මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා කඩිනමින් ඉටු කරදීම ඉලක්ක කරගනිමින් නව 'සුපර් ඇප්' එකක් හඳුන්වා දීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
රත්නපුරයේ පැවති දිස්ත්‍රික් තරුණ සමුළුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා,මෙම යෙදවුම හරහා මරණ සහතිකය හැර තරුණ තරුණියන්ට අවශ්‍ය අනෙකුත් සියලුම රාජ්‍ය හා මහජන සේවාවන් පහසුවෙන් ලබාගැනීමට පහසුකම් සලසන බව පැවසීය.
මරණ සහතිකය ලබාගැනීමට සිදුවන්නේ පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව බැවින් ජීවත්ව සිටින කාලය තුළ අවශ්‍ය අනෙකුත් සියලු සේවාවන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තරුණ පරපුර වෙත සමීප කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් තලයකට ඔසවා තැබීම රජයේ අපේක්ෂාව බව හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම දේශපාලන අපරාධකරුවන් සිදුකරන කිසිදු පදනම් විරහිත ප්‍රකාශයක් හෝ විවේචනයක් ශ්‍රවණය කිරීමට තමන් සූදානම් නොමැති බව අවධාරණය කළ ඒ මහතා, පාර්ලිමේන්තුව තුළ විපක්ෂය විසින් සිදුකරන ඝෝෂාකාරී ක්‍රියාමාර්ග නොතකා රට සහ ජනතාව වෙනුවෙන් වූ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද සඳහන් කළේය.
New 'Super App' for Youth Development Unveiled by Sri Lankan Minister
The Sri Lankan government is set to launch a new 'Super App' aimed at empowering the youth and addressing their daily needs swiftly, announced Eranga Gunasekara, the Deputy Minister of Urban Development.
During a district youth conference held in Ratnapura, the Deputy Minister outlined the features of this innovative application. He emphasized that the app will facilitate access to all government and public services for young individuals, with the exception of obtaining a death certificate.
Gunasekara explained that the necessity for a death certificate arises only after an individual’s passing. Therefore, the initiative focuses on utilizing digital technology to bring essential services closer to the youth, significantly enhancing their quality of life.
Furthermore, he stressed that he is not open to listening to any baseless statements or criticisms made by political offenders, asserting that despite any provocative actions by the opposition in Parliament, the government remains committed to advancing its programs for the welfare of the country and its people.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
