වත්මන් ආණ්ඩුවේ දුර්වල රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකලාපය හමුවේ රට දැඩි ජාත්‍යන්තර අර්බුදයකට ලක්ව ඇති බවත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වැනි ඉහළ පෙළේ ජාත්‍යන්තර සමුළු මඟහරිමින් ජනාධිපතිවරයා ප්‍රාදේශීය දේශපාලන රැස්වීම්වල විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ජීවිතය විවේචනය කරමින් සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට යා යුතු අවස්ථාවේදී එරටට තානාපතිවරයකු යවා, තමන් ගම්පහ ප්‍රදේශයේ රැස්වීම් අමතමින් විපක්ෂ නායකවරයාගේ බිරිඳගේ සුරතල් නාමයන් ගැන කතා කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ජනතාව ජනාධිපතිවරයෙකු පත්කර ගත්තේ රටේ සංවර්ධනය සහ ඉදිරි දැක්ම පිළිබඳව ජාත්‍යන්තරය ඉදිරියේ කතා කිරීමට මිස, සුළු දේශපාලන රැස්වීම්වල මෙවැනි දේ කතා කිරීමට නොවන බව පැවසූ දොලවත්ත මහතා, භාෂා දැනුම ගැටලුවක් නම් ඒ සඳහා ප්‍රවීණ භාෂා පරිවර්තකයන් සිටියදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මට්ටමේ වගකීම් පැහැර හැරීමෙන් විදේශ අමාත්‍යාංශයේ සහ ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික දුර්වලතාව මැනවින් පෙන්නුම් කරන බවද කියා සිටියේය.
එමෙන්ම, මෙරට මුහුදු සීමාව ආශ්‍රිතව ඉරාන නෞකා විශාල ප්‍රමාණයක් රඳවාගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්න කළ ඔහු, මීට පෙරද මෙරට මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් ගිනිගෙන මුහුදුබත් වීමේ අමිහිරි අත්දැකීම් රට හමුවේ පවතින බව සිහිපත් කළේය. මෙවැනි බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම් සහ නිසි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව හෙතෙම අවධාරණය කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත විවේචනය කළ හිටපු මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිටියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකරමින් මහමඟ උද්ඝෝෂණය කළ පිරිස, අද ඊටත් වඩා මර්දනකාරී නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට චෝදනා කළේය.
පැවති පනත යටතේ පොලිස් බලතල හමුදාවට පවරා නොතිබූ පසුබිමක, සාමාන්‍ය ජනතාව සමඟ ගනුදෙනු කිරීම පිළිබඳ ප්‍රමාණවත් පුහුණුවක් නොමැති හමුදාවට පොලිස් බලතල පැවරීමට නව පනත මඟින් කටයුතු කරමින් සිටින බවත්, පනත අහෝසි කරන බවට දුන් පොරොන්දු කඩකරමින් ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව මර්දනය කරමින් සිය බලය තහවුරු කරගැනීමේ උත්සාහයක් බවත් ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Former MP Criticizes Government's Domestic and International Conduct
The current government is facing severe international turmoil, according to former parliament member Premanath C. Dolawatta, who highlighted how senior leaders, including the President, divert attention from pressing national issues. He pointed out that instead of addressing significant global dialogues—such as those at the United Nations—the President has been preoccupied with personal attacks on the opposition leader during local political events.
Dolawatta made these remarks during a media briefing held in Colombo. He elaborated that at a crucial time when the President should have been addressing the UN General Assembly, he instead sent an ambassador while discussing the opposition leader's family at a government meeting in the Gampaha area.
The former MP stressed that citizens expect a President committed to discussing the country's development and future on international platforms, not engaging in trivial political clashes. He criticized the administration for its failure to employ competent language translators for international commitments, suggesting this reflects a significant weakness in statecraft.
In addition, Dolawatta raised concerns about the presence of Iranian vessels in Sri Lankan waters, questioning why such a situation persists. He reminded the audience of past distressing incidents involving Iranian boats that had resulted in maritime disasters, emphasizing the necessity for international mediation and proper state intervention to resolve such critical diplomatic issues.
On the topic of the Prevention of Terrorism Act (PTA), Dolawatta criticized the government's inconsistent stance. He recalled how different factions within the opposition once rallied against the PTA's existence, yet he accused the current administration of preparing to introduce even more oppressive legislation. This would be a departure from the original act, which refrained from delegating police powers to the military.
He asserted that the proposed new law undermines the military's capacity to engage with civilians effectively, highlighting the lack of proper training for military personnel in handling civil matters. Dolawatta concluded by accusing the government of breaking promises and rather using the tools of oppression to secure its power amidst public dissent.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උඹේ මහඵකා රටින් පනින ඵක නවත්තන්න..
ReplyDeleteලබ්බ තමයි.
Deleteසමීක්ශන වාර්ථා වලින් නාමල් 1ට ඇවිත්. සජියත් කැලේ.
ඒක නිසා තමයි ආන්ඩුව රට වටේ පච සීසන් 2 පටන් ගත්තෙ.
නැත්තන් ඡන්දෙකුත් නැතුව මොන ලබ්බටද පච රැලි තියන්නේ.
මාලිමාව ඉවරයි. ඡන්ද තියන්න බැහැ. ඒක නිසා ඒකාධිපති ගමනක් යන්න වෙනවා.
Shiranthiwa rekka
ReplyDeleteආන්ඩුව කොහොමත් කැමති නැහැ යුද්ධ කාලේ රටට උදව් කරපු රටවල් වලට උදව් කරන්න.
ReplyDeleteකොටි ඩයස්පෝරාව සතුටු කරන්න ඕන. මතක තියාගන්න ඒක.
'දෙරන නාළිකාවේ ඇන්ටිජන් හොර වංචනිකයා' නුගත් වනචාරී පහත් මිනිසුන් රවටා ඉන්දියාවට සංචාරකයින් ලෙසට රැගෙන යාම පිටුපස දැවැන්ත රත්‍රං ජාවාරමක්,කුඩු අයිස් ජාවාරමක් පවතින බවට තොරතුරැ,.!
ReplyDeleteගොන් ලබ්බෝ ... ජාත්‍යන්තර මුහුද ලංකාවේ භූදලයක් නෙමෙයි .. ඒක හැමෝටම අයිතියි ... බලාන ගියාම ජෙප්පන්ට තියෙන මොළෙන් කාලක්වත් තොට නෑනේ ... මහලොකු නීතිඥයා ....
ReplyDelete