බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමේදී සිදුවූ ක්‍රියාවලිය කිසිදු අන්තවාදී බලපෑමක් මත සිදුවූවක් නොවන බවත්, එය අධිකරණ තීන්දු සහ පවතින නීතිමය රාමුව තුළ බන්ධනාගාර නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද්දක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඥානසාර හිමියන් මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධයන් මෙන්ම පෘථග්ජන මිනිසුන් ලෙස තමන් තුළද කම්පනයක් සහ කනගාටුවක් පවතින බවයි. ඥානසාර හිමියන් සමඟ කිසිදු පුද්ගලික ගැටලුවක් නොමැති බව පැවසූ ඔහු, උන්වහන්සේ තුළ පැවති රැඩිකල් ස්වභාවය පසෙක තැබුවද, භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම කනගාටුදායක බව ප්‍රකාශ කළේය.
බන්ධනාගාරය තුළ මෙවැනි නීතිමය ක්‍රියාපටිපාටියක් පවතින බව දැනගන්නට ලැබුණේ මෙම සිද්ධියත් සමඟ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මේ වන විටත් විවිධ චෝදනා යටතේ දඬුවම් නියම වූ භික්ෂූන් වහන්සේලා 63 නමක් බන්ධනාගාරගතව සිටින බව සොයා බැලීමේදී අනාවරණය වූ බවද පැවසීය.
බෞද්ධ රටක් මෙන්ම බෞද්ධයන් ලෙස භික්ෂූන් වහන්සේලා මෙලෙස සිරගතව සිටීම කිසිවෙකු අනුමත නොකරන තත්ත්වයක් බව සඳහන් කළ ඒ මහතා, වැරදි සිදුකළද මෙවැනි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බව සඳහන් කළේය. එම කමිටුව මඟින් සති දෙකක් ඇතුළත අවශ්‍ය නීති සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව හෙතෙම අනාවරණය කළේය.
මේ අතර, මෙම සිදුවීමට විරෝධය පළ කරමින් නුවර සිට කොළඹ දක්වා ආරම්භ කර ඇති පාද යාත්‍රාව පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජනතාව තුළ පවතින සංවේදී හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත්, එම හැඟීම් සාමකාමීව පිටකිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බවත්ය.
National Parliament Member Addresses the Incarceration of Buddhist Leader Gnanasara Thera
The General Secretary of the Bodu Bala Sena organization, Venerable Gnanasara Thera's recent imprisonment was described as not resulting from extremist influences but rather a consequence of legal proceedings guided by existing laws, emphasized Lakshman Nipunaarachchi, a member of the National People's Power party.
In statements made to the media, Nipunaarachchi expressed a shared sense of shock and sorrow among both Buddhists and the wider public regarding the events surrounding Gnanasara Thera. He clarified that there is no personal animosity towards the revered monk, yet acknowledged the disheartening nature of such an occurrence for a figure in his position, despite any radical tendencies he may have displayed.
The MP highlighted that this incident has shed light on procedural aspects within the prison system, revealing that there are currently 63 monks incarcerated under various charges. He stated that the condition of having monks detained in a Buddhist country is one that is not widely accepted or endorsed.
Moreover, he reported that a committee has already been established to develop the necessary legal frameworks for handling such situations appropriately, underscoring the need for legal reforms to guide actions during instances of misconduct. This committee is expected to present proposals for legal amendments within two weeks.
Commenting on the ongoing foot march from Nuwara Eliya to Colombo protesting this incident, the minister affirmed the people's right to express their emotions peacefully, stating that there should be no hindrance to the peaceful release of such sentiments.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
