හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකුට සිය කැමරාවෙන් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු අද (01) කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පොලිසිය විසින් ඊයේ (30) සිදු කරන ලද දැනුම්දීමකට අනුව, නීතිඥවරයෙකු සමඟ අද පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී සැකකාර කැමරා ශිල්පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (30) පැවති නඩු කටයුත්තක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අවස්ථාවේදී, මාධ්‍ය ආවරණයේ නිරතව සිටි මෙම කැමරා ශිල්පියා සිය වීඩියෝ කැමරාවෙන් ප්‍රභූ ආරක්ෂක නිලධාරියාගේ මුහුණට පහර දෙන ආකාරය අසල සිටි සෙසු මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබිණි.
අනතුරුව එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි කතාබහක් නිර්මාණය කරමින් සංසරණය විය.
මෙම සිදුවීමෙන් පහරකෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් ඒ. එච්. මහේෂ් රන්ජන් නමැති නිලධාරියාය.
තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර නීතිමය පියවර ගනිමින් සිටී.
Camera Operator Arrested for Assaulting Former President's Security Detail
A significant incident unfolded today when a camera operator from a private media institution was arrested by the Kompannavidiya Police for allegedly assaulting a top security officer of former President Ranil Wickremesinghe with his camera.
The police revealed that the arrest occurred following a notice issued yesterday, September 30, regarding a statement related to the incident. The camera operator was apprehended this morning at the Kompannavidiya Police Station while accompanied by a lawyer.
This incident took place during legal proceedings at the Colombo Fort Magistrate's Court on September 30, when former President Wickremesinghe was present. Eyewitnesses reported that the camera operator filmed the moment he struck the face of the security officer with his equipment, an act that was simultaneously captured by other media personnel present.
Videos of the incident quickly sparked intense discussions on social media, drawing widespread attention.
The injured officer, identified as Police Sergeant H. Mahesh Ranjan, is currently undergoing treatment at the Narahenpita Police Hospital. Meanwhile, the Kompannavidiya Police are taking further legal steps to present the arrested suspect in court.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සිරසක් නැති අසූචි සිරස. ඕකව හත් අවුරුද්දක් හිරේ තියන්න ඕන. සිරස මේ රටට සාපයක්. වෙන ආන්ඩුවකින් ඔය ඩෝබි ගෙදර වහල දාන්න. කාලකන්නි අපුල්ලන්නො ඔක්කොම මුහුදට දාන්න.
ReplyDeleteඅතඩංගුවට ගන්න ඕන මහාරාජා කියන ත්රස්තවාදීයාව. ඌ තමයි රනිල්ට හානි කරන්න ඔය පොඩි කොටියව එව්වෙ
Deleteදැන් මිනිස්සුන්ට, TV බැලිල්ල අප්පිරියා වෙලා තියෙන්නෙ. සිරසේ යන දේශපාලන විවාද ජනතාවගෙන් 5% වත් බලන්නෙ නෑ.
ReplyDeleteසාමාන්‍යයෙන් පහර කෑ පුද්ගලයා රෝහල්ගතව ඉන්නවනං ඇප දෙන්නේ නෑ.විසිදෙක සම්මත වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ කියල බලමු.
ReplyDelete22 ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිට අගවිනිසුරු යටවී ඇති නිසා කෙබරකොටා කියන විදියට උසාවි තීන්දු දෙනවා.
Deleteසූරසේනයා ඉන්නෙ හරක් කොටාගෙ යටතෙ සහ blackmail වෙලා. ඩොලර් මිලියන 999ක් වංචා කරපු සූරයට යන එන මං නෑ හරක් කොටා නැත්නම්
Delete