කොළඹ කොටස් අද ලොකු පල්ලමකට..


 කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සහ එස් ඇන්ඩ් S&P SL20 දර්ශකය කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කරමින් අද (22) දිනයේ ගනුදෙනු නිමාවට පත්විය[.

වෙළෙඳපොළ දත්ත වාර්තාවලට අනුව, දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය  ඒකක 209.38 කින් හෙවත් සියයට 1.05 ක ප්‍රතිශතයකින් පහත වැටී ඒකක 19,717.92 ක් ලෙස සටහන් විය. 

එමෙන්ම වඩාත් සක්‍රීය සමාගම් නියෝජනය කෙරෙන S&P SL20 දර්ශකය ද ඒකක 38.43 කින් හෙවත් සියයට 0.68 කින් පහත වැටී ඒකක 5,618.48 ක් දක්වා අවප්‍රමාණය වී තිබේ.

දිනය ආරම්භයේදී දර්ශකයන් සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිය ද, වෙළෙඳපොළ සැසිය පුරා ක්‍රමිකව වර්ධනය වූ විකුණුම් පීඩනය හේතුවෙන් පස්වරුව වන විට දර්ශක දෙකෙහිම අඛණ්ඩ පසුබෑමක් ප්‍රස්ථාරික සටහන් මගින් මනාව නිරූපණය වේ.

අද දින වාර්තා වූ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් 1,101,637,327.35 ක් (රුපියල් බිලියන 1.10 ඉක්මවූ අගයක්) වන අතර, කොටස් ගනුදෙනු 15,370 ක් සිදු කර තිබිණි. එහිදී හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය 64,277,219 කි.





Colombo Stock Market Declines Amid Increased Selling Pressure

The Colombo stock market experienced a notable downturn today, with all share price indices and the S&P SL20 index reflecting significant losses by the end of trading on the 22nd.

According to market data, the all share price index fell by 209.38 points, or 1.05%, closing at 19,717.92. Similarly, the S&P SL20 index, which represents the most actively traded companies, decreased by 38.43 points, translating to a 0.68% decline, ending the day at 5,618.48.

While indices opened at relatively high levels, persistent selling pressure throughout the trading session led to a continuous downward trend, clearly illustrated in the statistical records by late afternoon.

The total market turnover reported today reached a staggering Rs. 1,101,637,327.35, exceeding Rs. 1.1 billion, with a total of 15,370 transactions conducted. Overall, 64,277,219 shares changed hands during the trading day.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ආ ඒකට කමක් නෑ, ඥාණසාර හාමුදුරුවන්ගෙ සිවුර ගැලෙව්වනෙ.

    ReplyDelete
Previous Post Next Post