වාහන ලියාපදිංචිය ඉහලට..


සැප්තැම්බර් මාසය තුළ මෙරට අලුතින් ලියාපදිංචි කරන ලද සමස්ත වාහන සංඛ්‍යාව 53,856ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව 'එච්.එන්.බී. ස්ටොක්බ්‍රෝකර්ස්' ආයතනය නිකුත් කළ නවතම දත්ත වාර්තාවක දැක්වේ.

මෙය පසුගිය අගෝස්තු මාසයේදී වාර්තා වූ නව වාහන ලියාපදිංචි කිරීම් 45,569 හා සැසඳීමේදී සියයට 18.2ක කැපී පෙනෙන වර්ධනයකි. ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී සියයට 13කින් පහත වැටී තිබූ දේශීය වාහන ලියාපදිංචිය, සැප්තැම්බර් මාසයේදී මෙලෙස යළිත් ඉහළ නැඟීම ක්ෂේත්‍රයේ සාධනීය පිබිදීමක් බව එම ආයතනය පෙන්වා දෙයි.

සැප්තැම්බර් මාසයේ වාර්තා වූ නව ලියාපදිංචි කිරීම් අතරින් සිංහල කොටස හිමිව ඇත්තේ යතුරුපැදි සඳහාය. ඒ අනුව ලියාපදිංචි කර ඇති යතුරුපැදි සංඛ්‍යාව 38,719ක් වන අතර, එය ඊට පෙර මාසයට සාපේක්ෂව සියයට 15.2ක ඉහළ යාමකි.

එමෙන්ම නවතම මෝටර් රථ සහ SUV රථ ලියාපදිංචියද සියයට 35.5කින් ඉහළ ගොස් ඒකක 2,337ක් ලෙස සටහන්ව තිබේ. මීට අලුත්ම මෝටර් රථ 751ක් සහ SUV රථ 1,586ක් ඇතුළත් වේ.

මීට අමතරව, සැප්තැම්බර් මාසය තුළ වාණිජ මෝටර් රථ 2,081ක් ලියාපදිංචි කර ඇති අතර, ඉන් රථ 1,281ක්ම නවතම වාහන ලෙස හඳුනාගෙන ඇත.

විදේශ විනිමය අර්බුදය හමුවේ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ පසුගිය වසර කිහිපය තුළ මෝටර් රථ වෙළෙඳපොළ දැඩි පසුබෑමකට ලක්ව තිබිණි.

කෙසේ වෙතත්, දේශීයව එකලස් කරනු ලබන වාහන සඳහා වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් නිර්මාණය වීම, බැංකු ණය පොලී අනුපාතික පහත වැටීම සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය හමුවේ පාරිභෝගික විශ්වාසය යළි ගොඩනැඟීම මෙලෙස වාහන ලියාපදිංචිය යළි ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.





Significant Surge in Vehicle Registrations Observed in September

Data released by HNB Stockbrokers indicates a substantial increase in the total number of newly registered vehicles in Sri Lanka for September, reaching an impressive 53,856. This marks an 18.2% rise compared to the 45,569 registrations recorded in August.

After experiencing a 13% dip in local vehicle registrations in August relative to July, this rebound serves as a positive signal for the industry, highlighting a notable recovery trend, according to the report.

The surge in registrations predominantly involved motorbikes, which accounted for the majority with 38,719 newly registered units, reflecting a 15.2% increase from the previous month.

Additionally, the registration of new motor vehicles and SUVs also saw a significant uptick of 35.5%, totaling 2,337 units, which includes 751 new motor vehicles and 1,586 SUVs.

In September, 2,081 commercial vehicles were registered, of which 1,281 were classified as new vehicles.

The vehicle market had been facing severe setbacks over the past few years, largely due to the suspension of vehicle imports amidst foreign exchange crises. However, analysts suggest that the growing demand for locally assembled vehicles, coupled with declining bank interest rates and a return of consumer confidence, has played a crucial role in the resurgence of vehicle registrations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. දැන් ටික දවසකට කලින් කිව්වා නේද වාහන විකිණෙන්නෙම නෑ, මිළ බැහැලා කියලා.... දැන් ආයෙ නැඟල ලු ද? මෙරෙන්චිගේ කට ඇරියොත් කියන්නේ බොරු. ඕකා කියන එකට සම්පූර්ණ අනික් පැත්ත තමයි ඇත්ත.

    අහින්සක මිනිස්සු මුලා කරලා වාහන සේල් කාරයන්ට අසීමිත විදියට ලාභ ලබන්ඩ කටයුතු කරණ එක තමයි ජපන් වාහන ගෙන්වන හැම ආයතනයක් ම කරන්නේ. එක රීකන්ඩිෂන් (අන්රෙජිස්ටර්ඩ්) වාහනයකින් ආදායම් බදු ගෙවූ පසු සේල් කරුවන් ලබන ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ 30ක් හෝ ඊට වැඩි ගණනක් මිසක් අඩු නෑ. බ්‍රෑන්ඩ්නිව් (ඔඩෝමීටරයේ සඳහන් වන දුර ප්‍රමාණය කිලෝමීටර් 50ක් හෝ ඊට අඩු) වාහනයකින් ලබන ලාභය රුපියල් ලක්ෂ 60 කට වැඩියි.

    කොළඹ සහ නුවර ප්‍රධාන වාහන ගෙන්වන්නන් ඔඩෝමීටරය වෙනස් කරන් නෑ, ගාල්ලෙත් මම දැනුවත් ව එවැනි තත්වයක් තවම නෑ. නමුත් කුරුණෑගල සිංහල වාහන සේල් කාරයෝ සියලුම දෙනා ඔඩෝමීටරය වෙනස් කරණවා. කුරුණෑගලින් ජපන් වාහන ගන්ඩ එපා.

    ඔඩෝමීටරය වෙනස් කල විට වාහනයේ ඇත්තටම ධාවනය වෙලා තියෙන දුර, ධාවනය වූ බවට පෙන්වන දුරට වඩා අඩුයි, එවිට ඔබ වාහනයේ සත්‍ය වටිනාකම, සත්‍ය වටිනාකමට ගෙවන බදු මුදල, වංචනිකව උලුප්පා පෙන්වන වටිනාකම, එම වටිනාකමට රජයට ගෙවා නැති එහෙත් ගෙවූ බවට ඔබට පවසන බදු මුදල, සහ ඔබට නොපවසන වාහන සේල් කරුවන්ගේ අති සුවිසල් ලාභය ගෙවිය යුතුයි. හොඳම විකල්පය මොකක් හරි ඉන්දියන් වාහනයක් ගන්න එක. නැත්නම් ජපානයෙන් සෘජුව වාහන ගෙන්වා ගන්ඩ. සේල් කාරයොන්ට තමන්ගේ වටිනා ධනය (සමහරු තමන්ගේ ඉඩ කඩම් විකුණා හෝ සොයා ගන්න මුදල්) නිස්කාරණේ දෙන්ඩ එපා, සේල් කාරයෝ හැමෝම මේ වාහන මිළදී ගත්තට පස්සේ තොපිට පුකෙන් හිනා වෙනවා අරූගෙන් හොඳ කුට්ටියක් කැඩුවා කියලා. ඔබ නොදැනුවත් ව, ඔබ ඇන්දිලා ඉවරයි, ලංකාවේ ජපන් වාහන ස්කෑම් එකට.

    ReplyDelete
Previous Post Next Post