එක අංකයෙන් වාහන දෙකක් අත්අඩංගුවට..


 එකම අංකය සහිත ත්‍රීරෝද රථ දෙකක් එම ත්‍රීරෝද රථ දෙකේ අයිතිකරුවන් සමග අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් සමත්වී ඇත.

රාගල සහ නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ එම ත්‍රීරෝද රථ දෙක තිබූ බවත්, නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථය කුලී ගමන් සදහා යොදා ගත් ත්‍රීරෝද රථයකි.

අනෙක් ත්‍රීරෝද රථය රාගල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයා ගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනාම ඥාතින් බවයි ත්‍රීරෝද රථ දෙක අත්අඩංගුවට ගත් නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් කියා සිටියේ.

ත්‍රීරෝද රථ දෙකේම එකම අංකයක් යොදා ධාවනය කිරිම සම්බන්ධයෙන් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ සහ නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ත්‍රීරෝද රථ දෙකේ එන්ජින් අංකය සහ සැසි අංකය පරික්ෂා කිරිම සදහා නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයාගේ සහය ලබා ගැනීමට පියවර ගෙන ඇත.

රංජිත් රාජපක්ෂ





Two Trishaws with Same Registration Number Seized in Nuwara Eliya

Nuwara Eliya's Crime Investigation Division has successfully apprehended two trishaws sharing an identical registration number, along with their owners.

These trishaws were located in the Ragala and Nuwara Eliya Shantinagar areas, with one of them being used for hired transportation purposes in Shantinagar.

The second trishaw was discovered hidden in a house in the Ragala region. According to officials, both suspects involved are relatives, raising questions about the circumstances surrounding the operation of the vehicles.

In light of the irregularities associated with the identical registration numbers, steps are being taken to investigate the engine and chassis numbers of both trishaws. This initiative is undertaken with the guidance of Deputy Inspector General Jagath Chandrakumara and Senior Superintendent of Police Chandrashekar Bandara, in collaboration with the Nuwara Eliya district's chief motor vehicle examiner.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post