හෝමාගම පොලිසියේදී අයෙකු මිය යාම හුදෙකලා සිද්ධියක්..- නි. ඇමති


 හෝමාගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරිය තුළ රඳවා සිටි සැකකරුවෙකු මියයාමේ සිදුවීම  හුදෙකලා සිද්ධියක් පමණක් වන අතර, ඉන් සමස්ත ශ්‍රී ලංකා පොලිස් සේවයම නියෝජනය නොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් වරදක් කළ පුද්ගලයෙකුට හෝ සාමාන්‍ය පුරවැසියෙකුට පොලිසියකට යාමට පවා දැඩි බියක් නිර්මාණය වී ඇති බවත්, එය වත්මන් රජයට එල්ල වූ කළු පැල්ලමක් නොවේදැයි මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ, මෙම මරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. 

වැරදිකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව පෙන්වා දුන් ඒ මහතා, එක් ස්ථානයක සිදුවූ එක් සිදුවීමක් මුල් කරගෙන මුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටම චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව අවධාරණය කළේය.





Minister Addresses Controversy Over Death of Detainee at Homagama Police Station

The death of a detainee within the walls of the Homagama Police Station is an isolated incident that should not be viewed as representative of the entire Sri Lanka Police service, asserted Transport Deputy Minister Dr. Prasanna Gunasekara.

Responding to questions from the media, the Deputy Minister emphasized the importance of not attributing the actions of an individual to the broader police force.

He acknowledged that this unfortunate event has instilled a fear in both offenders and ordinary citizens, leading to concerns about whether it casts an unjust shadow over the current government.

In response to these concerns, Dr. Gunasekara pointed out that the Ministry of Public Security has initiated a thorough investigation into the circumstances surrounding the death.

He assured that the government is committed to enforcing the law rigorously against wrongdoers. Highlighting the necessity of fairness, he stated that blaming the entire Sri Lanka Police Department for a single incident would be unjustifiable.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. එහෙනම් ඇයි බන් උඹල පොලීසියෙ උන්ට ඉල්ලා අස්වෙයල්ල නැත්නම් මුලු පවුලටම මරණය කිව්වෙ.

    ReplyDelete
Previous Post Next Post