ට‍්‍රම්ප්ගේ බලය ගිලිහෙන්න යයි.. මැතිවරණයෙන් අවාසියිලු...


 යුක්‍රේන යුද්ධය නිමා කිරීමේ සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පොළඹවා ගැනීමේ අරමුණින් රුසියාවට පනවා තිබූ ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගය හමුවේ අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ දෙපාර්ශ්වික දැඩි විරෝධයක් මතුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

විශේෂයෙන්ම ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පවා මෙම තීරණය දැඩි ලෙස විවේචනය කරමින් සිටීම ට්‍රම්ප් පරිපාලනයට ප්‍රබල අභියෝගයක් වී තිබේ.

රුසියානු ඩීසල් අපනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමටත්, එරට රාජ්‍ය නිලධාරීන්, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, බැංකු සහ රාජ්‍ය ව්‍යවසායයන් ඉලක්ක කර අලුතින් සම්මත කරන ලද සම්බාධක ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමටත් ට්‍රම්ප් පරිපාලනය මෑත සතිවලදී පියවර ගෙන තිබිණි. 

ඊට සමගාමීව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ධුරයෙන් ඉවත් විය යුතු බවට බලපෑම් එල්ල කරමින්, යුක්‍රේන හමුදාවේ සන්නිවේදන සහ ඩ්‍රෝන මෙහෙයුම් සඳහා භාවිත වන චන්ද්‍රිකා පද්ධතියේ ක්‍රියාකාරිත්වය ධවල මන්දිර නියෝගයක් මත සීමා කිරීමට ද කටයුතු කර ඇති බව රොයිටර් පුවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම ක්‍රියාකලාපයට එරෙහිව කොංග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන් පස් දෙනෙකු සහ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් දාහත් දෙනෙකු එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත්තේ, කොංග්‍රස් මණ්ඩලය විසින් අතිමහත් බහුතරයකින් සම්මත කරනු ලැබූ සම්බාධක නීතිය වහාම සහ පූර්ණ වශයෙන් බලාත්මක කරන ලෙසයි. පුටින් යහපත් චේතනාවන්ට වඩා පීඩනයට පමණක් ප්‍රතිචාර දක්වන නායකයෙකු බව ද එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.

රිපබ්ලිකන් නියෝජිත බ්‍රයන් ෆිට්ස්පැට්‍රික් තවදුරටත් අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ, රුසියානු ප්‍රහාර පිළිබඳ යුක්‍රේනයට තොරතුරු සපයන බුද්ධි තොරතුරු පද්ධති සීමා කිරීමට පියවර ගතහොත් ඒ පිළිබඳව කොංග්‍රස් පරීක්ෂණයක් පවත්වා, ඊට වගකිවයුතු ආයතනවල මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමට කටයුතු කරන බවයි. එමෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි හිතවතෙකු වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මයික් ජොන්සන් පවා මේ පිළිබඳ සිය අප්‍රසාදය පළ කර ඇති අතර, පුටින් විශ්වාස කළ නොහැකි බවත් සම්බාධක අත්හිටුවීමෙන් අනපේක්ෂිත දරුණු ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් පවසා ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ධවල මන්දිර ප්‍රකාශිකා ටේලර් රොජර්ස් ප්‍රකාශ කර ඇත්තේ, මෙම විනාශකාරී යුද්ධය කඩිනමින් අවසන් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අභිප්‍රාය වී ඇති බවත්, ජාතික අවශ්‍යතාවට ගැළපෙන පරිදි සිය විධායක බලතල භාවිත කිරීමට ජනාධිපතිවරයාට පූර්ණ අයිතිය පවතින බවත්ය. ටෙඩ් බඩ් වැනි තවත් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් පිරිසක් පෙන්වා දෙන්නේ යුද්ධය නැවැත්වීම සඳහා රුසියාව සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට මෙම පියවර වැදගත් උපක්‍රමික උපායමාර්ගයක් බවයි.

එළඹෙන මධ්‍යවාර මැතිවරණයෙන්  අනතුරුව ඉදිරිපත් කිරීමට නියමිත නව ආරක්ෂක වැය ශීර්ෂ සහ රාජ්‍ය වියදම් පනත් කෙටුම්පත් හරහා ට්‍රම්ප්ගේ මෙම රුසියානු ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කිරීමට කොංග්‍රස් මණ්ඩලය සූදානම් වෙමින් පවතින අතර, එසේ වුවහොත් ජනාධිපතිවරයා සහ කොංග්‍රස් මණ්ඩලය අතර ප්‍රබල ව්‍යවස්ථාදායක ගැටුමක් නිර්මාණය වනු ඇතැයි විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.





Intensifying Bipartisan Opposition in Congress Over Trump's Easing of Sanctions on Russia

Amid ongoing discussions aimed at resolving the conflict in Ukraine, President Donald Trump’s recent actions to ease economic sanctions against Russia have sparked significant bipartisan backlash within the U.S. Congress, as reported by Reuters.

Notably, even senior representatives from Trump’s own Republican Party are voicing strong criticism of this decision, posing a substantial challenge to the administration.

Recently, the Trump administration took steps to lift restrictions imposed on Russian diesel exports and suspended newly enacted sanctions targeting state officials, oligarchs, banks, and state enterprises in Russia.

Simultaneously, efforts to limit the operational capacity of Ukraine's communication and drone systems, enforced through directives from the White House, further underscore tensions, especially with Ukrainian President Volodymyr Zelensky facing pressure to resign.

In response to these developments, five Republican representatives, along with ten Democrats, have sent a letter to the President urging the immediate enforcement of sanctions legislation passed by a significant majority in Congress. They emphasized that Putin's leadership reacts only to pressure rather than goodwill.

Republican Representative Brian Fitzpatrick warned that any move to limit intelligence sharing regarding Russian aggression could prompt Congressional investigations and lead to funding cuts for responsible agencies. Additionally, Mike Johnson, a key ally of Trump from the Republican conference, expressed his discontent, stressing that Putin is not to be trusted and that lifting sanctions could result in unforeseen severe consequences.

In contrast, White House spokesperson Taylor Rogers stated that ending this brutal war remains the President’s top priority and that he possesses the full authority to exercise his executive powers in a manner consistent with national needs. Additionally, fellow Republicans in the Senate, like Ted Budd, stressed that urging Russia back to the negotiating table is a vital strategic move.

As Congress prepares to challenge Trump’s Russia policy through new defense spending bills and state budget proposals following the upcoming midterm elections, analysts predict that such actions may ignite a significant constitutional conflict between the President and Congress.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post