සවුදි අරාබියේ අගනුවර වන රියාද්හි පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත දින දෙකක් ඇතුළත එල්ල වූ දෙවන ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් තහවුරු කළ බව BBC පුවත් සේවය වාර්තා කරයි.
ඉරිදා දිනයේදී රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් එහි අංක 4 දරන මගී පර්යන්ත ශාලාවේ ගින්නක් හටගෙන ඇති අතර, ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ එහි පදිංචිව සිටි පාකිස්තාන ජාතිකයෙකු බව සවුදි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර තිබේ.
මීට පැය 24කට පෙර, එනම් සෙනසුරාදා දිනයේදීද එම ගුවන් තොටුපොළ ඉලක්ක කර එල්ල වූ දරුණු ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 308 දෙනෙකු තුවාල ලැබීය.
පසුගිය පෙබරවාරියේදී ඊශ්‍රායලය, අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව ගල්ෆ් කලාපයේ අරාබි රටකට එල්ල වූ දරුණුතම තනි ප්‍රහාරය එය ලෙස සැලකෙන අතර, එහිදී සවුදි, බංග්ලාදේශ, අමෙරිකානු, ඉන්දීය, ජෝර්දාන, පලස්තීන, සිරියානු, සුඩාන සහ ඊජිප්තු ජාතිකයෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
යේමනයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී හූති සටන්කාමීන් මෙම ප්‍රහාර මාලාවේ වගකීම භාරගෙන ඇති අතර, පසුගිය පැය 24 පුරා බැලිස්ටික් හා කෲස් මිසයිල මෙන්ම ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඔවුන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම නැගෙනහිර සවුදි අරාබියේ ධම්මාම් ගුවන් තොටුපොළට සහ තෙල් පහසුකම් පද්ධතිවලටද ප්‍රහාර එල්ල කළ බව හූති හමුදා ප්‍රකාශක සඳහන් කර තිබේ.
ශුද්ධ වූ මක්කම සහ මදීනා නගර හැර සවුදි අරාබියේ පිහිටි සෙසු සියලු ගුවන් තොටුපොළවල් තමන්ගේ ප්‍රහාරක ඉලක්ක බවට පත්විය හැකි බැවින්, සවුදි ගුවන් සීමාව හා ගුවන් තොටුපොළ භාවිත කිරීමෙන් වළකින ලෙස හූතිවරු ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් සහ මගීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිති.
මේ අතර සවුදි ප්‍රමුඛ හමුදා සන්ධානයේ ප්‍රකාශක මේජර් ජනරාල් තුර්කි අල්-මලිකි ප්‍රකාශ කර ඇත්තේ, රියාද් ගුවන් තොටුපොළ ආසන්නයේදී මිසයිලයක් ගුවනේදීම විනාශ කිරීමට සිය ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වූ බවයි. සවුදි අරාබියට එල්ල වන මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස හෙළා දකින බවද සන්ධාන හමුදා සඳහන් කරයි.
හූතිවරුන්ට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කරන්නේද යන්න පිළිබඳව අමෙරිකාව ඉතා කඩිනමින් තීරණයක් ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.
එමෙන්ම සවුදි අරාබියට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් වෙස් ස්ට්‍රීටින් පවසා ඇති අතර, අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් යේමන දේශසීමාව ආසන්න ප්‍රදේශ ඇතුළු සවුදි අරාබියේ ඇතැම් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය සිය වැසියන්ට අවවාද කර ඇති බවද බීබීසී වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
Second Attack in Riyadh Airport Claims Life and Leaves Several Injured
In a tragic escalation of violence, one person has lost their life and eleven others have sustained injuries following a second attack at the international airport in Riyadh, Saudi Arabia. This incident, which occurred just two days after a previous severe assault, has been confirmed by local authorities and reported by the BBC.
The assault on Sunday targeted the King Khalid International Airport, setting fire to Terminal 4, which is used for passenger flights. The fatality has been identified as a Pakistani national residing in the area, according to the Saudi Civil Aviation Authority.
Just 24 hours earlier, a brutal attack on the same airport resulted in the deaths of thirteen individuals, with an additional 308 people reported injured.
Following clashes that erupted in February between Israel, the United States, and Iran, this recent string of attacks is believed to be among the most severe assaults on an Arab country in the Gulf region. Citizens from various nations, including Saudi Arabia, Bangladesh, the United States, India, Jordan, Palestine, Syria, Sudan, and Egypt, have lost their lives as a result.
The Yemen-based Iran-aligned Houthi militants have claimed responsibility for these attacks, asserting that they have employed ballistic missiles, cruise missiles, and drones in recent strikes over the past 24 hours. Additionally, they indicated that targeted assaults were also aimed at Dammam airport in eastern Saudi Arabia and oil facilities.
The Houthis have cautioned international airlines and travelers that all airports in Saudi Arabia, except for the holy cities of Mecca and Medina, could become potential targets for further aggression.
Meanwhile, Major General Turki al-Maliki, a spokesperson for the Saudi-led military coalition, reported that their air defense systems successfully intercepted a missile during an attempt on the Riyadh airport. He characterized these attacks against Saudi Arabia as acts of war crimes.
In the United States, President Donald Trump has indicated that a prompt decision will be made regarding military action against the Houthis. Secretary of State Marco Rubio has condemned the attacks with severity.
UK Defense Secretary Ben Wallace also expressed readiness to provide support to Saudi Arabia, while the British Foreign Office has issued warnings to its citizens to avoid travel to certain areas of Saudi Arabia, including regions near the Yemeni border, due to security concerns highlighted in BBC reports.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
