මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (09) කැඳවූ අවස්ථාවේදී සාක්ෂි ලබා දුන් නඩුවේ සිව්වන සාක්ෂිකරු වන හිටපු එල්ටිටිඊ සාමාජික සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට ප්‍රගීත් එක්නැලිගොඩ සාකච්ඡා කළ බව මහාධිකරණය හමුවේ කියා සිටියේය.
ඔහුගේ සාක්ෂිය අද කැඳවූ අවස්ථාවේදී මේ බව කියා සිටි සාක්ෂිකරු හබරණ දී හමූවි මෙලෙස දැනුම් දුන් බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේය.
මෙම නඩුව, සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 7 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගන්නා ලදී.
පසුගිය ජූලි 24 වැනිදා නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ නඩුවේ සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවට කළ දැනුම් දීමකට අනුව සාක්ෂිය නැවත කැදවනු ලැබීය.
වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 14 තෙක් කල් තැබිය.
Key Witness Testifies in Case of Abduction of Journalist Prageeth Eknaligoda
In a significant development at the Colombo High Court, former member of the LTTE, Sumathipala Suresh Kumar, also known as Murali, revealed that Prageeth Eknaligoda allegedly discussed plans to assassinate former President Mahinda Rajapaksa and several others. His testimony came during the proceedings of a case related to the abduction of the journalist.
Providing insights into the case, Kumar answered questions while indicating that he had informed the authorities about these discussions, which he described in detail before the court.
The case is being heard by a tri-member bench of permanent judges, including Chairperson Justice Nayani Senaviratne, Justice Nalin Hewawissam, and Justice Lakmali Hewawissam, at the Colombo High Court situated at 121/1 Wijerama Mawatha, Colombo 7.
During a previous court session on July 24, Deputy Solicitor General Wasantha Perera expressed the necessity to revisit the fourth witness's testimony, leading to the decision to summon Kumar once again for further evidence.
The court has set October 14 as the date for further inquiries into additional evidence required for this ongoing case.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ත්‍රස්තවාදියෙක් නං ජාතිය ආගම තනතුර වැඩක් නෑ අයින් කරන්න ඕනේ.අයින් කරන ක්‍රමය වැඩක් නෑ අයින් කරන්න තමයි ඕනේ.
ReplyDeleteThrasthawadiyata Wedi nothiya Rakaganna da Kiyanne...
ReplyDeleteඅදහස් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ත්‍රස්ථවාදියෙක් වෙන් නෑ. එහෙම වුණා නම් අරගල සමයේ රටේ නායකත්වයට "නිවන්සුව" පතපු පුද්ගලයින් සියලු දෙනා ත්‍රස්ථවාදීන් විය යුතුයි. නමුත් එය එසේ වන්නේ නෑ, නීතිය අනුව.
ReplyDeleteකෙසේ නමුත් එක්නැලිගොඩ හඬපටය අනුව ඔහු එල්.ටී.ටී.ඊ. ය ට යෝජනා කලා රජයේ නායකයින් විදෙස්ගත වන අවස්ථාවක ගුවන් යානයට ප්‍රහාර එල්ල කල යුතු බවට, එය සාපරාධී ක්‍රියාවක් සඳහා කුමන්ත්‍රණය කිරීමක්, ඒ අනුව ඔහු අත් අඩංගුවට ගත යුතුයි, එවන් අත් අඩංගුවට ගැනීමකදී හෝ අත් අඩංගුවේ පසුවන අතරතුර සිදුවිය හැකි සිදුවීමකදී, වෙඩි තැබීමට හෝ වෙනත් අවශ්‍ය ආරක්ෂක පියවර ගනීමට ආරක්ෂක අංශ වලට සිදු වෙනවා. එවන් අවස්ථාවක ඔහු මරණයට පත් වුණා විය හැකියි. නමුත් ඒ පිළිඹඳ වාර්ථා නොමැති නිසාත්, අත් අඩංගුවේ පසුවන අතර තුර අතුරු දහන් වූ බව පැවසෙන නිසාත්, මෙතැන නඩු නිමිත්තක් තිබෙනවා. ඒ අනුව අවසානයේ උසාවිය යම් තීරණයකට එළඹෙයි. එය කුමක්ද කියා අනාවැකි පැවසීම නොකල යුතුයි.