දැනට වර්ධනය වී ඇති ප්‍රබල ‘එල්නිනෝ’ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසවලදී සාමාන්‍ය මට්ටමට වඩා අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත්, ඉතා කෙටි කාලයකදී ඇදහැලෙන තද වැසි හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන් පවා හටගත හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එල්.කේ. විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එල්නිනෝ තත්ත්වයක් යනු දිගුකාලීන නියඟයක් පමණක් යැයි බොහෝ දෙනා තුළ වැරදි වැටහීමක් පවතින බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිරිතදිග මෝසම් සමයේදී වැසි අඩුවුවද දෙවන අන්තර් මෝසම් සමය වන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මෙරටට ලැබෙන වර්ෂාපතනය සැලකිය යුතු ලෙස ඉහළ යන බව පැහැදිලි කළේය. සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 30ක් පමණ ලැබෙන්නේ මෙම මාස දෙක තුළදී බවත්, මෙවර එල්නිනෝ බලපෑම නිසා එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම තත්ත්වය යටතේ කෙටි වේලාවක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීමේ ප්‍රවණතාවක් පවතින බැවින් පහත්බිම් ආශ්‍රිතව හදිසි ක්ෂණික ගංවතුර (Flash floods) තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.
දෙසැම්බර් මාසයේදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වැසි අපේක්ෂා කරන අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය මට්ටමේ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ. අනතුරුව එළැඹෙන ජනවාරි මාසයෙන් පසු වියළි කාලගුණයක් ආරම්භ වන අතර, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී නියං ස්වභාවයක් සහිත දැඩි උණුසුම් කාලගුණයක් ඇතිවීමේ හැකියාවක් පවතී.
මීට අමතරව, දෙවන අන්තර් මෝසම් සමය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාප සහ සුළි කුණාටු වැනි කැළඹිලි ස්වභාවයන් වර්ධනය වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බැවින්, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන සහ අනතුරු ඇඟවීම් පිළිබඳව මහජනතාව මෙන්ම අදාළ අංශ ද දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Impending Rainfall Due to Strengthening El Niño, Warns Meteorological Department
As the formidable El Niño condition intensifies, Sri Lanka is bracing for significantly heavier rainfall over the coming months, with potential for flash floods due to sudden, intense downpours. The warning was issued by the Director General of the Meteorological Department, L.K. Wijemanna, during a media briefing.
He emphasized a common misconception that El Niño impacts only long-term weather patterns. In reality, it can also lead to reduced rainfall during the southwest monsoon, followed by a marked increase in precipitation during the secondary inter-monsoon months of October and November. Typically, around 30% of the country’s annual rainfall occurs during these two months, a figure that could soar further this year due to the effects of El Niño, he explained.
Furthermore, the Director General highlighted that under these conditions, there is a heightened risk of flash flooding, particularly in low-lying areas, due to the likelihood of heavy rainfall occurring in short bursts.
Looking ahead, the forecast for December predicts above-average rainfall in many regions of the island, while the northern and eastern provinces are expected to experience normal precipitation levels. Following January, a dry spell is anticipated, with the months of February, March, and April potentially bringing periods of severe heat.
In addition, the Director General noted a significant risk of low-pressure systems and turbulent weather phenomena, such as squalls, developing in the Bay of Bengal during the secondary inter-monsoon period. He urged both the public and relevant authorities to remain vigilant regarding upcoming weather advisories and warnings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
