මාලිමාණ්ඩුව නිසා රටම සතුටින්.. ජනතාව කමින් බොමින් විනෝද වෙනවා.. සත්තු වත්ත දවසට මිලියන දෙකක බලනවා.. මිලියන ගණන් පොත් ගන්නවා..


 මාලිමාණ්ඩුව යටතේ ජනතාව කමින් බොමින් විනෝද ගමන් යමින් නිදහසේ සැනසිල්ලේ ජීවත් වන බවත් අධිවේගී මාර්ගවල ආදායම් වැඩිවීම තුළින්ම මැනවින් තහවුරු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

"අපේ රජය භෞතික සංවර්ධනයට දැවැන්ත ඉලක්කයක් තියලා ඒක හඹාගෙන යනවා වගේම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය, අධ්‍යාත්මික ගුණ වගාවට ඒ හා සමානවම බරක් තියලා තමයි අද කටයුතු කරන්නේ. මම ඊයෙත් ඇත්තටම පැය හතරක් විතර හිටියේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයේ. කියන්නත් සතුටුයි, විශාල තරුණ පිරිසක් ඇවිල්ලා මිලියන ගණනින් පොත් අරගෙන යනවා.

මං හිතන්නෙ ඒක දැවැන්ත ප්‍රබෝධයක්. ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා මිනිස්සු, හයිවේ එකේ විතරක් දින හතරකට ආදායම තිබුණා කෝටි 30ක් විතර. මම දැක්කා සත්තු වත්තේ ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියලා තිබුණා, එක දවසට මිලියන දෙකයි දශම ගණනක ආදායමක්. ඒකෙන් සටහන් වෙන්නෙ මිනිස්සු කාලා බීලා වගේම ඇවිදලා කියලා ටිකක් නිදහසේ සැනසිල්ලේ ඉන්නවා. ඉතින් අපිට අවශ්‍ය ඒ වගේ මානවයෙක් නිර්මාණය කරන්න."

නි. ඇමති නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි





Deputy Minister Nalin Hewage Highlights Growth in Public Enjoyment Amid Development Efforts

People are increasingly enjoying life under the government’s leadership, as evidenced by rising revenue from expressways, revealed Deputy Minister Nalin Hewage. Speaking at a recent media gathering, he emphasized that the government is not only focused on physical development but is also committed to the spiritual advancement of its citizens.

“Our government has set ambitious targets for physical development while simultaneously prioritizing the spiritual growth of the people,” he stated. He shared his satisfaction after spending four hours at the BMICH, where a large book exhibition attracted a massive turnout, with thousands purchasing books.

“I see this as a tremendous awakening,” said Hewage, noting that in recent days, revenue generated on the highways reached an impressive 300 million over just four days. Additionally, he mentioned a record high of 2.1 million in daily earnings from Sri Lanka’s historical sites, highlighting the trend of people enjoying life's simple pleasures such as leisure and reading.

The Deputy Minister's remarks underline the government's dual focus on enhancing the quality of life while capitalizing on economic opportunities.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. මාලිමා කාරයෝ සත්තු වත්තට දාලද?

    ReplyDelete
    Replies
    1. ado...නලින් හේවගේ....uba apiwa hina gassala marannada hadanne...

      Delete
  2. සල්ලිවලින් ගණන් හදන්න එපා. පඩිය මදි ජීවත් වෙන්නත්... පහුගිය ආණ්ඩුවල ගොන්නුත් ඔය වගේ ගොන් කතා කිව්වා

    ReplyDelete
  3. පේනවා නේද ඒ කාලේ ලෝකෙ තියෙන කාලකන්නිම රට කියලා මිනිස්සුන්ගේ ඔලු කාපු උන් දැන් රට හොදයි කියලා මොල හෝදන අපූරුව. ඒ කියන්නේ ඒ කාලේ තිබිලා තියෙන්නේ රටේ ප්‍රශ්නයක් නෙවේ මුන් කියපු බොරු වල ප්‍රශ්නයක්.

    ReplyDelete
  4. තව අවුරුදු 5කින් විතර ලක්ශ 13ට ගන්න ජපන් කාරුත් තියෙනවා.

    ReplyDelete
  5. මුන්ට පිස්සු නැත්නම් ෂෝක්...
    🤣🤣🤣

    ReplyDelete
  6. මුන්ට පිස්සු නැත්නම් ෂෝක්...
    🤣🤣🤣

    ReplyDelete
  7. ඇමති තුමා ඇත්ත කතාව
    අපේ ගමේ සුනිල් කියල වැලේ වැල් නැති හාදයෙක් හිටිය.
    උගේ ලංකට් එක පවා අරන් දුන්නෙ දයාසාන්ත අයිය
    දැන් ඌ යන්නෙ එන්නෙ BMW වල V8 වල
    දුව ඉගෙනගන්නෙ එංගලන්තෙ
    ලඟදි ඕස්ට්‍රේලියාවේ ගිහිං FB එකේ පොටෝත් දාල තිබුන

    ReplyDelete
  8. මේ පාර පොය්හ් ගන්න සෙනග විතරයි. එච්චර පොත් විකිනිලා නෑ. මුන් දැකල නෑ වෙන ආන්ඩු කාලෙ පොත් ගත්ත හැටි. හෑවගේ කියන්නෙ හානවටනෙ. පුච්චානම් කතා අහ අහ ඉන්න වෙලා 68 ලක්ශෙ ගව රැල නිසා.

    ReplyDelete
  9. 2029 මේ.. දෙහිවල සත්තු වත්තට පුදුමාකාර සත්තු 159 +1 එවනවා ප්‍රදර්ශනය කරන්න .... එම නිසා දැන්ම කුඩු 160ක් පමණ අළුතින් හදන්න පටන් ගන්න ඇමති තුමෝ එදාට සෙනග පොරකමින් තමයි එන්නේ JVP සත්තු බලන්න

    ReplyDelete
  10. Zoo is seen by 2 million out of 22 million per day, that is 10% of population?
    Am I mad ?

    ReplyDelete
    Replies
    1. Yes you are mad. He said about income per day without expenses, not the profit.

      Delete
  11. ඒක හරි.. සත්තු වත්තේ හිටිය සෙට් එක පාර්ලිමේන්තුවට ගෙනල්ල දාලා .. උන් කියන කියන එකට අතුයි කකුලියි දෙකම උස්සනවා .. හරි ශන්ටෝශෙන් ඉන්නේ ... අයියා නංගි එකතුවෙලා හදපු මල්ලි පුතා වාගේ

    ReplyDelete
  12. මාලිමාව නිසා මිනිස්සු දැන් සතුටින් ලු ලු ලු
    මු මේක දැනගැ තියෙන්නේ මුන්ගේ . ඩෝ බිලගෙන් .
    ගමකට පල පකෝ ගිහින් නිස්සුන්ගෙන් අහ්පිය ක්පොහොමද දැන් සැපද කියල.

    ReplyDelete
  13. Minissu trip edath giya, adath yanawa. Wenasa thamyi, Dan trip yana ewun kanne bonne nathuwa lewakanawa. Gas yata hari, anunge gedaraka lagala hari dawasa shape karagannawa salli nathi nisa. athi, nathi paratharaya hitha gannawath baha.

    ReplyDelete
  14. Apith hariima thanthooseng inne

    ReplyDelete
  15. Booruwo Aneh Mage Kata

    ReplyDelete
Previous Post Next Post