ලෝකයේ කිසිදු බලවතෙකු ඉදිරියේ දණ නොනමමින් ස්වෛරී හා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පෙරදැරි කරගෙන කටයුතු කිරීමට වත්මන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' යන තේමාව යටතේ නිකවැරටිය ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණයේදී කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී මධ්‍යස්ථව කටයුතු කිරීම ජාතික ජන බලවේග රජයේ නොසැලෙන විදෙස් ප්‍රතිපත්තිය බවයි.
ගෝලීය වෙළෙඳ, තාක්ෂණික හා ආර්ථික ගිවිසුම් මගින් මුළු ලෝකයම එකිනෙක බැඳී පවතින වටපිටාවක, අනෙකුත් රාජ්‍යයන් සමග සමීප මෙන්ම ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වූ අවස්ථාවේදී, අමෙරිකානු යුද ගුවන් යානා කිහිපයකට ශ්‍රී ලංකාවට ගොඩබැස්වීමටත්, ඉරාන යුද නෞකා කිහිපයකට මෙරට වරායන් වෙත පැමිණීමටත් කළ ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කිරීමට රජය පියවර ගත් බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
එමෙන්ම ඉරාන නෞකාව හා සබැඳි සිදුවීමේදී ශ්‍රී ලංකා රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ තීන්දු තීරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් ඇගයීමට ලක්වූ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Sri Lanka's President Affirms Independence in Foreign Policy Amid Global Tensions
President Anura Kumara Dissanayake emphasizes that Sri Lanka has gained the capability to adopt an independent and sovereign foreign policy, free from the influence of any global power. This assertion was made during a public rally held in Nikaweratiya, under the theme "Our Government, Two Years - A Blessing for the Country."
He further articulated that, particularly against the backdrop of escalating military tensions in the Middle East, the government's stance is to remain neutral and not show favoritism towards any party. This, he noted, constitutes the essence of the national people’s force's unwavering foreign policy.
Highlighting the importance of maintaining robust diplomatic relations with other nations, the President pointed out that global trade, technological, and economic agreements are crucial as countries are increasingly interconnected within a shared global environment.
In a broader context, he revealed that amidst the developing crisis between the United States and Iran, the Sri Lankan government has taken firm steps to reject requests for U.S. military aircraft to land in Sri Lanka, as well as for Iranian naval vessels to dock at its ports.
Additionally, he remarked that the actions and decisions taken by the Sri Lankan government concerning the Iranian naval incident have garnered significant appreciation from the international community.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
