigating the circumstances surrounding this alarming incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
